දොළොස් මහේ පහණ තුළින්

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථම ස්ථානය සහ දෙවන ස්ථානය දිනාගත් හැටි!

අ පො ස සාමාන්‍ය පෙළ දරුවන් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අනුමත කරන ලද නව නිර්දේශයට අනුව මා විසින් ලියන ලද ‘’ සරල ගණිතය’’  නමැති පොත  සඳහා රජයේ අනුමත කළ ප්‍රථම පොත විය.

 ගණිතමය සංකල්ප ඔස්සේ අපේ රටේ දරුවන්ට මා විසින් නිර්මාණය කරන ලද,  ්‍රථම බැංකු ගිණුම වන ‘’ සිසු උදාන’’ ළමා ගිණුම කුසලතා සපිරි දරුවන්ට සුවිශේෂී ුල්‍ය පහසුකම් රැසක්ම ලබා දෙන ලදී. එම ගිණුම මහජන බැංකුව තුලින් හඳුන්වාදීමෙන් පසුව දක්ෂතා පෙන්වන දරුවන්ට විවිධ තෑගි හා කුසලතා ලබා දීමේ වැදගත්කම මම බැංකු බලධාරීන්ට පෙන්වා දුනිමි.

 ඉන්පසුව මවිසින් පාසල් දරුවන්ට ාසල් බැංකු ක්‍රමය හඳුන්වා දුනිමි.

 ඒ සඳහා උසස් පෙළ පන්ති වල වානිජ අංශයේ උගත් දක්ෂ සිසු දරුවන් බැංකු නිලධාරීන් ලෙස පුහුණු කළෙමි. වාණිජ අංශයේ ගුරුභවතෙකු බැංකු කළමනාකරු ලෙස පුහුණු කළෙමි. මෙම කාර්යය සඳහා න් ඔලුව තියෙන සාර්ථකම  වෘත්තිය අධ්‍යාපන ක්‍රමයත් වන  පින්ලන්තයේ ත්තීය පාසල් අධ්‍යාපන ක්‍රමය හදාරා සිටීම මට මහෝපකාරී විය.

 ඉන්පසුව උසස් පෙළ සමත් දරුවන් සරසවියට පියෙන තුරු විවේකීව ගතකරන මාස හයක පමණ කාලය අපතේ යා නොදී  ඔව්න්ට බැංකු කවුන්ටර සේවය හඳුන්වා දුනිමි .

අද වන විට සියලුම බැංකු පාහේ ාමාන්‍ය පෙළ සමත් දරුවන් තම තමන්ගේ බැංකුවල counter සේවා සඳහා පුහුණුව ලබාදෙන ආකාරය මම දකිමි.

 2005දී තවත් අලූත් අත්දැකීමකට මුල පිරුවෙමි.

 එනම් දොළොස් මහේ පහන රාථමික දරුවන්ගේ අධ්‍යාපනයට බලපාන ආකාරය ප්‍රායෝගික වශයෙන් සොයා බැලීමයි.  ශ්‍රී ලංකාවේ සාක්ෂරතා මට්ටම වර්ධනය කිරීම පිණිස මා විසින් ඉදිරිපත් කළ පස් අවුරුදු සාක්ෂරතා වර්ධන වැඩසටහන ්‍රංශ යුනෙස්කෝ මූලස්ථානය අනුමත කිරීමෙන් පසුව ්‍යාපන අමාත්‍යාංශය ඔස්සේ පස් වසරක් ිස්සේ සාර්ථකව ක්‍රියාත්මක කෙළෙමි.

 එම යුනෙස්කෝ විශේෂඥයන්ගේ උපදෙස් පරිදි ්‍රී ලංකාව වැනි නොදියුණු රාජ්‍යයකට සාර්ථක සංවර්ධනයක් කරා යාමට උපයෝගී වන සමාජ ආර්ථික හා සංස්කෘතික ්‍රියාකාරකම් ඇතුලත් වසරේ මාස 12 පුරා ක්‍රියාත්මක වන ළමා කුසලතා වර්ධනය කෙරෙන ්‍යාපනික ක්‍රියා පිළිවෙතයි ඒ පාන යනුවෙන් හඳුන්වන්නේ.

 2004 නවසීලන්තයේ පැවති දු රාජ්‍ය මණ්ඩලයීය අධ්‍යාපනඥයන්ගේ සමුළුවේදී, මෙම දොලොස් මහේ පහනේ ්‍රියාකාරීත්වය මා විසින් පැහැදිලි කළ පසු, එම සමුළුව තීරණය කෙළේ මෙම ක්‍රියා පිළිවෙළ ස්ත පොදු රාජ්‍ය මණ්ඩලය අතරම ක්‍රියාත්මක සැඟවුණු ළමා කුසලතා එළි දැක්වීමට සමත් හොඳම වැඩසටහන බවයි.

