බණ්ඩාරනායක  සමස්ත ලංකා  සමරු රචනා තරගයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීම.

යුගයක් එකලු කළ  අප   දේශයේ යුග පුරුෂයකු වන ණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ නමින් ක්‍රියාත්මක බණ්ඩාරනායක අනුස්මරණ පුස්තකාලය සහ සංස්කෘතික මධ්‍යස්ථානය සංවිධානය කළ ලේඛක වැඩසටහනක් පිළිබඳව  වත්මන් සාහිත්‍ය ලෝකයට ආලෝකයක් ලබාදෙන සාහිත මිණි කැටයක් සේ අප දකින අනුර බී සෙනවිරත්නයන්  ලියු සටහන අපගේ අතීත මතකයන් ඉස්මතු කිරීමට සමත් විය.

  ඒ 1970  දශකයයි.  ‍ ්‍රී ලංකා නිදහස් ශිෂ්‍ය සංවිධානය විසින් සංවිධානය කළ සමස්ත ලංකා රචනා තරගයට මම ද ඉදිරිපත් වුණෙමි. ‘’ පොදු මිනිසාගේ යුගය’’ එහි මාතෘකාව විය. පාසල් අවධියේ සිටම පොතට පතට පුවත්පතට සහ නව යුගය වැනි සඟරාවලට මහත් ඇල්මක් දැක්වූ මට එවැනි මාතෘකාවකට ගැලපෙන රචනාවක් ලිවීම පහසු කටයුත්තක් විය.  එහි ප්‍රතිඵල  දිනමිණ පුවත්පතේ පළ වූ දිනය මට කිසිදා අමතක නොවන පුවත්පත් වාර්තාවකි.

 සමස්ත ලංකා රචනා තරගයේ ්‍රථම ස්ථානය මට හිමි වී තිබීම මට ඇදහිය නොහැකි සතුටක් විය.

 ඊළඟ සතියේ කොළඹ දී  අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රධානත්වයෙන් ෑගි සම්මාන සහතික ප්‍රදානය සිදු වන බව සඳහන් ලිපියක් ද මා අතට දින දෙකකට .පමණ පසුව හමු විය.

 කෑගල්ල දිස්ත්‍රික්කයේ ඈත එපිට ගැමි සුවඳ වහනය වුණා kithalangamuwa නමැති   පිටිසර ගම්මානයේ ජීවත් වූ  මට කොළඹට පැමිණීම  එදා ප්‍රශ්නයක් විය.

 එවක අප නොදන්නා දේවල් විමසා බලන උපදේශකයෙකු වූ   අධිනීතිඥ ධර්මසිරි සේනානායක මහතා වරකාපොල දී හමුවී ෙම ප්‍රතිඵලය පෙන්වා එම උත්සවයට සහභාගි වීම පිළිබඳව විමසන ලදී.

 එම පුවත දුටු එතුමා මහත් සතුටට පත් වී.  ‘ හොඳයි  මමත් එදාට එන්නම්’ යැයි කීවේය.

 නියමිත දිනයේ බස් රියක නැගී කොළඹ තෑගි ගැනීමේ උත්සවයට  අපි දෙදෙනා  ආවෙමු.

 තෑගි ප්‍රදානෝත්සවය තිබුනේ කොළඹ මහ නගර සභාව අසල ය.

 මා මීට පෙර ගොස් නැති මාර්ග ඔස්සේ ධර්මසිරි මහතා උත්සව භූමියට ළඟා වන විට තරමක් පමා වී තිබුණි.

