Posts

       ළමා පොත් සංගමයේ ගරු උපදේශක මණ්ඩලය සහ ලියාපදිංචි සාමාජිකයන්ගේ දැනගැනීම සඳහා;  අවුරුදු පනහකට ආසන්න අපේ ස්වේච්ඡා සංවිධානයට සියලු දෙනාගෙන්ම ලැබෙන චෝදනාවක් තමයි අවුරුදු හතළිහක් තිස්සේ සේවය කරලත් හරියට කාර්යාලයක්වත් ලබාගන්න බැරි උනේ මොකද කියන විත්තිය. ඊට හොඳ සාධකයක් වන්නේ සංගමය හරහා ගිය බොහෝ දෙනෙක් සංගමය අමතක කර තමන්ගේ කටයුතු පමණක් සිදුකර ගැනීම.  ඒ සඳහා හොඳම නිදසුනක් වන මේ සමග  දක්වන  මාතලේ ස්වාමීන් වහන්සේ පිළිබඳව තොරතුරක් මේ සමග ඔබගේ දැනගැනීම සඳහා  එවන්නෙමු.  මෙවැන්නක් හඳුන්වාදීමේ අපේක්ෂාව වන්නේ හැකියාවක් ඇත්නම් එම ස්වාමීන් වහන්සේට අපත් සමග එකතු වී සවියක් ව පෙරට යාමට වතුමන්ගේද සහයෝගය සහ ශක්තිය ලබා ගැනීමයි.  එම ආරාධනයට පළමුවෙන්ම එම චරිත ලක්ෂණ හඳුනා ගැනීම පිණිසයි මෙම තොරතුරු දන්වා සිටින්නේ. පසුගිය කාලය මුළු ලේ මෙවැනි චරිත ගණනාවක්ම අප සංගමය අසරණ තත්ත්වයට පත්වීමට හේතු වී ඇති බවද සිහිපත් කරමු.  අපේ ලොකු හාමුදුරුවනේ, , ඔබ වහන්සේ නවසීලන්තේට ගිහින් ආපසු වැඩම කළේ කවද්ද? නවසීලන්තයට ගියාට පස්සේ අපේ සංගමයට ගොඩක් උදව් උපකාර කරනවා කිව්වා. ...
Image
                ශ්‍රී ලංකා ළමා සාහිත්‍යයේ නොමැකෙන සිහිවටන;  ළමයින්ට ළමයින් විසින් පොත් ලිවීම නොකළ යුක්තක්ය යන සමාජ ස්ථාවරය දෙදරවා හරිමින් යුනෙස්කෝ මූලස්ථානයේ උපදෙස් පරිදි කොළඹ ළමා පොත් සංගමය විසින් ඉතිහාසයේ ප්‍රථම වරට ළමයින් විසින් ලියන ලද පොත් ළමයින් සඳහා සුදුසුය’ යන  අදහස සනාථ කෙරෙමින් නව ළමා සාහිත්‍යයේ ප්‍රගමනයේදී ලේඛක වරම් ළමයින් සඳහා උදාකර දීමේ උදාර කටයුත්ත 1985 දී පමණ ආරම්භ කරන ලදී.  එදා  සිටම පැවැති ළමා කුසලතා වර්ධනය වන සුවිශේෂී   ළමා සාහිත්‍යය වැඩසටහනක් වන ‘’ වසන්ත ළමා කඳවුරේ’’ දී ලංකාවේ ්‍රථම ළමා ලේඛකයා බිහි වුන අතර, ඔහු  උකුවෙල නිශාන්ත කුමාර නැමැති කුසලතා සපිරි දරුවෙක් විය. ඇතැම් සාහිත්‍යධරයන්ගේ මහත් විවේචනයට හේතු වූ මෙම වැඩසටහන සඳහා විනිශ්චයකරුවන් ලෙස මහාචාර්ය සුනන්ද මහින්ද, සාහිත්‍ය සූරී එඩ්වින් ආරියදාස සහ ජනප්‍රිය චිත්‍ර ශිල්පිනී  සිබිල් වෙත්ත සිංහ මහත්මිය සහභාගි කරවා ගැනීමට සංගමයට හැකි විය.  එබැවින් එම වැඩසටහනට විරුද්ධ වන්නා සේම ආසිරි පතන්නන්ද සමාජයෙන් බිහි විය. ළමයින් සඳහා ළමයින් විසින...
