ලීලා අක්කාගේ උපන්දිනය;


            

ලීලා අක්කාගේ උපන්දිනය; 

අද 2023 ජනවාරි එකොළොස් වැනි දින අලුයම එකයි තිහයි.

ලීලා අක්කාගේ උපන්දිනය සමරන අද දවසේ අපේ ජීවිතවල අතීත කතා නැවත සිත්තම් මාලාවක් ලෙස මතුවෙමින් එයි.

 සුන්දර ගම්මානයක ජීවත්වීමේ වරම් ලද මා ගමේ ගුරු සේවයෙන් ඈත්ව කොළඹ නගරයට ඒමට සිදුවූයේ බැංකු සේවය සඳහාය. එකල  කෑගල්ල දිසාවේ හොඳම කෙටිකතා කරු සම්මානය මෙන්ම ‍රාජ්‍ය සාහිත්‍ය උළෙලේ දී දිවයිනේ හොඳම විද්‍යා  ලේඛක  ාජ්‍ය  සම්මානය මෙන්ම සාමාන්‍ය පෙළ සඳහා මා ලියූ සරල ගණිතය ‍  අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අනුමත කළ ප්‍රථම ගණිතය පොත වීම ආදී කරුණු හේතුවෙන්, බැංකු සේවයට අමතරව මට පොලිස් දෙපාර්තමේන්තුවේ  ංග්‍රීසි ගුරු උපදේශකවරයකු ලෙස කටයුතු කිරීමේ අවස්ථාවක් උදා විය. එවක පොලිස් නිලධාරීන් බහුලව සිටි කොම්පඤ්ඤ වීදිය පොලිස් නිවාස වල  නතර වී  අධ්‍යාපන කටයුතු යෙදීමට මට විශේෂ අවසරයක් හිමිවිය.

බැංකු මූලස්ථානයේ සේවය කළ මට ාර්යාලයට පයින් ඇවිද යාමේ දුරින් පිහිටි නවාතැනක් හිමිවීම විශේෂ භාග්‍යයක් විය.

 පසුකාලීනව මගේ මෑණියන් අසනීප වූ විට ඇය සමගම එහි නතර වීමේ අවසරය ද හිමි විය. මේ කාලයේ බැංකු නිලධාරීන්ට නිවාස  සඳහා ණය ආධාර ලැබීම යටතේ කැලණිය ප්‍රදේශයේ රන් තැඹිලි ගහක් යට පුංචි ලිඳක් සහිත අපූරු නිවහනක් මිලදී ගැනීමට සියල්ල සූදානම් කර තිබුණි.

  මා විසින් මේ රට සාක්ෂරතා වර්ධනය වෙනුවෙන් නිර්මාණය කළ පස් අවුරුදු සැලැස්ම යුනෙස්කෝවෙන් අනුමැතිය ලබා ්‍ ධ්‍යාපන අමාත්‍යාංශය තුළින් ්‍රියාත්මක කළ පසු එහි ප්‍රගතිය පරීක්ෂාවට  ්‍රී ලංකාවට පැමිණි යුනිස්කෝ විශේෂඥ ආචාර්ය Bruce Cahill  මහතාගේ අධීක්ෂණය යටතේ,  මගේ වැඩපිළිවෙළ  ්‍රී ලංකාවේ සාක්ෂරතා වර්ධනය සඳහා ක්‍රියාත්මක වූ ඒ ආකාරයේ ලෝකයේ හොඳම වැඩසටහන ලෙස 1989  දී ්‍රංශයේ යුනිස්කෝ මූලස්ථානයෙන් ලෝක යුනෙස්කෝ සම්මානය දිනා ගන්නා ලදී. ඒ වෙනුවෙන් $2500 ක තෑග්ගක්ද හිමි විය.

 ඉන්පසු අ ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස් පරිදි එවක තිබූ එකම   විද්‍යුත් ජනමාධ්‍ය   ව්  ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ‘’ යුනෙස්කෝ අඩ පැය’’ නම ඇති ජනප්‍රිය වැඩසටහන මම නිෂ්පාදනය කෙළෙමි.  එකල රටේ පැවති අයහපත් වාතාවරණය යටතේ ගුවන්විදුලි වැඩසටහන් නිතරම අවලංගු කිරීමට සිදුවූ නිසා,  වැඩසටහන් නිෂ්පාදකවරුන් ොරින්ටන් චතුරස්‍රයට කිලෝමීටර් හතරක් ඇතුළත අනිවාර්යෙන් පදිංචි විය යුතු බවට එවක ගුවන් විදුලියේ සභාපති තේවිස් ගුරුගේ මහතා විසින් නියෝගයක් පනවන ලදී.