 ඒ අනුව 2005 වසරේ සිට ්‍රාථමික වසර දරුවන් අධ්‍යාපන කුසලතා සංවර්ධනය වෙත දොළොස් මහේ පහන කුමන ආකාරයේ  බලපෑමක්   කෙරෙන්නේද  යන්න ප්‍රායෝගිකව  අත්දැකීමට වැඩසටහනක් දියත් කළෙමි.

 ඒ අනුව 2005 වසරේදී ළමා පොත් සංගමයේ දොළොස් මහේ පහන ්‍රාථමික දරුවන් කණ්ඩායමක් සමග දිය කිරීමට විශේෂ වැඩසටහනක් ආරම්භ කෙළෙමි.

එම ප්‍රායෝගික වැඩසටහන සඳහා එවක දෙක වසරේ උගත් දරුවන් කණ්ඩායමක් දොළොස්මහේ පහනට සම්බන්ධ කර ගතිමි.

 කොටිකාවත්තේ සිට බම්බලපිටියේ ලින්සේ බාලිකාවට ගිය දියණියන් පිරිසක් ද ඒ අතර විය. එහෙයින් පළමුවෙන් මෙම වැඩසටහනට ඇතුළත් වූයේ කවිෂ්කා රණවීර සහ ඇගේ අක්කා වන  Telani  රණවීරයි. 

තවත් දියණියක් වූයේ piliyandala ර්මසේන ආටිගල විද්‍යාලයෙ

 imesha ශාමලී දියණියයි.

 මෙම වැඩසටහනට සතියකට හමාරකට පමණ පසුව තවත් දියණියක් එකතු වූවාය.

මෙම විශේෂ සිසු කණ්ඩායමට වරින් වර  සිසුන් ඇතුලත්  නොකිරීමට අපේක්ෂා කළ හෙයින් පසුව පැමිණි දියණිය පිළිබඳව ඇගේ මව සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සිදු විය.

 එම දියණිය ගේ මව සහ අප අතර එදා ඇති වූ දෙබස මෙසේ ය.

‘’ ඔබ මෙම  දැනුම අධ්‍යාපනික වැඩසටහනට යොමු වූයේ  ඇයි?

සර්ගෙ මෙම අධ්‍යාපන වැඩසටහන  ඉගෙන ගන්නා දරුවන්ට බොහෝම යහපත් බව    මොහාන් මල්ලි ගෙන් මා දැනගත්තා. 

(Mohan මල්ලි යනු  අපගේ අධ්‍යාපන රටාව යටතේ මාධ්‍ය වටිනාකම හොඳින්ම තේරුම් ගෙන  මාධ්‍ය ක්ෂේත්‍රයට ගොස්   පසුව ශ්‍රී ලංකා රූපවාහිනී  සංස්ථාවේ  ලාබාලම ප්‍රවෘත්ති අධ්‍යක්ෂ පදවියට පත්  මොහාන් කරුණාරත්න පුතාය.)

  එසේ නම් මෙම මවට පගේ අධ්‍යාපන රටාව පිළිබඳව හොඳ අවබෝධයක් ඇතැයි මම සිතුවෙමි.

 අහිංසක සිනහවක් පාමින් සිටී කුඩා දියණිය තරමක් තරබාරු පෙනුමක් ඉසිලුවා ය.  ඉන්පසු අප විමසා සිටියේ දියණියගේ අධ්‍යාපන කාලසටහන පිළිබඳවයි.

 තමන් කොටිකාවත්තේ පදිංචි බවත්,  එහෙ සිට බම්බලපිටියේ ලින්සේ බාලිකා ව දක්වා දිනපතා බස්රියෙන් ගමන් කරන බවත් ඇය පැවසුවාය. ඉන්පසු දින දෙකක් හෝ තුනක් බාහිර පන්ති වලට සහභාගී වන බවත් සති අන්තයේ ශරීර අභ්‍යාස වැඩ සටහනකට සහභාගී කරවන බවත් පැවසුවාය.

  ඔබගේ අධ්‍යාපන සුදුසුකම් කෙසේද?

 මම විමසුවෙමි.

 මම උසස් පෙළ දක්වා ඉගෙන ගෙන ඇත්තෙමි.  ඇය පැවසුවාය.

