ජනපති  නෙල්සන් මැන්ඩෙලා මැතිතුමන් දේශපාලන කරළියට  ගෙන ඒම’

නෙල්සන් මැන්ඩෙලා මැතිතුමා පිළිබඳව ශ්‍රී ලංකාවේ දේශපාලන කරලියේ ඇසෙන කතා දැන් දැන් අපේ කාටුන් ශිල්පීන් ගේ ද මාතෘකා බවට පත්වෙමින් ඇති බව  මාධ්‍ය ප්‍රවෘත්ති ඔස්සේ අපට ඇසේ - පෙනේ.

 නෙල්සන් මැන්ඩෙලා නමැති උදාර චරිතය පිළිබඳව  මුල්වරට  ්‍රී ලංකා සමාජයට හඳුන්වාදීමේ ගෞරවය හිමිවන්නේ කොළඹ ළමා පොත් සංගමයටය.

 1995 වර්ෂයේ සිම්බාබ්වේ හරාරේ  නුවර පැවැත්වූ පොදු රාජ්‍ය මණ්ඩලයේ  මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සමුළුවට ශ්‍රී ලංකාවේ නියෝජිතයකු  එදා යැවීමට අවශ්‍ය වූ අවස්ථාවේදී එවක මෙරට පැවති  අතිබිහිසුණු වාතාවරණය නිසාම රජයට කිසිදු  මැති ඇමති වරයකු හෝ නිලධාරියෙකු ඒ සඳහා තෝරා ගැනීම දුෂ්කර විය. ඊට හේතු ඒ කාලේ ලෝකය පුරා ශ්‍රී  ලංකාව ‘’මිනී කන්නන්ගේ දේශය’’ නමින් ්‍රසිද්ධ වී තිබීම. එසේම කොටි බලය සියළු බලයන් අභිබවා තිබූ සමයක  දකුණු අප්‍රිකාව පවා ජාත්‍යන්තර ඩයස්පෝරාව යට කර තිබූ සමයක සමුළුවකට යාම මාරයා සමග කරන සෙල්ලමක් බව හැම දෙනාම දැන සිටි නිසා රජයේ මැති ඇමතිවරුන් හෝ නිලධාරියකු යැවීම දුෂ්කර විය.

 එම අවස්ථාවේදී 1989 ලෝක  යුනෙස්කෝ සම්මානය දිනාගත් ොළඹ ළමා පොත් සංගමයේ සභාපති වශයෙන් මට එම අවස්ථාව උදා වූයේ පොදු රාජ්‍ය මණ්ඩලයේ ද අනුමැතිය යටතේ ය. සිම්බාබ්වේ රජයේ ජනාධිපති රොබට් මුගාබේ ප්‍රධානත්වයෙන්  හරාරේ නුවර පැවැත් වූ එම  ාත්‍යන්තර සමුළුවට ශ්‍රී ලංකාවට මහත් කීර්ති ප්‍රශංසා ලබා දෙමින් එම සමුළුවට සහභාගි වීමට ලැබීම ලැබීම මගේ ජීවිතයේ අති සුවිශේෂී සිද්ධියක් බවට සදාතනිකව සටහන් වී ඇත.

ආචාර්ය ධම්මික  බිබි ලේ සහ රාජ නීතිඥ උපාලි කරුණාතිලක මහතා ඇතුළු අප සංගමයේ උගත් උපදේශක  මණ්ඩලයේ ද සහයෝගය ඇතිව සකස් කළ Country report එක  මවිසින් හරාරේ නුවරදී ජාත්‍යන්තර සමුළුවට ඉදිරිපත් කිරීමෙන් පසුව නෙල්සන් මැන්ඩෙලා මැතිතුමන්  එම වාර්තාව පිළිබඳව පැවසූ රත්තරන් වචන කිසිදා අමතක නොවේ. 

Only today I understood black and white about Sri lanka’’ - වසර විසිගණනක් හිරභාරයේ සිට, ඉන් නිදහස්ව ආ  අප්‍රිකානු ජනතාවගේ අසහාය නායකයා වෙත ප්‍රථම වරට මගේ ආදරණීය මාතෘ භූමිය පිළිබඳව එතුමන්ට හඳුන්වා දීමට ලැබීම පිළිබඳවත්,  ඉන්පසුව එතුමා එම වාර්තාව පිළිබඳව කියූ වචන මාලාව පිලිබඳවත්  මම එදා මෙන්ම අද සහ හෙටටත් සතුටු වන්නෙමි. 