 මා මගේ ගුවන් විදුලි වැඩසටහනට අතිශයින් කැමැත්තෙන් සිටි නිසා, මට කැලණියෙන් හමුවූ සුවපහසු නිවස අත්හැර ටොරින්ටන් වලට කිලෝමීටර් හතරක් ඇතුළත පිහිටි අද දක්වා ම ජීවත්වන මෙම  lesley ranagala mawatha  පිහිටි මෙම කුඩා නිවසට පැමිණියෙමි.

 ඒ කාලයේ මේ පැත්ත තරමක් අනතුරුදායක බවට මතයක් තිබූ නිසා, පොලිස් මූලස්ථානයෙන් මෙම ස්ථානයට පැමිණීමට පළමුව මා පදිංචි නිවසට යාබද තැනක නිවසේ සිටි  පොලිස් නිලධාරීන් මහතාගෙන් විමසා සිටියේ ‘අපි ොලිසියේ ඉංග්‍රීසි මාස්ටර් ඔය පැත්තට එවනවා. ආරක්ෂිත තත්වය කොහොමද? කියලා.  අද ජීවතුන් අතර නැතත් එම නිලධාරි මහතා කීවේ කිසි ගැටලුවක් නෑ එන්න’ කියලා. අදටත් ඒ පවුලේ සියලුම පාහේ පොලිස් නිලධාරින්  වන අතර හි නියෝජ්‍ය පොලිස්පතිවරුන් පවා   සිටිති.

කොම්පඤ්ඤ වීදිය පොලිසියේ සිටියදී මා විසින් සංවිධානය කරගත් පොලිස් නිළධාරීන්ගේ දරුවන් 100 ක ගේ පමණ   අධ්‍යාපන වැඩසටහන් මවිසින් ඉතා සාර්ථකව නිම කරන අවධියේ,  මා විසින් නිර්මාණය කළ ළමා සාහිත්‍යය හවුල නමැති වැඩසටහන විසින් සංවිධානය කළ විවිධ වැඩසටහන් සඳහා, එවක රාජකීය ආසියා සංවිධානයේ සභාපති ිල්ෆ්‍රඩ් ගුණසේකර මහතාගේ සහභාගිත්වය නිතරම සිදුවිය. ඒ අතර  ලීල් ගුණසේකර සහ රවීන්ද්‍ර රන්දෙණිය වැනි සාහිත්‍ය ධරයන් ද එම වැඩසටහන් වලට සහභාගි වූ අයුරු මතකය.

 පසුකාලීනව ඉන්දියාවේ නවදිල්ලි  children book Trust  ආයතනයේ මනෝරාමා යාපා මැතිණියගේ උපදෙස් ලබාගෙන මෙම සාහිත්‍යය සංවිධානය ‘කොළඹ ළමා පොත් සංගමය’ ලෙස නැවත නම් කරන ලදි.

  අ ධ්‍යාපන අමාත්‍යාංශය පස් අවුරුදු වැඩපිළිවෙළ නිම වූ පසු  එම අවධියේ අධ්‍යාපන අමාත්‍ය ලයනල් ජයතිලක මැතිතුමා විසින් මා වෙත උපදෙස් දෙන ලද්දේ සංගමයට කාර්යාලයක් සකස් කර ගන්නා තුරු, එවක වල්බිහි වී පැවැති කැම්බල් පිටියේ පසෙක තාවකාලික කාර්යාලයක් ගොඩනඟන්න ලෙසයි. අපේ  සුවෙච්චා කණ්ඩායම  බන්ධනාගාරය දොරටුව ඉදිරිපිට ලඳු කැලෑව සුද්ද කරද්දී එතැනට කඩා වැදුණු තරුණ කණ්ඩායමක් අපේ කණ්ඩායම පලවා  හරින ලද්දේ, එම ස්ථානය ඔවුන් ගේ කාර්යාලයක් හදා ගන්නා බව පවසමිනි.

