පින්ලන්ත පාරිසරික වැඩසටහන පිළිබඳව ඔබ තුමන්ලාගේ අවධානය යොමු වීම
පිළිබඳව පළමුවෙන්ම මා ස්තුතිවන්ත වෙනවා.
මෙතෙක් අපේ සමාජයේ කිසියම් පිරිසක් විසින් යටගසා ඇති පහත සඳහන් සත්‍යයේ හඬ කියවා බලන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා.
අදින් වසර 40 කට පමණ පෙර කෑගල්ල දිස්ත්රික්කයේ කිතලගමුවේ ්‍රී සංඝබෝධි දහම් පාසල නිර්මාණය කර අංක 2889 යටතේ ංස්කෘතික අමාත්‍යාංශය ලියා පදිංචි කර එහි ආරම්භක ප්‍රධානාචාර්යවරයා ලෙස සේවය කළේ ද මා විසිනි. එමෙන්ම ඒ කාලයේ මා හිතවත් බුදුමග සඟරාවේ කර්තෘ සෝමපාල රාජකරුණා මහතා විසින් බෞද්ධ කටයුතු අමාත්‍යාංශය වෙනුවෙන් දහම් පාසල් ගීතය නිර්මාණය කරන අවස්ථාවේ ඊට වචන කීපයකින් හෝ දායක වූ පුද්ගලයෙක් ලෙස මා මේ කරුණු ඉදිරිපත් කරන්න කැමතියි. ඊට හේතුව මොකක්ද නොපෙනෙන බලවේග විසින් අප මේ සමාජයට හඳුන්වා දුන් බොහෝ කරුණු වසා තෙරපා දමා ඇති නිසා.
ශ්‍රී ලංකාවේ හොදම විද්‍යා ලේඛකයා ලෙස රාජ්‍ය සම්මානය දිනා සිටින්නේ මා විසින්. 1960වසරේදී ආසියාවේ හොඳම සාක්ෂරතා මට්ටම ජපානයට හිමි වූ අතර එහි ෙවන ස්ථානය හිමිවුණේ ශ්‍රී ලංකාවට. 1980 වන විට ්‍රී ලංකාව ආසියාවේ නව වෙනි ස්ථානය දක්වා පිරිහී ගිය. ඒ ගැන උරණ වූ එක්සත් ජාතීන්ගේ සංවිධානය ්‍රී ලංකාවේ සාක්ෂරතා මට්ටම නොපමාව වර්ධනය කරගන්නා ලෙසත් නැතහොත් ාත්‍යන්තර ආධාර නවතා දමන බවටත් තරවටු කළා. ඒ අනුව සාක්ෂරතා වර්ධනය සඳහා රජය විසින් සැළසුම් කළ විවිධ සමුළු සම්මන්ත්‍රණ ආදියට සහභාගි වූ මවිසින් එම කරුණුද අළලා මේ රටේ සාක්ෂරතා මට්ටම වර්ධනය කිරීමට සුදුසු පස් අවුරුදු වැඩසටහනක් සකස්කර එවක ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති හා යුනිස්කෝ නියෝජිත මහාචාර්ය ආනන්ද ගුරුගේ මහතාට භාර දුන්නා. ඒ පිළිබඳව බෙහෙවින් පැහැදුණු එතුමා එම වාර්තාව යුනෙස්කෝ මූලස්ථානය අනුමැතිය ලබා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශයට භාර දුන්නා. එම වැඩ පිළිවෙල ්‍රියාත්මක කිරීම සඳහා ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ සිටම ස්වේච්ඡාවෙන් කටයුතු කිරීමට අපගේ පහළොස් දෙනෙකු පමණ ඉදිරිපත් වුණා.
1983-1988 කාලය තුළ ්‍රී ලංකාව පුරා ගමින් ගමට බුද්ධි මන්දිර නමින් පුස්තකාල පාඨක සමාජ අටසියයකට වැඩි ප්‍රමාණයක් ආරම්භ කරමින් ‘ කොළඹ ළමා පොත් සංගමය ‘ නමින් වූ අප ස්වේච්ඡා සංවිධානය අති විශාල සමාජ මෙහෙවරක් කළා. එවක ළමා පොතක් රුපියල් පනහක් පමණ වූ අතර අප වැනි දුප්පත් රටකට එය බෙහෙවින් අධික බව යුනිස්කෝ විශේෂඥ අපට දැන්වූවා. ඒ අනුව ළමා මනසට ගෝචර අපේ ආගමික හා සංස්කෘතික පරිසරයට අදාළ රුපියල් දහයක් මිල වන නව ළමා පොත් පෙළක් අප අධ්‍යාපන අමාත්‍යාංශය හරහා සමාජයට දායාද කළා.