 මට ඉන්නේ මේ එකම දරුවා පමණයි. මහත්තයා රජයේ රැකියාවක් කරනවා. තින් අපේ එකම දියණියට හොඳම අධ්‍යාපනයක් දෙන්නයි අපගේ උත්සාහය.  අම්මා පැවැසුවාය.

ඉතින් ඔබ දෙදෙනාට සිටින එකම දරුවාට ඔබල ගොඩක්ම ආදරය දක්වනවා නම්,  අප දෙන උපදෙස් පිළිපදින්නට සූදානම්ද?

 මම විමසුවෙමි.

 ඔව් සර්,  ඒ උපදෙස් පිළිගන්න සූදානම්.

‘’ ඔබගේ උගත්කම අනුව 2 වසරේ ඉගෙන ගන්නා ඔබේ දුවට ාසලේ අධ්‍යාපනය ට අමතරව ඔබට ඇයගේ පාඩම් කියා දෙන්න පුළුවන් නේද?

 මම විමසුවෙමි.

‘’ ඔව් සර්. මට පුළුවන්..’’

 එසේනම් මෙතරම් කුඩා දරුවෙක් වෙනත් පන්ති වලට යවන්නේ ඇයි?

 ඇය නිරුත්තර වූවාය.

 ඉන්පසු මවට දුවගේ  අධ්‍යාපන කාල සටහන සකස් කර ගැනීමට මම උදව් වුණෙමි.

 ඒ අනුව සතියෙ දිනවල බාහිර පන්ති යාම  දැමීමට සහ මව විසින් වශ්‍ය පාඩම් කියා දීමට එකඟ වූවාය.

 තරමක් තරබාරු සිරුරක් දුවට තිබූ නිසා සති අන්තයේ රීර අභ්‍යාස වැඩසටහනට සහභාගී වීමට අපි එකඟ වූයෙමු.

ඉන්පසුව ෙම ආදර්ශවත් ශිෂ්‍ය කණ්ඩායම දොළොස් මහේ පහන අපූරු වැඩසටහනට මහත් උනන්දුවෙන් සහභාගි කෙරෙව්වේමු.

ජනවාරි මාසයට නියමිත මව් පිය වන්දනාව ඇතුළු දොළොස්මහේ පහන සියලුම වැඩසටහන් වලට මෙම දරුවන් අතර තිබුනේ පුදුමාකාර උනන්දුවකි.  එම වැඩසටහන් වලට සාර්ථක සහභාගී වීම වෙනුවෙන් සංගමයෙන් ලබා දෙන කුසලතා වර්ධනය ලකුණු ලබා ගැනීමට වූ අතර තිබුණේ ඊටත් වඩා උනන්දුවකි.

 මෙම කණ්ඩායම අතර කිසියම් හෝ ාසික ක්‍රියාකාරකමකට එක ලකුණක් හෝ අඩු වුවහොත් ඔවුන් අතර තිබූ ඝට්ටනය බේරා ගැනීමට වැඩිහිටි මව්පිය සහය පවා අවශ්‍ය වූ අවස්ථා තිබුණි.

 එක දවසක් අගෝස්තු මාසයට නියමිත දීප චාරිකාව  මහියංගණයට යාමට තීරණය කර තිබුණි.  එකී කණ්ඩායමට පස් දෙනෙකුට නොඅඩු කණ්ඩායමක් සංවිධානය කරන සිසුවාට හෝ සිසුවියට සංගමයෙන් දියඵ චාරිකා ටී ෂර්ට් එකක් ලබාදීමට තීරණය වී තිබුණි.

කොටිකාවත්තේ අංජන සේනාධීර නම් වූ මෙම දියණියට තම අම්මා හා තාත්තා ඇතුළුව කණ්ඩායමත් සකස් කර ගැනීමට දෙදෙනෙක් අඩු විය. අම්මට ඇවිටිලි කරමින් ඇය ඒ දිනවල  රෙදිපිළි ව්‍යාපාරයක යෙදී සිටි මාමා ද බලෙන් ඇවිටිලි කරමින් මෙම සංචාරයට ගෙන ආවේ ඇයට නායකත්වය ගැනීමට ඇති අඩුව පිරවීම සඳහා ය.  අපගේ දීප චාරිකාව අහල පෙරහර ොටිකාවත්ත ප්‍රදේශයෙන්  ඉදිරියට ඇදෙද්දී පුංචි  anjana නායකත්ව ටී ෂර්ට් එක ඇඳගෙන අම්මගේ අතේ එල්ලීගෙන අනෙක් අතින් පාරට අත දිගුකරමින් අපගේ වාහන පෙර අර නැවැත්වීමට ගත් එඩිතර උත්සාහය මට අදටත් හොඳටම මතකය. 