  ස්වේච්ඡා යැයි කියා ගන්න ලද ඔවුන් අද වන විට බන්ධනාගාරය ඉදිරිපිට   සත්මහල් ප්‍රාසාදයක් හදා යස රඟට ව්‍යාපාර කරනු පෙනේ.

 කෙසේ හෝ අපේ කණ්ඩායම මා අලුතින් සකස්කරගත් කුඩා නිවසට රැස්ව ඊලග පියවර සාකච්ඡා කරන ලදී.

 ඒ දිනවල උඩහමුල්ලේ සිට තම වාහනයෙන් පැමිණ අපේ නිවස අසල නවතා, එතැන් සිට කැලණිය සරසවියට  බස්රියෙන් ගිය ආචාර්ය තුමෙක් අප සංවිධානයට ස්වේච්ඡාවෙන් උපදෙස් ද ලබා දෙන ලදී.

කැම්බල් පාර්ක් එකේ අපට කරදර කර මිනිසුන් වෙත නොයන ලෙස එතුමා අපට උපදෙස් දුන්නේ ය.  ‘එවුන් කලහකාරයො. ඔයගොල්ලො කලාකාරයෝ. කලහකාරීන් ට කවදාක්වත් කලාකාරයෝ වෙන්න බෑ. ඒ වගේම කලාකාරයින්ට කලහකාරයො වෙන්නත් බැහැ. 

 මේ රත්තරං වටින උපදේශය අපට දුන්න මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මැතිතුමා අපට කීවේ කොළඹ පොත් සංගමයේ කාර්යාලය තාවකාලික වශයෙන් මෙතැනම පවත්වන්න කියලා.

 මේ කාලේ අසනීපයෙන් සිටි අම්මට සහාය වීමට ලීලා අක්කා ආවා මතකයි.

 අක්කා මෙහි ඒමට පළමුව ඇගේ විවාහ යෝජනා ඔක්කොම වාගේ සූදානම් කරල තිබුනෙ.  නමුත් සංගමයේ කණ්ඩායමක් සමග මේ පුංචි කාර්යාලයෙහි සහ නිවසේ කටයුතු අම්මට තනිවම කළ නොහැකි බව තේරුම් ගත් අක්කා තම ජීවිතයේ සියලු බලාපොරොත්තු අම්මා වෙනුවෙන් කැප කරමින් කොළඹ කාර්යාල නිවසේ නතර වීමට තීරණය කළා.

එදා සිට සංගමයේ සියලුම කටයුතු වලදීද පසුබිමෙන් සිට අක්කා දක්වන ලද සහයෝගය විස්මිතය.

 එදා සංගමයේ ්‍රධාන සංවිධායකවරයා වූයේ රජයේ මුද්‍රණාලයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී   බන්දුල සපරමාදු මහතා ය. ඒ දවස්වල කතාවට කියන්නේ සපරමාදු මහතාගේ ඔළුවට උඩින් කපුටෙක්වත් යන්නෙ නෑ කියාය. ඔහු එතරම්ම නිර්භීත නිලධාරියෙකි. රජයේ මුද්‍රණාලයෙන් වටිනා භාණ්ඩ හොරෙන් පිට වීම වැඩිවූ සමයක රජයේ විසින් පත්කළ විශේෂ නිලධාරියෙකු  වන සපරමාදු මහතාගේ තීක්ෂණ ඇස් ඉදිරියේ දී සියලුම හොරුන් පාහේ බිරාන්ත වී යාම නිසා එවක   රජයේ මුද්‍රණාලය විශේෂ  නමක් දිනා ගැනීමට ඔහු සමත් විය.  ළමා පොත් සංගමයට ද ඒ සවිය හිමි වූවා යැයි සිතේ. රාජය නිලධාරින් මෙන්ම  ජනමාධ්‍ය වැඩසටහන් නිරතුරුවම ළමා පොත් සංගමය සමග පැවැත්වීමට සපරමාදු මහතා මුල් විය.

 මෙම හැම කාර්යකදීම ුන්ට අවශ්‍ය සංග්‍රහ කටයුතු ඉටුවූයේ අක්කා අතිනි. ඇයගේ අතින් තේ එකක් නොබිව් කෑම වේලක් නොලද කිසිවකු සොයා ගැනීම දුෂ්කර බව  ඔහු මෙන්ම සම්බන්ධීකරණ ලේකම් royston ජයවර්ධන මහතා කියන අයුරු මම නිතර අසා ඇත්තෙමි.

