ළමා පොත් සංගමයේ ගරු උපදේශක මණ්ඩලය සහ ලියාපදිංචි සාමාජිකයන්ගේ දැනගැනීම සඳහා;
අවුරුදු පනහකට ආසන්න අපේ ස්වේච්ඡා සංවිධානයට සියලු දෙනාගෙන්ම ලැබෙන චෝදනාවක් තමයි අවුරුදු හතළිහක් තිස්සේ සේවය කරලත් හරියට කාර්යාලයක්වත් ලබාගන්න බැරි උනේ මොකද කියන විත්තිය. ඊට හොඳ සාධකයක් වන්නේ සංගමය හරහා ගිය බොහෝ දෙනෙක් සංගමය අමතක කර තමන්ගේ කටයුතු පමණක් සිදුකර ගැනීම.
ඒ සඳහා හොඳම නිදසුනක් වන මේ සමග දක්වන මාතලේ ස්වාමීන් වහන්සේ පිළිබඳව තොරතුරක් මේ සමග ඔබගේ දැනගැනීම සඳහා එවන්නෙමු.
මෙවැන්නක් හඳුන්වාදීමේ අපේක්ෂාව වන්නේ හැකියාවක් ඇත්නම් එම ස්වාමීන් වහන්සේට අපත් සමග එකතු වී සවියක් ව පෙරට යාමට වතුමන්ගේද සහයෝගය සහ ශක්තිය ලබා ගැනීමයි. එම ආරාධනයට පළමුවෙන්ම එම චරිත ලක්ෂණ හඳුනා ගැනීම පිණිසයි මෙම තොරතුරු දන්වා සිටින්නේ.
පසුගිය කාලය මුළු ලේ මෙවැනි චරිත ගණනාවක්ම අප සංගමය අසරණ තත්ත්වයට පත්වීමට හේතු වී ඇති බවද සිහිපත් කරමු.
අපේ ලොකු හාමුදුරුවනේ,
, ඔබ වහන්සේ නවසීලන්තේට ගිහින් ආපසු වැඩම කළේ කවද්ද?
නවසීලන්තයට ගියාට පස්සේ අපේ සංගමයට ගොඩක් උදව් උපකාර කරනවා කිව්වා.
ඒ නිසා මා බලාන හිටියේ අපේ ළමා පරපුර වෙනුවෙන් මොනවා හරි සහයෝගයක් ලබාදෙයි කියලා.
මා දැන් අසනීප වෙලා ඉන්නේ. මට මතක් වෙනවා අපේ ඉතිහාසය.
ඔබවහන්සේ රත්මලානේ පිරිවෙනට ඉගෙන ගන්න යන සාමණේර කාලෙදි මතක ද බුලත්කොහු පිටියේ ලොකු පන්සලේ ලොකු හාමුදුරුවන් ලවා ඔබ වහන්සේට අහිමිව තිබූ ලොකුම බලාපොරොත්තුව වූ යටපාන ගම්මානයේ මිනිසුන් විසින්ම වසා දමා තිබූ පන්සල නැවත විවෘත කරන්න ඔබ වහන්සේ තුළ තිබූ දැඩි අපේක්ෂාව.
ඔබ වහන්සේගේ ඉල්ලීම පරිදි මා ඒ සඳහා බුලත් කොහුපිටියේ ඔබ වහන්සේගේ නායක හාමුදුරුවන් හමුවී ඔබ වහන්සේගේ සමාජ සංවිධාන ශක්තිය පෙන්වා දෙමින් යටපාන පන්සල හරි තත්ත්වයට ගෙන ඒමට වෙනත් කිසිවෙකුට නැති කුසලතාවයන් ඔබවහන්සේට ඇති බව දන්වමින් ඔබ වහන්සේ වෙනුවෙන් මා විසින් ලබා දුන් සහයෝගය.
එදා යටපාන ගමේ සිටි හාමුදුරුවන් ගම්මුන් විසින් පන්නා දමා පන්සල දිගු කාලයක් වසා දමා තිබූ අවස්ථාවක- පන්සල පාලු වෙලා තිබූ සමයක එහි නැවතත් ඔබ වහන්සේට යාමට හැකි වන පරිදි සතියක් පුරා පිරිත් දේශනා කරමින් ටිකෙන් ටික යථා තත්ත්වයට ගත් හැටි.
මේ අසනීප වෙලාවේ මට ිත්‍රපටයක් වගේ සිහියට එනවා.