  ඊට ප්‍රධාන හේතුව මවිසින් ඉදිරිපත් කළ ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව,  ඒ වන විටත් ලෝකය ඉදිරියේ  ්‍රී ලාංකික  සිංහල ජනතාව  මාරක  ජාතියක් ලෙස  ලොව පුරා හංවඩු ගැසී  තිබීම සහ ශ්‍රී ලාංකික ජනතාව සාමකාමී ජනතාවක් ලෙස හඳුනා දීමේ උතුම් අවස්ථාව මට හිමි වීමයි.

    රාජ්‍ය නියෝජිතයකු වශයෙන් නොව ලෝක යුනෙස්කෝ සම්මානය දිනූ පුද්ගලයා වශයෙන් එම සමුළුවට සහභාගි වූ නිසාම සමුළුවට සහභාගි වූ රටවල් 60කට ආසන්න නියෝජිතවරුන් එකහෙලාම මා කියූ වදන් සියයට සියයක්ම නිවැරදි බවට පිළිගන්නා ලදී.

 එපමණක් නොව ස්කැන්ඩිනේවියානු රටවලින් පැමිණි නියෝජිත කණ්ඩායම මා සමග විශේෂ සාකච්ඡාවක් පවත්වන ලද අතර ඒ  වන විටත් අසාර්ථක රාජ්‍යයක් ලෙස ලෝකය ඉදිරියේ හංවඩු ගැසී තිබූ ශ්‍රී ලංකාවට නැවත ජාත්‍යන්තර ආධාර ලබාදීමට එම රටවල් ත්‍රිත්වය ඒකමතිකව තීරණය කළහ.

එපමනක් නොව,  එම වසරේ දෙසැම්බර් මාසයේදී ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර පැවැත්වීමට නියමිතව තිබූ ෝක රාජ්‍ය නායක සමුළුවට, එවක ශ්‍රී ලංකාවේ ජනාධිපති තුමියට ., ‍රී ලංකාව අසාර්ථක රාජ්‍යයක්  ලෙස හංවඩු ගැසී තිබූ නිසා ආරාධනා නොකිරීමට තීරණය කර සිටි බව ඔවුහු මා සමඟ පැවසූහ.

 නමුත් මාගේ හැඳින්වීම නිසා රී ලංකාව පිළිබඳව නිවැරදි චිත්‍රයක් දැක ගත් මෙම රාජ්‍ය නියෝජිත කණ්ඩායම ඊළඟ වසරේ සිට ශ්‍රී ලංකාවට නියමිත ලෝක ආධාර ලබා දීමට තීරණය කළ බව මා සමග පැවසූහ.

 එවැනි පසුබිමක් හමුවේ  නෙල්සන් මැන්ඩෙලා මැතිතුමාගේ සිය වැනි ජන්ම සංවත්සර යෙදුන 2018 වසරේ දී ශ්‍රී ලංකාවේ ළමා පරපුර සමග උත්සවයක් පැවැත්වීමට ලැබීම එම හමුවී දිගුවක් ලෙස හඳුන්වා දීමට පුළුවන.

   මැන්ඩෙලා මැතිතුමා දෑසින් දුටු ප්‍රථම ශ්‍රී ලාංකිකයා වශයෙන් මෙන්ම ශ්‍රී ලංකාවට යහපත් වාතාවරණයක් ලබාදුන් ඒ හරාරේ සමුළුව පිළිබඳව අබමල් රේණුවක  තරම්වත් මාධ්‍ය ප්‍රචාරයක් ලබාදීමට මේ රටේ කිසිවකු ම සමත් නොවීම එක අතකට මගේ වාසනාවක් කියා පසුව මට සිහි විය. ඊට හේතුව ඒ දිනවල  ්‍රස්තවාදී ප්‍රහාර ඒ තරම් ම උග්‍ර වූ සමයක් ව තිබීම නිසාය.

