මෙවර ලංකාදීප පුවත්පතේ තක්සලාව අතිරේකය තුළින් සුවිශේෂී චරිතයක් හඳුන්වා දී තිබුණි.
‘’ වගකීමට වඩා වග වීම අදහන අතිරේක ලේකම්වරිය’ නමින් එම සටහන ලියා තිබුණේ අප සංගමයේ සුවිශේෂී චරිතයක් වන අනුෂා ගෝකුළු මැතිණිය පිළිබඳවයි.
එම පුවත ළමා පොත් සංගමයේ දෙස් විදෙස් ියලු සාමාජික සාමාජිකාවන්ගේ ආදරයට හා ගෞරවයට පාත්‍ර වනු නිසැකය. අපිදු එසේම ඊට හරසර දක්වමු.
අනුෂා ගෝකුල යනු තම ජීවිතයේ ළමා කාලය - ළමා පොත් සංගමය තුළින්ම පෝෂණය කරගත් කුසලතා සපිරි චරිතයක් වීම ඊට ්‍රධාන හේතුවයි.
පසුකාලීනව සමස්ත ජනතාව අතරම බැබලෙන චරිතයක් බවට පත්ව සිටින ඇයගේ ජීවිත කතාව අපේ වත්මන් සාමාජිකයන්ට හඳුන්වා දීම අපගේ වගකීමක් සේම යුතුකමක් වන බව අපි අදහමු. ඊට හේතුව වන්නේ අප නිරතුරුවම කතා කරන ළමා කුසලතා වර්ධනය සඳහා හොඳම ආදර්ශයක් ඇය විසින් සමාජයට සපයා දී තිබීමයි. 40 වසරකට වැඩි ළමා පොත් සංගමයේ දිගුකාලීන වැඩසටහනට මෙම ආදර්ශමත් චරිත කතාව සැබෑ සවියක් වන්නේමය. එවැනි ආදර්ශවත් චරිත අද ජීවත් වන ළමා පරපුරට හුවා දැක්වීමෙන් ළමා පොත් සංගමය සමාජයට සිදු කරන මහා මෙහෙවර පිළිබඳව අපූරු චිත්‍රයක් නිර්මාණය කර දීමට පුළුවන. ඒ අනුව අද ජීවත් වන වැඩිහිටියන්ට මෙන්ම වත්මන් ළමා පරපුරටත් එවන් බැබලන චරිත වලින් අපට අපූරු සජීවී පණිවිඩයක් පෙන්වාදීමට පුළුවන.
ඇයට ඇතැම් විට පැවසීමට නොහැකි මෙම අතීත කතාව මා සඳහන් කරන්නේ එම අපූරු ජීවිත කතාව වර්තමාන අප සංගමයේ සාමාජිකයන්ටද අපූරු ආදර්ශයක් වේවා යන හැඟීමෙනි’
අදින් වසර තිස්පහකට පමණ පෙර, ළමා පොත් සංගමයට ඇය එකතු වුණේ අහම්බෙන් මෙනි. මෑත දී අපෙන් සමු ගත් ඇගේ පියාණන් නිවසට ගෙන ආ පත්තර කෑල්ලක තිබූ සටහනක් දෙස මෙම දියණියගේ නෙත් යොමු විය.
‘’ ඔබේ ගමටත් ළමා පුස්තකාලයක්’’ යනුවෙන් එම පත්තර කෑල්ලේ තිබූ ලිපිනයට ලිපියක් ලිවීමට ඇය අදිටන් කර ගත්තාය. කුරුණෑගල මතව නමැති ගම්මානයෙන් ජීවත් වූ ඇය එම ප්‍රදේශයේ විදුහල්පති පියාගේ සහ ගුරු මවකගේ එකම දරුවා වූවාය. ඇය කොළඹට එවූ ලිපියට සතියක් ඇතුළත ඇයට බර ලිපියක් ලැබුණි. ක් එම ලිපිය ගේ ජීවිතයට ලැබුණ ප්‍රථම ලිපිය ද විය.
එක අවස්ථාවක සංගමයේ වැඩ මුළුවකදී ඇය විසින්ම කියූ පරිදි, තම ජීවිතයේ මුල් වතාවට ලැබූ එම ලිපි පාර්සලය යි එක අතකින් ඔසවාගෙන සතුටින් නටමින් ගේ වටා සත්වරක්ම දිව්වාය. පියා ගෙදර ආපසු එම ලිපියේ තොරතුරු අනුව මතව ගම්මානයේ ්‍රථම වරට නිල්මිණි පුස්තකාල පාඨක සමාජය ආරම්භ කිරීමට ඇය මුල් වූවාය. ඒ තුළින් මුළුගම්මානයේ ළමා කණ්ඩායම එකතු කිරීමට සමත් වූ ඇය එක්තරා දිනක කොළඹ නමැති විශාල නගරයට ප්‍රථම වරට පැමිණියේ ළමා පොත් සංගමය සංවිධානය කර තිබූ විශේෂ ළමා වැඩසටහනකට සහභාගි වීමටයි.