මෙම ආදර්ශවත් ශිෂ්‍ය කණ්ඩායම 5  වසර ශිෂ්‍යත්වයට  ඉදිරිපත්වූයේ  2008 වසරේදීය. 

එම වසරේදී ද රට පුරා ලක්ෂ තුනකට අධික සිසු දරුවන් පිරිසක්  කුඩා දරුවන්ට හිසරදයක් වන මෙම තරගකාරී විභාගයට ඉදිරිපත් වී සිටියහ.

 ඒ දිනවල  ශිෂ්‍යත්ව ප්‍රතිඵල   රූපවාහිනි ප්‍රවෘත්ති වලින් කියවුනේ   මැතිවරණ  ‍ ප්‍රතිඵල ප්‍රකාශ කරන්නා සේය.

 අපිදු ඒ පිලිබඳව උනන්දුවෙන් සවන් දුනිමි.  එදින දවල්  ්‍රවෘත්තිවලින් ශිෂ්‍යත්ව ප්‍රතිඵල කියැවුණි’

 ෙවර පහේ ශිෂ්‍යත්වයෙන්  වැඩිම ලකුණු හිමි කර ගෙන දිවයිනේ ප්‍රථම ස්ථානය දිනා සිටින්නේ කොළඹ ලින්සේ බාලිකා වේ  Anjana  සේනාධීර ශිෂ්‍යාවයි………’’  කියත්ම ඇත්තෙන්ම මගේ ඇඟේ හිරිගඩු පිපුණා.

 දොළොස් මහේ පහනේ පූජනීය බලවේගයක තරම !  ශිෂත්ව විභාගයේ දෙවැනි ස්ථානයත්  දිනා සිටියේ මෙම  සුවිශේෂී කණ්ඩායමේ සංගමයේ යාවජීව සාමාජික ිලියන්දල ධර්මසේන ආටිගල විද්‍යාලයේ imesha දියණියයි.

 අපේ සුවිශේෂී කණ්ඩායමේ ළමයෙක් ගණනාව ම ූලික ජයග්‍රහණයන් 20 අතර සිටීම තවත් පුදුමයක් විය.

ඔක්තෝබර් 14 වෙනි දිනට යෙදී  තිබුන මගේ උපන්දිනය වෙනුවෙන් රකාපොල ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ගම්මාන දහයකට රුපියල් ලක්ෂයක පමණ පොත් තිළිණ කිරීමේ මහා පිංකම සංවිධානය කිරීමට සැදී පැහැදී සිටි  එදා කණ්ඩායමේ  කවිෂ්කා දියණිය අද වන විට කැළණිය සරසවියේ ජනසන්නිවේදන පාඨමාලාව ාර්ථක ලෙස  සම්පූර්ණ කර සිටී.

 ඇගේ අක්කා Telani මෙරට සරසවි අධ්‍යාපනය නිමකර ැඩිදුර අධ්‍යාපනය සඳහා දැනට ඕස්ට්‍රේලියාවට ගොස් සිටී.

එක දවසක් තම පාසලේ ිසු උදාන ප්‍රවර්ධන රැස්වීමක් පැවැත්වෙන බවත් ඒ උත්සවයට සර්  එන්නෙ නැතිදැයි anjana ගේ මව මගෙන් විමසා සිටියාය.  මට ආරාධනා නැති බවත් ලැබුණොත් පැමිණෙන බවත් මම කීවෙමි. එඩිතර කාන්තාවක් වූ ඇය හොඳයි අපි ඒ ගැන බලා ඉන්නම් යයි කියා රැස්වීමට ගියාය.  අගමැතිතුමාගෙ  ප්‍රධානත්වයෙන් සිසු උදාන රැස්වීම පැවති බව ආරංචි විය.  අංජනාගේ  ජනතාව අතර පිටුපස සිටියාය.  අගමැති තුමාගේ කතාව ආරම්භයට පෙර එකවරම පිටුපස සෙනග අතරින් හදිසි බැනරයක් බැවිනි. 

එහි මෙසේ ලියැවී තිබුණි. ‘’  මෙම රැස්වීමට සිසු උදාන නිර්මාතෘ වරයා කෝ?’’ අංජනාගේ මෑණියන් විසින් ඔසවන ලද ඒ කොඩිය ඉවත් කරන ලෙස එහි සිටි පොලිස් නිලධාරීන් විසින් උපදෙස් දී ඇත.