ඔබ වහන්සේ අපගේ උපදේශක මණ්ඩලයට කළ බලපෑම් යටතේ ළමා පොත් සංගමයේ සමස්ත ලංකා දහම් පාසල් සංවිධායක ධූරය ලබා ගත් හැටි.
පසුව යටපාන පන්සල ඔබ වහන්සේ විසින් ඉහළම තත්ත්වයට දියුණු කළ හැටි,
ඒ වගේම සමස්ත ලංකාවෙන්ම වැඩිම සක්‍රීය ළමා පුත්තකාල පාඨක සමාජ සංවිධානය කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පෙරට ගෙන ආ හැටි!
ඊටත් පසුව අප සංගමයට කිසිවක් නොදන්වා ජර්මන් ආධාර කණ්ඩායමක් හරහා ඈත ගමක පිහිටි යටපාන පන්සලට විශාල ආධාර මුදල් ජර්මන්කරුවන්ගෙන් ලබා ගත් හැටි.
සංගමයටත් නොදන්වාම ජර්මන් ආධාර කණ්ඩායමේ මහා රැස්වීමක් සංවිධානය කළ හැටි.
මා ඒ රැස්වීමට හදිසියේම පැමිණි අවස්ථාව. සංස්කෘතික ඇමතිවෙනුවට ඒ මහා මන්දිරය විවෘත කිරීමේ අවස්ථාව කිසිවෙක් නොසිතු අයුරින් මට ඒ අවස්ථාව හිමිවුණ හැටි.
ඔබ වහන්සේ එම අවස්ථාවේ දාඩිය පෙරාගෙන මා වෙත පැමිණ ඉතා අසරණ තත්ත්වයට පත් වූ අවස්ථාවේදී පවා ඔබ වහන්සේගේ ගෞරවය නම්බුව මා විසින් ආරක්ෂා කළ හැටි. ඒ ජර්මන් ජාතිකයන් සමූහය සහිත අතාවු ද සෙනෙවිරත්න, බාලසූරිය, හේරත් වැනි මැති ඇමතවරුන් ඉදිරියේ ඔබ වහන්සේ ඉතා අසරණ වූ අවස්ථාව. ඔබ වහන්සේ ඉල්ලා සිටි පරිදිම ඔබවහන්සේ දැන් වූ පරිදිම එම අවස්ථාව සාර්ථක වන්නට ඉඩ දෙමින් මගේ කතාව ජර්මන් භාෂාවෙන් මා කළ අවස්ථාවේ ජර්මානුවන් පුදුමයට පත් වුණ හැටි.
ජර්මාණුවන් මා වෙත පැමිණ අතට අත දී සුභපැතූ හැටි!
මා එදා යථා තත්ත්වය කීවා නම් ඒ සියලුම ආධාර වැඩසටහන් අවුල් වන බව දැනගෙන ඔබවහන්සේගේ අදහස පරිදිමා කතාව ඉදිරිපත් කළ හැටි.
නමුත් අවසානයේදී සංගමයේ දරුවන්ට පොදුවේ හිමිවිය යුතු එම ආධාර පහසුCum ආදී සියල්ල කෑගල දිස්ත්‍රික්කයේ එක මුල්ලක පිහිටි පුංචි ගම්මානයට පමණක් සීමා කරගත් හැටි.
විදේශ ආධාර යටතේ ම අපේ ළමා පරපුරට පොදුවේ හිමි විය යුතුි ශිෂ්‍යත්ව සියල්ල ම ඔබ වහන්සේගේ වැඩසටහනට පමණක් සීමා කරගත් හැටි!
ඉන් පසුව සමස්ත ලංකා දහම් පාසල් සංවිධායක ධූරයෙන් මෙන්ම කෑගල්ල දිස්ත්‍රික් සංවිධායක ධූරයෙන් පවා ඉවත්ව සංගමයෙන් ඔබවහන්සේ ඈත් වූ හැටි!
නැවතත් වසර ගණනාවකට පසු නවසීලන්ත චාරිකාව සඳහා යාමට සූදානම් වී වසර ගණනාවකට පසුව සංගමයට ගොඩ වූ හැටි! එම අවස්ථාවේ මට ඔබවහන්සේ හඳුනා ගැනීමට නොහැකි වූ විට, ඔබ වහන්සේ විසින්ම හඳුන්වා දුන් පසු මා හඳුනා ගත් හැටි!