 නෙල්සන් මැන්ඩෙලා මැතිතුමාට ලබාදෙන ගරුත්වයේ තරම කියා පාන තවත් කරුණු දෙකක් සඳහන් කිරීමට කැමැත්තෙමි.

 1999 වසරේ දී වොෂින්ටනයේදී පැවති ලෝකයේ ප්‍රථම ළමා සමුළුවට ශ්‍රී ලංකාවෙන් දක්ෂ ළමා චිත්‍ර ශිල්පිනියක ගෙන යාමේ අවස්ථාව අපට උදා උනා. ඒ සඳහා දස්කම් දක්වා  තේරුන ගම්පහ රත්නාවලී බාලිකා  විදුහලේ චතුර  සූරියආරච්චි දියණිය සමඟ එම සමුළුවට සහභාගි වූ අවස්ථාවේ  පැවැති ජාත්‍යන්තර සමුළුවේදී ආසියාව නියෝජනය  කරමින්  සභාව ඇමතීමේ අවස්ථාව හිමි වුණේ මා වෙතටයි.  එහිදී  අප්‍රිකා මහද්වීපය වෙනුවෙන් විනාඩි පහක කතාව වෙන්වූ  රොසලිනා ආචාර්යතුමිය සමග මා නෙල්සන් මැන්ඩෙලා මැතිතුමාගේ 1995 හමුව පිළිබඳව කතා කළ පසු එතුමිය මා වෙත දැක්වූයේ පුදුමාකාර ගෞරවනීය සෙනෙහසක්. 

\   මිනීමරු යුද්ධයක  පැටලී තිබූ ශ්‍රී ලංකාව වෙනුවෙන් මට කතා කිරීමට තිබූ සීමිත වෙලාව ප්‍රමාණවත් නැති බව එතුමිය සමඟ පැවසූ විට, නෙල්සන් මැන්ඩෙලා තුමාට ගරුත්වයක් වශයෙන්  එතුමියගේ විනාඩි පහෙන් විනාඩියක් මට ලබාදීමට කැමැත්ත පළ කර සංවිධායකයින්ට ද ඒ බව දන්වා සිටියාය,

 අමතර විනාඩිය තුළදී මා  සම්පූර්ණයෙන්ම කතා කළේ ශ්‍රී ලංකාවේ පවතින අසිරිමත් සොබා සොඳුරු බව සහ තම ජීවිතයේ එක දිනක් හෝ ශ්‍රී ලංකාවට පා තබන ලෙස එම ලෝක ජනතාවගෙන් මා ඉල්ලා සිටියා.

 ඒ  ඓතිහාසික  සිද්ධිය පිළිබඳව එදා කුඩා  දියණියක්  ව සිටි  අද ලන්ඩන් සරසවියේ තම ආචාර්ය උපාධිය හදාරන චතුර සූරියආරච්චි දියණිය සාක්ෂි දරනවා ඇත.

එසේම ෙල්සන් මැන්ඩෙලා මැතිතුමාගේ පිහිටෙන් ශ්‍රී ලංකාවට නැවත ලෝක ආධාර ලබා ගැනීමට සමත් වූ මගේ හරාරේ සමුළුවෙන් පසු දකුණු අප්‍රිකානු තානාපති අංශ පවා මගේ මෙහෙවර අගැයීම ලක් කරන ලදී.

 2018 වසරේ සිට ශ්‍රී  ලාංකික ළමා පරපුරට නෙල්සන් මැන්ඩෙලා චරිතය පිළිබඳව දීප ව්‍යාප්ත ළමා සාහිත්‍ය තරගයක් ඇරඹීමට මා විසින් තීරණය කළේද මේ අගනා පසුබිම යටතේය.

 නෙල්සන් මැන්ඩෙලා දිනය ්‍රී ලාංකික ළමා පරපුර ඉතා වැදගත් ආදර්ශවත් චරිතයක් වන නිසා එම දිනය අප ළමා පොත් සංගමය විසින් දැන් සෑම වර්ෂයකදීම පවත්වනු ලබයි.