එදා සිට අද දක්වා මෙම කුඩා කාර්යාලයයට ආ ගිය අති විශාල චරිත බොහොමයකට ඒ  අතීත සිදුවීම් අමතක වී ඇතැයි මට සිතේ.

 ඇගේ උපන් දිනය සමරන අද වැනි දිනක ,අද වන විට අසරණව මහලු වී සිටින ඇයට ලැබෙන තෑගිබෝග නොව සුභ පැතුමක් පවා නොලැබෙන විට මට පවා ඇති වන්නේ එක්තරා වේදනාවකි.

 එහෙත් ඇය ළමා පොත් සංගමය හා එහි සම්බන්ධ සියලු දෙනා වෙනුවෙන් තම ජීවිතය දිය කර හරින  කාලයේ ඇය හා සිටිය බොහෝ දෙනා අද ජීවතුන් අතරද නැත. සිටින සීමිත පිරිසටද ඇය අමතක වී ගොසින් සේ ය.

 ඒ සිදුවීම් කීපයක් මගේ මතකයේ හැටියට නැවතත් සිහිපත් වේ.

1987 ඉන්දියාවේ අහමදාබාද් නගරයේ දී දකුණු ආසියානු ළමා හිමිකම් කමිටුව ආරම්භ කළ අවස්ථාවේදී,  මා විසින් යෝජනා කළ පරිදි Nepalaye ගෞරව ප්‍රධාන මහතා එහි සභාපති ධුරයට සහ මම නියෝජ්‍ය සභාපති ධුරයට පත් කරන ලද්දේ  saarc මහ ලේකම්තුමා විසිනි.

 එවක කත්මන්ඩු නගරයේ ත්‍රීබූවන්  sarasavi  නීති ශිෂ්‍යයකු ව සිටි ගෞරි ප්‍රධාන තම මුල්ම විදේශීය චාරිකාව ලෙස ්‍රී ලංකාවේ ළමා පොත් සංගමයට පැමිණි කාලය මට සිහිපත් වේ. තම ජීවිතයේ ප්‍රථම වරට කොළඹ දී මුහුද දුටු ගෞරි පසුව nepali මානව හිමිකම් කොමසාරිස් ධුරය දක්වා උසස් වූ අදටත් මගේ ඉතා හිත මිතුරෙකි. ඔහු සංගමයට ගොඩ වූ ඒ දිනවල ඔහු කැමැති පරිදි ආහාර විශේෂ සූදානම් කර දීමට අක්කාට හැකිවීම සංගමේ සිටි කිසිවෙකුට නොහැකි වූ විශේෂත්වයකි.

 2012 වසරේදී කොළඹ පැවති වසන්ත ළමා කඳවුරට ලෝකෙ ලොකුම පාසල වූ ලක්නව් නුවර විදුහලේ විදුහල්පතිනි අබා Ananda මැතිණිය ියෝජ්‍ය විදුහල්පතිනිය සහ භාරතීය ළමා නැටුම් කණ්ඩායම ලංකාවට පැමිණියාය.

 එවැනි අමුත්තන් පිළිගැනීමට අපි කුඩා කාර්යාලය ප්‍රමාණවත් නොවුණ ද එතුමියගේ බලවත් ඉල්ලීම මත මම මෙහි පැමිණීමට ආරාධනා කලෙමි.

 උතුරු ඉන්දියානු ආහාර රටාව අනුව මිරිස් වලින් තොර චිකන් රයිස් එකක් සෑදීම අක්කට භාර විය .අබා අනන්ඩ මැතිණිය පැවසුවේ , ්‍රී ලංකාවට පැමිණි පසු තමන් ලබාගත් හොදම- රසවත්ම  කෑම වේල ළමා පොත් සංගමයේ දී ලැබූ බවයි. එදා කෑම කා අවසානයේ  ඉතිරි chicken වෑංජනේ  හෝටලයට රැගෙන ගියේ එහි සිටි තම කණ්ඩායමේ අනෙක් අයටත් ලබා දෙන්නටය.  එදින ද අක්කා සතුටින් සිනාසුනාය.