මේ යටතේ රී ලංකාවේ ප්‍රථම ළමා ලේඛකයා ( kithmini වීරකෝන්- අද යවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් සහ ප්‍රථම ළමා ලේඛිකා සුසිමා තරංගී ගෝනාපීනුවල- අද ජල ළමනාකාර විද්‍යාඥවරියක්) අපට රටට හඳුන්වාදීමට ලැබුණ.
මේ අවස්ථාවේ සමාජයේ එක් එක් අංශ වලින් අපට දැඩි විරෝධතා එල්ල වුණා. ඒ කාලයේ අපේ ළමා පොත්වල චිත්‍ර ඇඳ දුන් සිබිල් වෙත්තසිංහ මහත්මියට ළමා බයිබලයෙ චිත්‍ර ඇඳීමට විශේෂ ඇනවුමක් ලැබුණා. ඇයත් අප සංගමය හැර ගියා.
රුපියල් දහයේ ළමා පොත් වැඩපිළිවෙළ දිරිගැන්වූ අපගේ උපදේශක මහාචාර්ය ුනන්ද මහේන්ද්‍ර සංගමය වෙනුවෙන් ලියූ ළමා පොත ‘’ වඳුරු පාලම’’ නමින් පළ වුණා. එතුමා ඒ පොත මිල කළේ රු. 8/70 ලෙසයි. එතුමා සංගමය වෙනුවෙන් ලියූ පළමු හා අවසාන පොතක් එයයි. එතුමාගේ ඉතිරි පොත් පලකිරීමට වෙනත් ආයතන ඉදිරිපත් වුණා. හැබැයි මිල ගනන් බොහොම ඉහළයි.
1988 වසරෙහිදී අපගේ ්‍රගතිය බලන්න යුනෙස්කෝ මූලස්ථානයෙන් ආචාර්ය Bruce Cahill මහතා පැමිණියා ඒ වන විටත් අපගේ පස් අවුරුදු ව්‍යාපෘතිය අවසන් වූ නිසා අපට ඉසුරුපායේ දොර වැසී ගියා. Cahill මහතා පිළිගන්න වත් කාර්යාලයක් අපට කොළඹ තිබුණෙ නෑ. අවසානයේදී එතුමා පිළිගැනීමේ උත්සවය පැවැත්වුණේ කැලණිය රජ මහා විහාරයේ දී- ූජ්‍ය තලේවෙල විජිත ධම්ම රක්ඛිත නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්.
1989 වසරේ ලෝකයේ හොඳම සාක්ෂරතා වැඩසටහන ලෙස තේරුණේ අපේ සංගමය. ඒ සඳහා ්‍රංශ යුනිස්කෝ මූලස්ථානයෙන් ඩොලර් 2500 ක තෑග්ගක් ලැබුණා. ්‍යාපන අමාත්‍යාංශයට ආ තෑගි මුදල ොදන්නා බලවේග විසින් ආපසු ප්‍රංශයට යවා තිබුණා. අපේ ලිපි ද්‍රව්‍ය පාර්සලය ද සමග. එවක අමාත්‍යාංශයේ සිටී බෞද්ධ නායකයෙකු ව සිටී ස. ජ. සුමනසේකර බන්ඩා මැතිතුමා අපේ තෑගි මුදල මාස කීපයකට පසු ්‍රංශයෙන් ගෙන්වා දුන්නා.
බලධාරීන්ගේ හිංසාවට ලක්වූ අපගේ ලෝක ජයග්‍රහණය ලෝකයේ සිටි ළමයින්ට ආදරය කරන ස්වේච්ඡා සංවිධාන වල ඉහළ පිළිගැනීමට ලක් වුණා. ඒ අනුව වොෂින්ටනයේ පිහිටි ත්‍යන්තර ළමා චිත්‍ර පදනම සහ පින්ලන්තයේ පිහිටි ලොව විශාලතම ළමා පාරිසරික වැඩසටහන වන පාරිසරික සජීවීකරණ ආයතනය වුන්ගේ ශ්‍රී ලංකා නියෝජිත ආයතනය ලෙස අපව තෝරා ගත්තා. එම ආයතන පගේ ලෝක ජයග්‍රහණයට ගරුකර, අපගේ සාමාජික මුදල වත් අය කර ගත්තේ නෑ.