 වේදිකාව මත ්‍අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය  සිටියාය. වේදිකාව ගොඩනගා තිබුණේ නගර සභා ගොඩනැගිල්ල සහ මුස්ලිම් දේවස්ථානය අතර ඇති   ප්‍රදේශයේය.  ඒ වන විටත් වේදිකාව අවට මිනිස්සු අතුරු සිදුරු නැතිව පිරී සිටියහ.   ගතවූයේ විනාඩි කීපයකි.  ඊළඟට එළඹුණේ   සමස්ත ලංකා රචනා තරගයේ ජයග්‍රාහකයන්ට තෑගි සම්මාන පිරිනැමීමේ අවස්ථාවයි. ඒ වන විටත් අප දෙදෙනා සිටියේ වේදිකාවට බඹ ගණනාවක් දුරිනි. ඒ අතර මිනිසුන් සිය ගණනකි.  ඒ වන විට ා සාමාන්‍යයෙන් අඩි හතරක් පමණ උස ඇති කුඩා ශිෂ්‍යයකු නිසා ඒ සෙනග අතරින් පීරා ගෙන යාමට ද නොහැකිය. ඒ සමගම  සමස්ත ලංකා රචනා තරගයේ ප්‍රථම  ස්ථානය දිනූ ජයග්‍රාහකයා ගේ නම ශබ්ද විකාශනයෙන් හඬනගා පැවසෙන ඇසුණි. මගේ දෙපා සට සට ගා  වෙව්ලන්නට විය. ඒ බයටද නැත්නම් සතුටකට දැයි මට නොදැනුනි.

 ධර්මසිරි සේනානායක මහතා උස් හඩින් කතා කර කෑගසමින් ‘’ ජයග්‍රාහකයා මෙහෙ ඇවිත් ඉන්නවා’’ යැයි කීවේය.

ඒ සමගම රැස්කමින් සිටි පිරිසගේ අවධානය  සෙනග අතර හිරවී සිටි  අප වෙත යොමු විය. ඔවුන් සියලු දෙනාම ඇඹරෙමින් හැකිලෙමින් අපට වේදිකාව ලගට යාමට උදව් කළ බැව් පෙනුණි.  ධර්මසිරි සේනානායක මහතා සිදුකළ විනාඩි කිහිපයක තෙරපීමෙන් පසු අපට කෙසේ හෝ වේදිකාව අසලට ළං වීමට හැකි විය.

 එහෙත් ඒ වේදිකාවේ දොරටුව පැත්තෙන් නොවේ. වේදිකාව මගේ හිසටත් අඩි දෙක තුනක් ඉහළින් ගොඩනගා තිබුනි.

 සමස්ත ලංකා ප්‍රථම ස්ථානය ජයග්‍රහකයා ට තෑගි පිරිනමන්නට සිරිමාවෝ බණ්ඩාරනායක අගමැති තුමිය සිනාසෙමින් විශේෂ උනන්දුවකින් පසු වූවාය. මා ද නොපමාවම වේදිකාවට යා යුතුය. ධර්මසිරි සේනානායක මහතා මගේ කිහිලි වලින් අල්ලා ඔසවා වේදිකාව අල්ලා ගන්නැයි කියා මා වේදිකාවට තල්ලු කළේය,

මා    හතර ගාතයෙන් ම ටික දුරක් ගොස් ෝකයේ ප්‍රථම අගමැති තුමිය ඉදිරියේ කෙලින් සිට ගනිමින් ගෞරවාන්විතව එතුමියට ආචාර කොට මගේ සහතික හා තෑග්ග ලබා ගතිමි.

‘ ඔබ බොහොම හොඳයි. වැදගත් තෑග්ගක් ගන්න වැදගත් තාලෙට ආවා..’

 බණ්ඩාරනායක මැතිනිය සිනාසෙමින් පවසමින් මගේ හිස අත ගෑවාය.

 එය සභාවේ සිටි දහස් ගණනට සතුට සන්තෝෂය ගෙන්වා මොහොතක් බවට පත්විය.

  එසේම එම ජයග්‍රහණය පිළිබඳව ධර්මසිරි සේනානායක මහතා ද අතිශයින් සතුටට පත්විය. පසුකාලීනව  එතුමාගේ මාධ්‍ය ලේකම්  වරයා ලෙස සේවය කිරීමේ අවස්ථාවද මට හිමිවූ බව ගෞරව පූර්වකව සිහිපත් කළ යුතුය.

 

Comments

Popular posts from this blog