Image
            Children’s Literature; ශ්‍රී ලංකාවේ පැරණි තම ප්‍රකාශන ආයතනයක් වන ‘දැනුම ප්‍රකාශයකයෝ ‘ යටතේ ආරම්භක සමයේදී කොළඹ ළමා පොත් සංගමය විසින් ළමා පොත් එකින් එක ප්‍රකාශයට පත් කරමින් මෙරට ළමා සාහිත්‍යය පිළිබඳව යෝද වැඩසටහනක් දියත් කරන ලදී.  1999 වසරේ දී ළමා පොත් සංගමය විසින් නිකුත් කරන ලද 185  වැනි ළමා පොත වුයේ ‘’ ‘’ අපට කුමටද භේද’’ යන  ළමා පොතයි. ඉතිහාසයේ ප්‍රථම වතාවට මහියංගනයේ බින්තැන්න වැදි ජනපදයේ දී ළමා පුස්තකාලයක් පිහිටවූ  ින් අතැර සංවිධානය කිරීමෙහි ලාභය මූලික වුණේ හියංගන වැදි ජනපදයෙන් ප්‍රථම වතාවට සරසවියට ගිය දඹානේ ගුණවර්ධනය මහතාය. කොළඹ ළමා පොත් සංගමය මහියංගන ජාතික පාසල කේන්ද්‍ර කොට ගෙන විශේෂයෙන්ම ළමා සාහිත්‍යය වැඩසටහන් මාලාවක් දියත් කරන ලදී. මෙම සජීවී වැඩසටහන පිළිබඳව එවකට මහියංගන ජාතික පාසලේ විදුහල්පති ඒ ඩබ්ලිව අබේරත්න බණ්ඩා මහතා  තැබූ සටහනක මෙසේ සඳහන්ය. ‘’ කොළඹ ළමා පොත් සංගමය ජාතියේ අනාගත පරපුර ලේඛන කලාවට හුරු කිරීමේ ජාතික මෙහෙවරට දායක වී සිටීම ප්‍රශංසා කළ යුතු වටිනා කටයුත්තක් වෙයි.  ‘’ කුසට ආහාර මෙන් මොලයට පොත්පත්’...
Image
  මෙවර ලංකාදීප  පුවත්පතේ තක්සලාව අතිරේකය තුළින් සුවිශේෂී චරිතයක් හඳුන්වා දී තිබුණි.  ‘’ වගකීමට වඩා වග වීම අදහන අතිරේක ලේකම්වරිය’  නමින් එම සටහන ලියා තිබුණේ අප සංගමයේ සුවිශේෂී චරිතයක් වන අනුෂා ගෝකුළු මැතිණිය පිළිබඳවයි.  එම පුවත ළමා පොත් සංගමයේ දෙස් විදෙස් ියලු සාමාජික සාමාජිකාවන්ගේ ආදරයට හා ගෞරවයට පාත්‍ර වනු නිසැකය.  අපිදු එසේම ඊට හරසර දක්වමු. අනුෂා ගෝකුල යනු  තම ජීවිතයේ ළමා කාලය - ළමා පොත් සංගමය තුළින්ම පෝෂණය කරගත් කුසලතා සපිරි චරිතයක් වීම ඊට  ්‍රධාන හේතුවයි.   පසුකාලීනව සමස්ත ජනතාව අතරම බැබලෙන චරිතයක් බවට පත්ව සිටින ඇයගේ ජීවිත කතාව අපේ වත්මන් සාමාජිකයන්ට හඳුන්වා දීම අපගේ වගකීමක් සේම  යුතුකමක් වන බව අපි අදහමු.  ඊට හේතුව වන්නේ අප නිරතුරුවම කතා කරන  ළමා කුසලතා වර්ධනය සඳහා හොඳම ආදර්ශයක් ඇය විසින් සමාජයට සපයා දී තිබීමයි. 40 වසරකට වැඩි ළමා පොත් සංගමයේ දිගුකාලීන වැඩසටහනට මෙම ආදර්ශමත් චරිත  කතාව සැබෑ සවියක් වන්නේමය.  එවැනි ආදර්ශවත් චරිත  අද ජීවත් වන ළමා පරපුරට හුවා දැක්වීමෙන් ළමා පොත් සංගමය සමාජයට සිදු කරන මහා මෙහෙ...