 ඊළඟ අවස්ථාවේ හේ ශිෂ්‍යත්වය සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ මස්ත ලංකා ජයග්‍රහකයන් සඳහා වාර්ෂිකව  ්‍යාපන අමාත්‍යාංශයෙන් ලබාදෙන විශේෂ චාරිකාවට ළමයෙන් සූදානම් වූහ.

 සියලු දෙනාම පාහේ ඊට කැමැති වුවද අංජනාගේ මව ඒ සඳහා අකමැති වූයේ තරුණ වියට එළඹෙමින්  සිටි  තම කුඩා දියණිය තනිවම එවන් චාරිකාවකට වීමට අකමැති වීම නිසා ය.

 අනික් හේතුව  එවක අධ්‍යාපන ලේකම්වරයා විසින්  මෙම චාරිකාවට යන ළමයි කණ්ඩායම රැගෙන යාමට ආධුනික නිලධාරිනියක් නම් කර තිබීම ය.

 සියලුම දෙමව්පියන් ඊට විරුද්ධ වීම නිසා ෙම ගැටලුව රටේ බලවත් ප්‍රශ්නයක් බවට පත් විය. ප්‍රධාන සංඝ නායක වරු පමණක් නොව ධ්‍යාපන ඇමති මෙන්ම රජය පවා මෙම ගැටලුවට මුහුණ දුන් නමුත් එදා සිටි ලේකම්තුමා තමන් ගත් තීරණය වෙනස් නොකළේය.

ඊට මාස කීපයකට පෙර washington යේ පැවති අධ්‍යාපන ලේකම්වරුන්ගේ සමුළුවකට සහභාගි වූ අපේ ලේකම්තුමාට ත්‍යන්තර ළමා චිත්‍ර පදනම සභාපතිතුමා හමුවී ඇත,  එහිදී එතුමා විසින් අප ළමා පොත් සංගමය හා අප පිළිබඳව දැක්වූ ගරු සැලකිල්ල ගැන බෙහෙවින් පැහැදුණු අපේ ලේකම්තුමා ලංකාවට ආපසු මා ඉසුරුපායට කැඳවා එතුමා බොහෝ ස්තුති කළේය.

 ඕනෑම අවස්ථාවකදී එතුමා ඇමතීමට පෞද්ගලික දුරකථන අංකය පවා මට දී තිබුණි.

 මෙම කරුණ මගේ හිතවත් දෙමව්පියන් සමග ද මා පවසා සිටියේ අප  සංවිධානයට මිල මුදල් හෝ ගොඩනැගිලි නැතත් ලෝකෙ ඉදිරියේ අපි සුවිශේෂී නාමයක් ගොඩනගා ඇති බව පෙන්වීමටය.

 මෙම අවස්ථාවේ ජපන් චාරිකාවට සිසුන් රැගෙන යන ආධුනික නිලධාරිනියට දසතින්ම විරෝධතා නැගෙද්දී චාරිකාවට දරුවන් පිටත් වන දිනය කෙමෙන් ලගා විය.

 මෙම විරෝධතා කණ්ඩායමට ඉසුරුපායට ඇතුළු වීම පවා තහනම් කර තිබූ දින වකවානුවකි ඒ දිනයන්.

  anjana ගේ මගේ මෑණියන්ට  මවිසින් කියා තිබූ කතාව හදිසියේම සිහිපත් වී බොරැල්ලෙ අපේ කාර්යාලයට ඇය දිව ආවේ කුමන හෝ සහනයක් පතාගෙන ය.

 අවසන.  මා ලේකම්තුමා අමතා එතුමාට කළ මගේ යෝජනාව එතුමා ඉහළින්ම පිළිගත්තේය.  ඒ අනුවඑම දක්ෂ සිසුන් කණ්ඩායම සමග ජපානයට යාමට  උන්ගේ වැඩිහිටියකු ද එම කණ්ඩායමට ඇතුළු කිරීමට මා කළ යෝජනාව ලේකම්තුමා පිළිගත්තේය.

 රටටම අවුලක් වූ එම ගැටළුව තුල මහේ පහනේ ආනිශංසයෙන් විසඳා දීමට අපට හැකිවිය.

 ජපන් චාරිකාවට ගොස්  ආපසු පැමිණි අංජනා දියණිය මට තෑගි වශයෙන් ගෙනත් දුන්  උණ බම්බු වලින් සෑදූ රුවල් නැව අදටත් මගේ වීදුරු අල්මාරිය තුල තැන්පත්ව තිබේ.

 මෙහි සම්පූර්ණ කතාව   මවිසින් ලියූ ‘’ දොළොස් මහේ පහන’’

 පොත් පිංචතුළ ඇතුළත්ව ඇත. 


 

Comments

Popular posts from this blog