1999 වසරේ වොෂින්ටනයේ පැවති ෝකයේ ප්‍රථම ළමා සමුළුවට ්‍රී ලංකාවේ ගම්පහ රත්නාවලී විදුහලේ චතුර සූරියආරච්චි දිය නිය සහභාගි කරවීමට අපට හැකි වුණා. අද ඇය ලන්ඩන් සරසවියේ ආචාර්ය උපාධිය හදාරනවා.
2002 වසරේදී කුරුණෑගල මතව ගම්මානයේ උපන් අනුෂා ගෝකුල දියණිය එම වැඩසටහනට අප විසින් සම්බන්ධ කළා. එහෙත් ඇය නොගැලපෙන සමාජ සම්බන්ධතාවයක පැටලුනා.
ූජ්‍ය අමුණුගම විපස්සි මල්වතු නා හිමියන්, මඩිහේ පඤ්ඤාසීහ, රේරුකානේ චන්දවිමල වැනි ්‍රධාන මහා සංඝරත්නයේ උපදෙස් පරිදි අප විසින් රටපුරා විශේෂයෙන්ම දහම් පාසල් වල මේ ගමින් ගමට බුද්ධි මන්දිර ැඩසටහන සාර්ථක ලෙස ක්‍රියාත්මක කළා. අදටත් අප ස්වේච්ඡා සංවිධානයේ උපදේශකවරුන් ලෙස මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන, මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර, මහාචාර්ය H M D R හේරත් සහ මහාචාර්ය අනුර වික්‍රමසිංහ වැනි උතුම් පිරිසක් සිටිනවා.
2008 වසරේ පින්ලන්තයේ ලෝක විද්‍යා සමුළුවක් පැවැත්වුණා. ඒ පරිසරය මුල්කරගෙන. ්‍රී ලංකාවේ හොදම විද්‍යා ලේඛකයා ලෙස මට ද ඒ සඳහා ආරාධනයක් ලැබුණා. ඒ සමුළුවට ලොව පුරා රටවල් 40 කින් පමණ නියෝජිතයන් පැමිණ හිටියා. ්‍රී ලංකාව වෙනුවෙන් මා කතා කෙරේ මිනිසා සහ ගස අතර සම්බන්ධතාවය. ඒ සමුළුවට සහභාගි වූ එක ම ථේරවාදී රටක බෞද්ධයා මා පමණයි. මහායාන වැනි බෞද්ධ රටවල් දෙක තුනක නියෝජිතයන්ද සිටියා.
්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යක් බවත්, එහි ජනතාව ගහට කොළට මහත් ආදරයක් දක්වන බවත් මගේ දේශනයේදී හඳුන්වා දුන්නා. අපේ ආගමික නායකයා වන බුදුන් වහන්සේ තම ජීවිතයේ සියලු කරුණු ගසක් මුල්කරගෙන සිදුකළ ආකාරය පැහැදිලි කළා. ඒ නිසාම බෞද්ධයන් බෝධියට වැඳීම පිදීම පමණක් නොව ආහාර පාන සහ සළුපිළි පවා පළඳවන බව පවසද්දී ඇතැම් රටවල නියෝජිතයන් ට එම පුවත තරමක හාස්‍යයට කරුණක් වුණා.
ඒ අවස්ථාවේදී මූලාසනයේ සිටි Mika Vanhanan මහතා, ්‍රී ලංකාවේ මිනිසුන් බෝධියට වැඳීම අප අගය කළ යුතුයි. වැඩිකල් නොගොස්ම අනෙක් රටවල මිනිසුන්ටත් තම තමන්ගේ රටවල තියෙන සියලුම ගස් වලට වඳින්න වන අවස්ථාවක් එනු ඇති….’’
පින්ලන්තයේ ප්‍රකට අධ්‍යාපනඥයකු වන එතුමා 202 0 වසරේ හොදම පරිසරවේදී ලෙස රන් පදක්කම් දිනූ මාවෙත ්‍රී ලංකාවට පැමිණ එය පැළඳුවා.
එදා ඒ ලෝකයේ බුද්ධිමත් ප්‍රජාවට මගේ දේශනය අවසානයේ මා හඳුන්වාදුන්
“One Plant for Every Child’’ යන නව සංකල්පය පිළිබඳව ඒ සියලු දෙනාම මට ගරු කළා.
පින්ලන්තයේ Joensuu සරසවියේ පැවති එම සමුළුව අවසානයේ මා වෙත Environment Ambassador යන ගෞරව නාමයක් ද ලබා දුන්නා.
