පළිහක්කාර මාතාවට නිවන් සැප ලැබේවා!
පළිහක්කාර මාතාවට නිවන් සැප ලැබේවා!
ආදරණීය කපිල පුතණුවනි,
ගමෙන් කොළඹ ආ මගේ ජීවිතයට නවතම ආලෝකය හම්බවුනේ පලිහක්කාර මහත්මිය අතින්. ඒ පිලිබද ආදර ගෞරවය මගේ හදවත තුළ නොකඩවා ම අදටත් පවතිනවා. එතුමියගේ දුකසැප වරින් වර හෝ ටිකෙන් ටික දැනගන්න ලැබෙන අවස්ථාවල මා දැනගෙන සිටියා. බැරිම අවස්ථාවල පිලියන්දල ගෙදරින් හෝ තොරතුරු මං අහගෙන හිටියේ. අවාසනාවට nelika දියණිය අපෙන් සමුගත් පසු ඔබ රටෙන් ඈත් වුණු පසු ඒ සබඳතා දුරස් ව ගියා.
නමුත් පියතුමාගේ අවමඟුලේදී හෝ ඔබ ඇතුළු සහෘදයන්ගේ මුහුණු බලා යාමට අවස්ථාව ලැබුණත් මහත් අවාසනාවන්ත ලෙස මගේ සැත්කමෙන් පසුව ගමන් බිමන් වල යෙදීම සීමිතව හිටින නිසා ඔබගේ ආදරණීය අම්මා බලන්න යන්න වත් අවස්ථාව අඩුවෙලා තිබුනේ.
නමුත් කෙසේ හෝ ඇයගේ අවසන් කටයුතු ආරංචි වුණොත් වාහනයක් රැගෙන හෝ එහි යන්න මගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා. ඒක මගේ ආත්මයට සනීපයක්. පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුම ගෞරව සම්මාන නාම මා වෙත ලැබුණේ පලිහක්කාර මාතාව නිසා බව මා හොඳාකාර දන්නවා. ඒ ණය ගෙවන්න මා එතුමියගෙ අවමගුල් අවස්ථාවට සහභාගී වෙන්නම ඕනෑ.
නමුත් නොහිතපු අවස්ථාවක ඔබගේ අක්කා වෙතින් අපේ නෝනට පණිවිඩයක් ලැබිලා තිබුණා ඒ ආදරණීය මාතාවගෙ සමුගැනීමෙන් සතියකට පමණ පස්සේ තියෙන පින්කමකට යන්න කියලා. කොළඹ හිටපු මට ආදරණීය ශ්‍රේෂ්ඨ මාතාවගෙ අවසාන මොහොතට සම්බන්ධ වීමට නොහැකි වීම විශාල වේදනාවක්. ඒ පින්කම් වලට ගිහින් මං කවුරු දකින්නද කාට කතා කරන්න ද කියන වේදනාව ඇති වුණා.
පිලියන්දල දුවණිය ගෙන් සහ මෑණියන්ගෙන් විස්තර විමසා තොරතුරු කතා.
ඔබට ද ඒ අවස්ථාවට සහභාගි වෙන්න බැරි වුණු විදිය ඒ අය මගින් මා දැනගත්තා. කමක් නෑ කපිල පුතා හිත සනසා ගන්න. ජීවිතේ ඉපදුන අපි කොහේ ඉදල හරි යහපත් වැඩ ටිකත් කරල මේ ලෝකෙන් සමු ගනිමු. ඒ සමුගන්නා වෙලාවට අපි හැම දෙනාම සමුගන්න වෙලාවට අපේ සිත් සතන් පැහැදිලි කරගෙන අපි කරපු යහපත් වැඩ පිළිබඳව කල්පනා කර ගනිමු.
Comments
Post a Comment