එම විදේශ චාරිකාවට තානාපති කාර්යාලයෙන් අසිංහලයන් විසින් කරදර කරන හැටි!
ඒ අවස්ථාවේදීත් සංගමයේ කැඞී බිඳී ගියා ඉදිරි දොරටුව ඔබවහන්සේ විසින්ම නැවත සකස් කර දීමට පොරොන්දු වූ හැටි!
ඔබ වහන්සේ සාමණේර පොඩි ස්වාමීන් වහන්සේ නමක්ව සිටියදී සතිපතාම නිරතුරුවම ගොඩ වූ එම යකඩ ගේට්ටුව දැන් අබලන්ව කඩා වැටීමටත් ආසන්නව පවතී.ම ඒ ගැනත් ඔබ වහන්සේගේ අවධානය යොමු කරන්න.
එයින් පසුව නවසීලන්තයට ගිය පසු අපේ ළමා පරපුරට යහපත් කටයුතු තුළින් යහපතක් උදාකර දෙන බවට මගේ සිතේ නව බලාපොරොත්තු නිර්මාණය කළ හැටි!
ඉන් පසුව නවසීලන්තයේ ඔබවහන්සේ සිදුකළ විවිධ පූජනීය කටයුතු පිළිබඳ තොරතුරු මට දන්වා එවූ සහ ඊට අපගේ සතුට පලකල හැටි!
අද වන විට ඔබ වහන්සේ ඉතා සශ්‍රීක තත්ත්වයට පත් වී සිටින ආකාරය එම ඡායාරූපවලින් හෝ දැකීම සතුටක්!
ගරු හාමුදුරුවනේ, , මගේ මුළු ජීවිත කාලයම අපේ ළමා පරපුර වෙනුවෙන් ඉතා අවංකව කැපකර දැන් මා ඉතාමත් දුෂ්කර තත්ත්වයකට පත්ව අසනීපවයි සිටින්නේ.
අප යන ලෝකයක් වෙනුවෙන් යහපතක් කළ යුතු යැයි සිතා සංගමයේ උපදෙස් - ගුරු හරුකම් මැදින් උසස් තත්ත්වයට පත්ව සිටින ඔබ වහන්සේගේ කරුණා දයාව අපේ ළමා පරපුර වෙනුවෙන් ලබා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
දැනටමත් සංගමය විසින් පවත්වන ලද පසුගිය වසරේ තරග හතරක් පහක්ම දුෂ්කර ආර්ථික තත්ත්වය යටතේ දරුවන්ට නියමිත තෑගි සම්මාන සහතික දීමට නොහැකිව්වා පවතිනවා.
මේ මාසයට නියමිත පූජ්‍ය එස් මහින්ද හිමි රචන හා චිත්‍ර තරගයද තවමත් ඒ දුෂ්කරතා නිසා සිදු කර ගැනීමට නොහැකිව සිටිනවා.
ඒ වගේම සංගමයට පමණක් හිමි වන විශේෂ වරප්‍රසාදයක් වන රත්මලාන ගුවන්තොටුපොළේ දී පැවැත්වීමට යෝජිත ළමා නායකත්ව පුහුණු වැඩසටහන ද ආර්ථික දුෂ්කරතාවයන් නිසා තවමත් පමා වෙමින් තියෙනවා.
ඔබ වහන්සේද බෙහෙවින් අගය කළ වසන්ත ළමා කඳවුරද පැවැත්විය යුතු බවට අපේ අහිංසක සාමාජික දරුවන් මෙන්ම රට වටා පිහිටි නායක නායිකාවන්ද ඉල්ලා සිටිනවා.
ඉතින් ලෝක සම්මාන දිනූ ොළඹ ළමා පොත් සංගමය UNESCO ව්‍යාපෘතියේ සමස්ත ලංකා දහම් පාසල් සංවිධායක වශයෙන් ඔබ වහන්සේගේ කාරුණික අවධානය මෙම ඉල්ලීම් වෙත යොමු කර එම කටයුතු සම්පූර්ණ කර අපේ අහිංසක ළමා පරපුරේ අපේක්ෂාවන් ඉටුකරදීමට ඔබ වහන්සේගේ ශක්තිය් සහ අනුග්‍රහය ලබාදෙන ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා.
තෙරුවන් සරණයි!
. මෙයට- හිතාදර
ළමා පොත් සංගමයේ සභාපති- අම්බලම්පිටිය
Comments
Post a Comment