ඉන්පසු ලංකාවට පැමිණි මා එම වටිනා අවස්ථාව දැනුම්දීමට එවක පරිසර ඇමැතිවරයා වෙත ගියා. ඔහුට මගේ සහතික පත්‍රය දෑතින්ම පිළිගැන්වූවා. ඔහු එය අතට ගෙන කියවා බලා පැත්තකින් තිබ්බා. ‘’ ඉතින් කොහොමද පින්ලන්ත චාරිකාව? සැප පහසුකම් කෝමද? හෝටල් ගමන් බිමන් තොරතුරු ගොඩක්ම ඇහුවා.
කලකිරීමට පත් මා එවක අප සංගමයේ උපදේශක police මාධ්‍ය ප්‍රකාශක riyansi පෙරේරා මහතා හමුවී මෙම කරුණ කීවා.
එතුමා මෙම අදහස ඉහළින්ම පිළිගත්තා. අද වන විට සෑම පොලිස් ස්ථානයකම පාරිසරික ඒකක පිහිටුවීම සහ ජනතාව අතර ගැවසෙන පොලිස් නිලධාරීන් සඳහා හරිත වර්ණ උඩු කබායක් පැළඳීම ආරම්භ කළේ අපගේ ඒ ින්ලන්ත චාරිකාවේ ප්‍රතිඵලයක් ලෙසටයි.
ලෝකයේ හොදම ෘත්තීය අධ්‍යාපනය පිළිබඳව මූලික සංකල්ප අපට අධ්‍යනය කිරීමට ලැබුණා. ඒ අනුව ්‍රී ලංකාවේ පාසල් දරුවන්ට ාසල් බැංකු ක්‍රමය ආරම්භ කිරීමට සහ සරසවියට යන තුරු රුපියල් 10,000 ක දීමනාවක් යටතේ මහජන බැංකු කවුන්ටර වල පුහුණු සේවාවන් හඳුන්වා දුන්නේ මා විසින්.
බුදුන් වදාළ ධර්මය අනුව තම ආදායම් වලින් 25% ක් අනාගතය සඳහා තැන්පත් කළ යුතුය යන මූලික ධර්මය යටතේ මා විසින් මහජන බැංකුව හරහා හඳුන්වාදුන් රී ලංකාවේ ප්‍රථම ළමා බැංකු ගිණුම වන ‘’ සිසු උදාන’’ මගෙන් උදුරා ගැනීමට නිලධාරීන් මාන බැලුවා විනා මගේ නිර්මාණ අගැයීමක් අද දක්වාම සිදුවෙලා නැහැ. ාජ්‍ය සම්මාන දිනූ ලේඛකයෙකු වන මා විසින් 1983 අවුරුද්දේ
අ පොස සාමාන්‍ය පෙළ දරුවන් සඳහා ලියන ලද’’ සරල ගණිතය’’ පොත නව නිර්දේශයට අනුව අදයාපන අමාත්‍යාංශය ිසින් අනුමත කරන ලද ප්‍රථම පොතයි.
හැකියාවක් තිබුණා නම් මේ මිනිසුන් ඒ පොතත් මගෙන් හොරකං කරගනු නියත.
්‍රී ලාංකික සමාජයට මගේ ලෝක යුනෙස්කෝ සම්මානය ඉතා සුළු කරුණක් වුවද ලෝක ළමා සමුළුවට සහභාගිවීමට වොෂින්ටනයට ගිය අවස්ථාවේ ධවල මන්දිරයේදී Bill clinton ජනාධිපතිතුමා සමග ාත්‍රී ආහාර වේලක් ගැනීමට පවා මට ආරාධනා ලැබුණා. එපමණක් නොව 1985 වසරේ දී ිම්බාබ්වේ රාජ්‍යයේ හරාරේ නුවර පැවති පොදු ාජ්‍ය මණ්ඩල සමුළුවේ දී නෙල්සන් මැන්ඩෙලා මැතිතුමා ්‍රථම වරට හමු වූ ශ්‍රී ලාංකිකයා වශයෙන් මා සතුටට පත් වෙනවා.
අපගේ දිවියේ අවසන් සමයේ රටපුරා දහම් පාසල්වල ළමා පුස්තකාල මාලාවක් ආරම්භ කරන්නයි මගේ අපේක්ෂාව. එම පුණ්‍ය කර්මය කිරීමට දහම් පාසල් සමිති සම්මේලනය සහයෝගය ලබාදෙනු ඇතැයි මා අපේක්ෂා කරනවා.
ඔබ සැමට තෙරුවන් සරණයි.
මා ධම්ම දේශ අම්බලම්පිටිය.
Comments
Post a Comment