Image
            ඉහතින් සඳහන් වන්නේ ඊස්‍රායලයේ වත්මන් යුද භූමියට මුහුණ දී සිටින කාන්තාවන් විසින් පළ කරන ලද තොරතුරක්. ඊශ්‍රායෙල් පලස්තීන   යුධ ගැටුම් අතර හිරවී සිටින ශ්‍රී ලාංකික ජනතාවට මහත් සැනසුමක් බවට පත්ව සිටින්නේ වර්තමාන ශ්‍රී ලංකා   තානාපති නිමල් බණ්ඩාර මහතාණන් ය .  එතුමන්ගේ මෙම මානව හිතවාදී  ගුණාංගය ඇති වූයේ අද ඊයේ සිට නොවේ. ඕනෑම කෙනෙකු විසින් පෙන්වන සත්‍යයක් ඊයෙ පෙන්නන පුද්ගලයාගේ තරාතිරම දෙස නොබලා එය අවංකව පිළිගැනීම එතුමන් සතු උතුම් මානව ගුණ ධර්මයක් බව මා දැන සිටින්නේ වසර ගණනාවකට ඉහත සිටය. මට පළමුවෙන්ම එතුමා හා සම්බන්ධතාවයන් ගොඩ නැගුණේ අදින් වසර විසි පහකටත් වඩා ඉහත කාලයේ සිටය.  එදා එතුමන් කුරුණෑගල  මහ ඇමති කාර්යාලය ප්‍රධාන ලේකම් ධූරය  ඉසිලුවේය.  එකල මහජන බැංකුවේ කලා කවයේ සභාපති ලෙස කටයුතු කළෙමි.  කුරුණෑගල පැවති  රාජ්‍ය සාහිත්‍ය උත්සවයකට කලා කවයේ සභාපති වෙත්ද මහ ඇමති කාර්යාලය ලේකම් තුමන් ලෙස එතුමන්ගෙන් ආරාධනාවක් එවා තිබුණි. ඉන්පසු එතුමා අධ්යාපන අමාත්යාශය ලේකම් ලෙස කටයුතු කරන සමයේ මා ද ළමා ඉතුරුම් පිළිබ...
Image
දොළොස් මහේ පහණ තුළින් ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථම ස්ථානය සහ දෙවන ස්ථානය දිනාගත් හැටි! අ පො ස සාමාන්‍ය පෙළ දරුවන් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අනුමත කරන ලද නව නිර්දේශයට අනුව මා විසින් ලියන ලද ‘’ සරල ගණිතය’’  නමැති පොත  සඳහා රජයේ අනුමත කළ ප්‍රථම පොත විය.  ගණිතමය සංකල්ප ඔස්සේ අපේ රටේ දරුවන්ට මා විසින් නිර්මාණය කරන ලද,  ්‍රථම බැංකු ගිණුම වන ‘’ සිසු උදාන’’ ළමා ගිණුම කුසලතා සපිරි දරුවන්ට සුවිශේෂී ුල්‍ය පහසුකම් රැසක්ම ලබා දෙන ලදී. එම ගිණුම මහජන බැංකුව තුලින් හඳුන්වාදීමෙන් පසුව දක්ෂතා පෙන්වන දරුවන්ට විවිධ තෑගි හා කුසලතා ලබා දීමේ වැදගත්කම මම බැංකු බලධාරීන්ට පෙන්වා දුනිමි.  ඉන්පසුව මවිසින් පාසල් දරුවන්ට ාසල් බැංකු ක්‍රමය හඳුන්වා දුනිමි.  ඒ සඳහා උසස් පෙළ පන්ති වල වානිජ අංශයේ උගත් දක්ෂ සිසු දරුවන් බැංකු නිලධාරීන් ලෙස පුහුණු කළෙමි. වාණිජ අංශයේ ගුරුභවතෙකු බැංකු කළමනාකරු ලෙස පුහුණු කළෙමි. මෙම කාර්යය සඳහා න් ඔලුව තියෙන සාර්ථකම  වෘත්තිය අධ්‍යාපන ක්‍රමයත් වන  පින්ලන්තයේ ත්තීය පාසල් අධ්‍යාපන ක්‍රමය හදාරා සිටීම මට මහෝපකාරී විය.  ඉන්පසුව උසස් පෙළ සමත් දරුවන් සරස...