ඉහතින් සඳහන් වන්නේ ඊස්‍රායලයේ වත්මන් යුද භූමියට මුහුණ දී සිටින කාන්තාවන් විසින් පළ කරන ලද තොරතුරක්.
ඊශ්‍රායෙල් පලස්තීන යුධ ගැටුම් අතර හිරවී සිටින ශ්‍රී ලාංකික ජනතාවට මහත් සැනසුමක් බවට පත්ව සිටින්නේ වර්තමාන ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතාණන් ය .
එතුමන්ගේ මෙම මානව හිතවාදී ගුණාංගය ඇති වූයේ අද ඊයේ සිට නොවේ. ඕනෑම කෙනෙකු විසින් පෙන්වන සත්‍යයක් ඊයෙ පෙන්නන පුද්ගලයාගේ තරාතිරම දෙස නොබලා එය අවංකව පිළිගැනීම එතුමන් සතු උතුම් මානව ගුණ ධර්මයක් බව මා දැන සිටින්නේ වසර ගණනාවකට ඉහත සිටය.
මට පළමුවෙන්ම එතුමා හා සම්බන්ධතාවයන් ගොඩ නැගුණේ අදින් වසර විසි පහකටත් වඩා ඉහත කාලයේ සිටය. එදා එතුමන් කුරුණෑගල මහ ඇමති කාර්යාලය ප්‍රධාන ලේකම් ධූරය ඉසිලුවේය. එකල මහජන බැංකුවේ කලා කවයේ සභාපති ලෙස කටයුතු කළෙමි. කුරුණෑගල පැවති රාජ්‍ය සාහිත්‍ය උත්සවයකට කලා කවයේ සභාපති වෙත්ද මහ ඇමති කාර්යාලය ලේකම් තුමන් ලෙස එතුමන්ගෙන් ආරාධනාවක් එවා තිබුණි.
ඉන්පසු එතුමා අධ්යාපන අමාත්යාශය ලේකම් ලෙස කටයුතු කරන සමයේ මා ද ළමා ඉතුරුම් පිළිබඳ ජාතික සම්බන්ධීකරණ නිලධාරියා ලෙස කටයුතු කරන සමයේ නැවතත් එතුමන් හමුවීමට මග පෑදුනේ අහම්බයකින් මෙන්. ඒ 2008 වසරේදීය. අධ්‍යාපන ලේකම්වරුන්ගේ ාත්‍යන්තර සමුළුවක් වොෂින්ටනයේදී පැවැත්විණි.
එම සමුළුව සම්බන්ධීකරණය කළ ජාත්‍යන්තර ළමා චිත්‍ර පදනම අධ්‍යක්ෂ තුමා විසින්එහිදී ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ලේකම්තුමා හමුව, ළමා පොත් සංගමය ගැනත් එහි සභාපති ගැනත් තොරතුරු අපේ ලේකම්තුමා ගෙන් විමසා ඇත.
පසුව වොෂින්ටනයේ සිට දුරකථනයෙන් දුරකථනයෙන් මා ඇමතූ එතුමා,
‘’ ඔබ හා ඔබේ සංගමය පිළිබඳව මූ චින්තනි පවා ඇත්තේ යහපත් ප්‍රතිචාර බවත්, තමන් ලංකාවට ආපසු ඉසුරුපායේ දී තමන් හමු වීමට කැමැත්තෙන් සිටින බවත් එතුමා පවසන ලදී.
ඒ අනුව ඉසුරුපායේ දී එතුමන් හමුවී සුහද කතා බහක් ද පවත්වා අප සමු ගැනීමට පළමුව, ‘’ අවශ්‍යතාවයක් උනොත් මෙන්න මගේ දුරකථන අංකය..’’ යැයි කියමින් එතුමන්ගේ පෞද්ගලික දුරකථන අංකය පවා නිහතමානී ලෙස මට ලබා දුන්නේය.
ඊට මාස කීපයකට පසුව ිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් වූ අතර, ළමා පොත් සංගමයේ දොළොස්මහේ පහන් වැඩසටහන අනුව ප විසින් සංවිධානය කළ විශේෂ ආදර්ශ අධ්‍යාපනික වැඩසටහන තුළින් 2005 වසරේ සිට ඉදිරියට ගෙන ආ සිසු දරුවන් කණ්ඩායමද 2008 ිෂ්‍යත්ව විභාගයට වාඩි කරවන ලදී.
එවර ිෂ්‍යත්ව විභාගයේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ථානය linsey බාලිකාවෙ අං ජනා සේනාධීර සහ දෙවන ස්ථානය කැස්බෑව ධර්මසේන ආටිගල විදුහලේ himani umesha විසින් දිනා ගන්නා ලදී. එම සිසු දැරියන් දෙදෙනාම දොළොස් මහේ පහන යටතේ ාර්ථක ලෙස අධ්‍යාපන කටයුතු කළ සිසුවියන් දෙදෙනෙකි.