වරෙක මැලේසියාවේ ENO නායක ආචාර්ය කාලෙයි  මාන මහතා මෙහි පැමිණියේය. ඉංගිරිසියට වඩා ්‍රවිඩ භාෂාව හැසිර වූ ඔහු සමඟ වඩාත් හොඳින්  කතාබහ කළේ අක්කාය. අක්කාට දෙමළ භාෂාව පිළිබඳව ඇත්තේ ඉතා චතුර හැකියාවකි.

* ඉන්දියාවේ සංචාරයක ද යෙදුණු ඇය අප ගොළු වන අවස්ථාවලදී අපේ ද මඟ පෙන්වන්නෙකු ලෙස ක්‍රියා කළා ය.

 ඒ අත්දැකීම් අතර සංගමයට ගොඩවූ අපේ හිතවත් වුණ සාමාජික දරුවන් වෙනුවෙන් ද ඇයගේ සේවය නිරතුරුව විවෘත වූවා ය. 

 ළමා පොත් සංගමයෙහි ප්‍රථම සාමාජික ය වන්නෙ රාජ සම්මාන දිනූ ලේඛක කුලසේන ෆොන්සේකා මහතාය. දෙවැන්නා ිද්‍යා ලේඛක තුසිත මළලසේකර මහතාය. ඒ දිනවල කුලසේන ෆොන්සේකා මහතා සහ රංජිත් ධර්මකීර්ති මහතා නිතරම පාහේ සංගමයට ගොඩ වූ ලේඛකයන් දෙපොළක් වූහ. අක්කගෙ තේ එක ඔවුන්ට ද නිරතුරු පිරිනමා ඇත. 

 එක දිනක් රංජිත් ධර්මකීර්ති මහතාගේ එකල තිබූ කළු පාට මෝටර් රථය සංගමය ඉදිරියේ නතර කරන ලදී. එයින් බැසගත් ධර්මකීර්ති මහතා, ඉතා කලබලයෙන් ුදල් ටිකක් අවශ්‍ය ඇති බව කීය.

 ඒ මහතා විසින්  මරදානේ ටවර් රඟහලේ ්‍රදර්ශනය කර නාට්‍ය ප්‍රදර්ශනයක් සඳහා ප්‍රමාණවත් ප්‍රේක්ෂකයන් නො පැමිණි අවස්ථාවක රංගනයේ යෙදුණු කලාකරුවන් හට හදිසි ගෙවීමට මුදල් නොමැති වූ විටකයි ඔහු හදිසියේම සංගමයට පැමිණි ඇත්තේ.

 ඒ වන විටත් ඒ මහතා ගේ පොත් අලෙවිය සඳහා සංගමයට භාරදී තිබූ අතර   ඔහුගේ අවශ්‍යතාවයට අවශ්‍ය මුදල් මා අත නොවීය. 

මේ කලබලය අසා සිටි අක්කා වහාම ගෙතුළට දිව ගියාය.  ඇය සතුව තිබූ කැටය එකවරම කඩා එම කාසි ලේන්සුවක ගැටගසා රංජිත් ධර්මකීර්ති මහතා අත තැබීමට තරම් ඇය පරාර්ථකාමී වූවාය.

 ඒ දිනවල තමාගේ ‘’  ටකරන් පුත්තු’’ නමැති මංගල නවකතාව ලියු තරුණයෙක්   එම පොත අලෙවි කිරීමට කොළඹ නගරයට පැමිණ ලේක්හවුසියේ සිට මරදාන දක්වා පොත් සාප්පුව ඇවිද ගියත් එකම පොතක්වත් අලෙවි නොවූ අවස්ථාවකට දී ඔහු කිසිවෙකුගේ උපදෙස් පරිදි කොළඹ පොත් සංගමයට ගොඩ වූයේ තමන්ගේ පොත් ටික තාවකාලිකව සංගමයේ තබා ආපසු අඹේපුස්සට යාමටය.

 මෙහිදී එම තරුණය බලාපොරොත්තු නොවූ පරිදි පොත් ටික ළමා පොත් සංගමයට භාරගෙන ඔහුට තුණ්ඩුවක් සමග කිසියම් අත්තිකාරම් මුදලක්ද අත තැබූ පසු මෙම තරුණයා මහත් සේ පුදුමයට පත්විය. ඔහු ඉන් අනතුරුව පවසන ලද්දේ තමා මෙතැනට පැමිණියේ තමන්ගේ පොත් ටික රඳවා තබා ගැනීමට විනා අලෙවි කිරීමට නොවන බව.