 මෙම වැඩසටහන් පිළිබඳව බෙහෙවින් පැහැදුන දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් ගරු Ruby Marks මැතිණිය ළමා පොත් සංගමයේ සියළුම සමාජ සේවා කටයුතු සඳහා සහභාගී වූවාය.

 ේ කිසිම අවස්ථාවක අප ස්වේච්ඡා සංවිධානයට කිසිදු ආකාරයක මූල්‍යමය ආධාර හිමි නොවූ බව පවසන්නේ සංගමයේ යහපත් මෙහෙවරට විරුද්ධව හැම වෙලාවෙම හිස් ප්‍රලාප නගන පුද්ගලයන්ගේ දැනගැනීම සඳහා පමණි.

 ගරු Ruby Marks මැතිනිය සංගමය සමඟ පැවැත්වූ සමීප සම්බන්ධතා දැක්වෙන අවස්ථා කිහිපයක් මෙසේය.

* වාර්ෂික ෙල්සන් මැන්ඩෙලා සමරු උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වීම

*  සංගමය සංවිධානය කරන රුක් රෝපණ වැඩ සටහනට සහභාගි වීම

*  සංගමයේ වාර්ෂික චාරිකාව සඳහා සහභාගි වීම. ඒ සඳහා එතෙක් මෙතෙක් කිසිදු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු සහභාගි නොවුණ ලේඛක ආර් එල් ස්පිට්ල් මහතා විසින් නිර්මාණය කළ ඓතිහාසික බැද්දේගම ට තානාපති තුමිය සහභාගී වීම.

* සංගමයේ වාර්ෂික පාපැදි තරග උත්සවයට සහභාගි වීම

*  විශේෂ රුක් රෝපණ වැඩසටහනක් පැවැත්වූ kurunegala Kumbukkan oya වැව් ඉස්මත්තේ කිසිදු  රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු සහභාගී නොවන දුෂ්කර චාරිකාවකට එකතුවීම.

*  ශ්‍රී ලංකාවේ ශේෂවී ඇති කාපිරි ජනතාව වාසය කරන ුත්තලම දිස්ත්‍රික්කයේ පැවති පර්යේෂණාත්මක වැඩසටහනට ළමා පොත් සංගමයේ සභාපතිවරයා වශයෙන් මට කරන ලද විශේෂ ආරාධනය 

* 2020වර්ෂයේ ලෝකයේ හොඳම පරිසරවේදීන් ලෙස පින්ලන්තයේ ENO ආයතනය විසින් මා තෝරා ගැනීමෙන් පසුව මට හිමි වූ රන් පදක්කම පිළිගැන්වීමේ  කොළඹ දී පැවැති උත්සවයේදී එහි රැස්ව සිටි ළමා සහ දෙමාපියන් හමුවේ දී  කී කතාව ද අමරණීය.

‘’ ‍ ්‍රී  ලංකාවේ මගේ රාජකාරි සමය තුළ මට හමු වූ දහසක් දෙනා අතරින් නෙල්සන් මැන්ඩෙලා මැතිතුමාගේ ගතිගුණ දරන පුද්ගලයන් කී දෙනෙක් සිටී දැයි යන්න මම අධ්‍යයන කෙළෙමි. මා  මහා බ්‍රිතානයේ අධ්‍යයන කරන සමයේදී නෙල්සන් තුමා. සතු උසස් මානව ගුණාංග අටක් පමණ හඳුනාගෙන සිටියෙමි. ශ්‍රී ලංකාවේ දේ මට හමුවූ එම වැඩිම මානව ගුණාංග සහිත පුද්ගලයා වශයෙන් මම අම්බලම්පිටිය මහතා හඳුනාගෙන සිටිමි.

 ඒ නිසා ආදරණීය දෙමාපිය වරුනි, ඔබගේ දරුවා නෙල්සන් මැන්ඩෙලා තුමා ගිය මාර්ගයේ යැවීමට අදහස් කරන්නේ නම්,  මහත් කැපවීමකින් ළමා පරපුර වෙනුවෙන් සේවය කරන අම්බලම්පිටිය මහතාගේ වැඩසටහන් වලට ඔබගේ දරුවා යොමු කරන්න’’’

ඒ වදන් මගේ හදවත සදා සනසවයි. 











Comments

Popular posts from this blog