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ිශිෂ්ට අධ්‍යාපන කුසලතා පෙන්වන ශිෂත්ව සාමාන්‍ය පෙළ හා උසස් පෙළ දරුවන්ට පානයේ අධ්‍යාපන චාරිකාවක් ලබාදීම යටතේ anjana ටත් එම චාරිකාව යාමට අවස්ථාව උදාවිය.
මෙම චාරිකාවට සියල්ල සූදානම් වෙමින් තිබුණි. එහෙත් එම දක්ෂ සිසු දරුවන් කණ්ඩායම භාරව යාමට නියමිතව සිටියේ අමාත්‍යාංශයේ ආධුනික නිළධාරි වරියකි.
මෙම ආධුනික චාරිකාවට පළපුරුදු නිලධාරියකු යවන ලෙස එම දරුවන්ගේ දෙමව්පියන් විසින් ්‍රබල ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණි.
එහෙත් සියල්ල සාධාරණව නිමකල ලේකම්තුමා, එතුමා ගේ තීරණය වෙනස් නොකිරීමට තීරණය කර තිබුණි.
ජපන් චාරිකාව යාමට දවසක් හෝ දෙකක් තිබියදී උණුසුම් ව සිටී දරුවන්ගේ දෙමව්පියන් ඉසුරුපාය ඉදිරිපිට නොසන්සුන්ව සිටියහ. මේ අතරේ සිටී අනා දියණියගේ මවට මීට පළමුව ලේකම්තුමා පිළිබඳ වොෂින්ටන් චාරිකාවේ කතාව මවිසින් කියා තිබූ අයුරු සිහිපත් විය. ඒ අනුව ඇය නොපමාව බොරැල්ලට පැමිණ මා හමු වුවාය.
ඒ වන විට රටේ වගකිවයුත්තන්ගේ ද ැවෙන ප්‍රශ්නයක් බවට පත්ව තිබූ දක්ෂ සිසුන් ගේ ජපන් චාරිකාව පිළිබඳ පුවත ඒ දෙමව්පියන් කණ්ඩායම විසින් ම මා වෙත ද දන්වා සිටියහ.
ලේකම්තුමාගේ ස්ථාවර තීරණය සඳහා අපගේ යෝජනා ඉදිරිපත් කිරීමට මා පළමුව අකමැති වුවත්, අවසානයේ මේ බැරෑරුම් ගැටලුව සඳහා අපේ අදහසක් ඉදිරිපත් කිරීමට මම තීරණය කෙළෙමි.
මම එතුමා ඇමතුවෙමි. සුහද කෙටිකතාවකින් පසු මගේ අදහස ඉදිරිපත් කලෙමි.
‘’ඒ තීරණය කෙසේවත් වෙනස් කරන්නෙ නෑ…’’ එතුමා අධිෂ්ඨානශීලිව කීවේය.
‘ යි ඔබ මේ ප්‍රශ්නය ගැන උනන්දු වන්නේ?’
‘ මගේ දරුවෙකුත් මෙම චාරිකාවට යනවා..’ මම කීවෙමි.
ඒ ගැන එතුමා විමසද්දී මා කීවේ ළමා පොත් සංගමයේ සාමාජික දරුවන් සියල්ල මගේ දරුවන් ලෙස මා සලකන නිසා anjana ද මගේ දරුවෙකු ලෙස මහා සලකන බවයි.
‘ එදා කරළියේ දැවෙන ප්‍රශ්නයක් ව තිබූ ෙම ප්‍රශ්නයට මා විසින් විකල්ප යෝජනාවක් එතුමාට ඉදිරිපත් කලෙමි. ‘’ මෙම කණ්ඩායමට අදාල දෙමව්පියන්ගෙන් නියෝජිතයෙක් කෝ නියෝජිතවරියක් සහභාගි කළොත් හොඳයි නේද?’’
මා කළ යෝජනාවට එතුමන් එකඟතාවය පළ කිරීම ළමා පරපුර වෙනුවෙන් කැපවූ මගේ ජීවිතය තුළ මා ලද තවත් ඓතිහාසික සාර්ථකත්වයක් ලෙස මම සැමදා අගය කරමි.
‘’ හා ඒකට කමක් නැහැ. ැබැයි අමාත්‍යාංශයෙන් කිසිම වියදමක් දරන්න බැහැ…’’
එතුමා ලබාදුන් අනුමැතිය යටතේ මවිසින් එම කණ්ඩායමේ එක් අයෙකු ජපන් චාරිකාව යාමට නම් කර දෙන ලෙස දන්වා සිටිමි.
මුළු රටේම දැවෙන ප්‍රශ්නයක් බවට පත්ව තිබූ, එම ගැටළුවට මා විසින් ඉදිරිපත් කළ යෝජනාව පිළිගැනීමට තරම් එතුමා නිහතමානි වීම පිළිබඳව මම අදටත් එතුමාට ගෞරව කරමි.
Comments
Post a Comment