 ඊට හේතුව තමන් අද දවස පුරාම මුළු කොළඹ පුරාම ඇවිද කිසිම පොත් සාප්පුවකින් තමන්ගේ පොත් බාර ගත් නොගත් අවස්ථාවකදී මෙම පොත් සංගමේට ගොඩ වූ පසු අවස්ථාවක දී මෙහි පැමිණියේ තමන්ට මුහුදේ පනින්න හිතෙනව යන තරම් වේදනාවකින් බවයි නමුත් සංගමයට ගොඩ වූ පසු මෙහිදී තමන්ට ලැබුණු ගෞරව සැලකිලි  හා පිළිගැනීම් නිසා තමන් නැවතත් ලේඛක ලෝකෙට පා තැබීමට තීරණය කරගත් බව මෙම තරුණයා පැවසීය.

 තමන්ට පොත් භාර ගෙන ලදු පත ලබා දුන් පසු ඔහු කිව්වේ අද දවස පුරාම තමන්ට  උදේ සිට මේ දක්වාම කිසිම තැනකින් වාඩි වීමට අසුනක්  වත් නොලැබුණු බවයි.  ඉන්පසු ඔහු වතුර උගුරක් බොන්නට ඉල්ලූවේය. ඒ අවස්ථාවේදී අක්කා ඉදිරියට පැමිණ, විශාල ජලය වීදුරුවක් ගෙන මෙම තරුණයා අතට දුන්නේය,   ජලය වීදුරුව බීමෙන් පසු ඔහු තමාගේ ජීවිතය වූ සැබෑ වෙනස්කම කියාපෑවේය.

තමා ජීවිතයේ මුල් වරට ලියන ලද පොත ට කොළඹ නගරයෙන් සිදුකළ පිටුපෑම තමන්ගේ සිතට මහා වදයක් වූ බවත් ඔහු මෙතැනට පැමිණියේ තමන් නැවත කිසිදාක පොතට පතට ලේඛනයට අත නොපාන බව තීරණය කරගෙන බවත් නමුත් පොත් සංගමයට ගොඩ වූ පසු තමන්ට සැලකූ සැලකීම සහ තමාගේ පොතට සැලකූ සැලකීම අනුවම තමන්ගේ සිත සම්පූර්ණයෙන් වෙනස් වී නැවතත් පොතට පතට ලේඛනයට නිර්මාණයට හිත යෙදවීමට මෙතැනදී  තීරණය කළ බවත්  පසු පැවසූ ඔහු පසුකලෙක ගිනස් පොතට පවා ගිය  ආචාර්ය  හසන්ත ශ්‍රී ලාල් හෙට්ටිආරච්චි වේ. .

එකල සමාජයේ ජනප්‍රියව තිබූ සංගීත ප්‍රසංග වැඩසටහන් සඳහා සංගමි ප්‍රධාන සංවිධායක බන්දුල සපරමාදු මහතා විසින් රට පුරා විවිධ  සංගීත වැඩසටහන් සංවිධානය කරන ලදී එතුමා නිතරම කියන කතාවක් වූයේ වසර ගණනාවකට ඉහත කෑගල්ලේ පැවති ඔහුගේ සංගීත සංදර්ශනයක දී  නන්දා මාලනී සංගීත විශාරද තුමිය ගවුමක් ඇඳ වේදිකාවට නැංවූ පළමු අවස්ථාවකදී එතුමා ඇය වේදිකාවට නැංවීමට පවා අතහිත දුන් අවස්ථාවයි.