කොළඹ නගරයට ඇය ප්‍රථම වරට පැමිණි ස්ථානය බොරැල්ලේ පිහිටි කොළඹ ළමා පොත් සංගමයයි. තම ජීවිතයට නවමු අත්දැකීම් රැසක් හිමිකර දුන් පොත් සංගමයේ ‘දොළොස්මහේ පහන’ ඇගේ ජීවිතයට අපූරු පහනක් විය. ඇය විසින් තම ජීවිතයේ ප්‍රථම වතාවට ලියූ ළමා අත්පිටපත ද අදටත් ළමා පොත් සංගමේ සුරැකිව තබා ඇත.
පොත් සංගමයේ සාමාජිකාවක වශයෙන් සංගමේ විවිධාකාර වැඩසටහන් වලට නොකඩවා සහභාගි වූ ඇය පසු කලෙක, සංගමේ උපදේශිකාවක් ලෙස කටයුතු කරමින් එම වැඩසටහන්වලට දේශන පැවැත්වීමට ඉදිරිපත් වූවාය.
2002 වසරේ ඇගේ ජීවිතයට තවත් අපූරු අත්දැකීමක් ලබා දීමට කොළඹ ළමා පොත් සංගමයට හැකි විය. 2002 වසරේ ජාත්‍යන්තර ළමා චිත්‍රපදනම විසින් වොෂින්ටනයේ පවත්වන ලද, ලෝක ළමා සමුළුවට සහභාගි කරවීමට සංගමයට හැකි විය.
ඇයගේ ප්‍රථම විදේශ සංචාරය වූ මෙම ලෝක සමුළුව ඇගේ ජීවිතය ආලෝකමත් කිරීමට බොහෝ උපකාරී විය.
වර්තමාන සමාජ තලයේ අනුශා ගෝකුළ නම් වූ එම පරිපූර්ණ සමාජ සේවිකාව බිහිකිරීමට කොළඹ ළමා පොත් සංගමය බොහෝ සේ උපකාරී වූ බව අපේ වර්තමාන ළමා සාමාජිකයන්ට අප නිහතමානීව හඳුන්වා දෙන්නෙමු.
අද ජීවත්වන අපේ ළමා සාමාජිකත්වයට අනුෂා මැතිනිය වැනි චරිතයක් වෙත යාමට ශක්තිය ධෛර්යයෙන්ම ලැබේවායි අපේ පැතුමයි’
ළමා පොත් සංගමයේ විශේෂ අධ්‍යාපනික වැඩසටහන් තුළින් 2008 වසරේ ශිෂ්‍යත්වයේ ප්‍රථම ස්ථානය දිනූ කොටිකාවත්තේ අන්ජනා සේනාධීර නම් සාමාජිකාව නිතරම කියා සිටියේ තමන් කවදා හෝ අනුෂා ගෝගල මැතිනිය වැනි චරිතයක් බවට පත්වන බවයි. ඒ අවස්ථාව වන විට ඇය හෝ ඇගේ මෑණියන් අනුෂා මහත්මිය දැක සිටියේ නැත.
මේ අනුව වරක් ලුම්බිණි මහා විද්‍යාලයේ පැවැති වැඩමුළුවක දී මෙම දෙදෙනා මුණ ගැස්වීමට අප විසින් වැඩසටහනක් සංවිධානය කරන ලදී.
එම සංවේදී අවස්ථාවේදී සියලු දෙනාගේම දෑස් වලට උණු කඳුළු ගලා ආ අයුර අදටත් අප ආදරයෙන් සිහිපත් කරන්නෙමු.
අනුශා මහත්මියගේ පින්තූරයෙන් දැක්වෙන දරුවන් තිදෙනාද ආරම්භක සමයේ ළමා පොත් සංගමයේ ප්‍රබල සාමාජිකයන් වූ අතර .ඔවුන් බොහෝ දිනවල සංගමයේ රඳවා තබා අනුෂා මහත්මිය විවිධ වැඩසටහන්වලට ගිය ආකාරය අපට අදටත් මතකය.
අද ජීවත් වන ළමා පරපුරටත් හෙට දිනයේ අනුෂා මැතිනිය වැනි චරිතයක් දක්වා වර්ධනය වීමට දොළොස්මහේ පහන වැනි වැඩසටහනක් ආදර්ශයක් වේවා
Comments
Post a Comment