මෙම යුගයේදී රට පුරා ඇවිදිමින් සිටි පුංචි වෙළෙන්දා ද බන්දුල මහතාගේ අතහිත තුළින් පෙරට ආ ළමා ගායකයෙකි ඔහු නිතරම පහේ තම අම්මා හෝ තාත්තා සමග ළමා පොත් සංගමයට ගොඩ වූ අවස්ථා  අක්කා නිතර සිහිපත් කරයි.  අද වන විට  අප ආසන්නයේ කොළඹ  මහා රෝහලේ වෛද්‍ය වෘත්තික නිරතව සිටින පුංචිම පුංචි වෙළෙන්දා අපේ නිවසට අපි කාර්යාලට ගොඩ වූ අවස්ථාවලදී ඔහුගේ අම්මා හා තාත්තා ට බීම බෝතලයක් කඩා  වීදුරු වලට වත් කර දෙන අවස්ථාවකදී පුංචි වෙළෙන්දා නිතරම වීදුරුව එපා බෝතලයම මට දෙන්න කියා සුරතල් බසින් ඉල්ලූ අවස්ථා අක්කා නිතරම සිහිපත් කරයි.

සංගමයේ උපදේශකවරුන් ලෙස එදා කටයුතු කළ ජනමාධ්‍ය විශාරද එඩ්වින් ආරියදාස මහතා, ආචාර්ය ලීල් ගුණසේකර මහතා, මහාචාර්ය H.N.D.B. හේරත් මහතා, අජන්තා රණසිංහ මහතා, ගායක මිල්ටන් පෙරේරා මහතා, හරූන් ලන්ත්‍රා මහතා, ආචාර්ය තිලෝකසුන්දරී කාරියවසම් මැතිණිය, ලේඛක කේ ජී කරුණාතිලක මහතා මහාචාර්ය හේරත් මහතා ඇතුළු සියලු දෙනාම පාහේ අක්කා අතින් සකස් කරන ලද තේ කෝප්පයක හෝ රස කැවිල්ලක රස බලා ඇත .

ඒ දිනවල යොවුන්  දියණියක් ලෙස සංගමයට ගොඩවැදුන  අනූෂා  ගෝකුල ප්‍රනාන්දු නම් උත්සාහවන්ත චරිතය බොහෝ අවස්ථාවල අක්කාද සමග එකතුව, බත් වේලක්,  කොස් හෝ මයියොක්කා කෑල්ලක් කමින් තේ කෝප්පයක රස බැලූ අවස්ථා මට ද මතකය. පසුකාලීනව ඇගේ දරුවන් තිදෙනා පවා අක්කාගේ තේ කෝප්පයක රස විඳ ඇති බව මතකය. 

තවත් දිනක සංගමයේ වැඩමුළුවක් පැවැත් වූ අවස්ථාව මට සිහිපත් වේ ොළඹ රාජ්‍ය ලේඛනාගාරයේ පැවැත් වූ එම වැඩමුළුවට මාධ්‍යවේදී මුදිත කාරියකරවන  tharaka වික්‍රමසේකර ආදී මාධ්‍යවේදීන් ද සහභාගි වී සිටියා මට මතකය එහිදී එක් අවස්ථාවක වේදිකාව අමතමින් සිටියේ ්‍රී ලංකා රූපවාහිනියේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධූරයට පත් ලාබාලම තරුණය ලෙස වාර්තාවක් තැබූ ංගමය තුළින් මාධ්‍ය ලෝකයට මං පෙන්වූ මොහාන් කරුණාරත්න මාධ්‍යවේදියා ය.. ඔහු තමාගේ අතීතය කඳුලු සලමින් වේදිකාවේ පවසද්දී ඈත කොනක අක්කා සිටිනු දුටුවේය. එවිට කඳුළු අතරින් ඔහු සිහිපත් කළේ අක්කා ඒ දිනවල සිටම සංගමය තුළින් කළ සුවිසල් මෙහෙයක් පිළිබඳවය.

මෙම සියලු කතා කැටි කොට ගත් විට ළමා පොත් සංගමය තුළින් බිහි වූ මහා සමාජ මෙහෙවර තුළ අක්කාගේ භූමිකාව කිසිසේත් ම සුළු කොට තැකිය හැකි නොවේ ඇය දරුවන්ට සංගමය  විසින් වසර පුරා සංවිධානය කරන ‘දොළොස් මහේ  පහන’ මාහැඟි ළමා වැඩසටහන කිසිසේත්ම සපුරා ලීමට නොහැකි වනු ඇත. තමාගේ ජීවිතයේ සතුටුදායක කාල සීමාවන් ළමා පරපුර වෙනුවෙන් අප මෙන්ම අක්කාද මාගේ ක්ෂේත්‍රය අනුව කැප කරමින් සිදුකරන ලද මෙහෙය අති විශාලය. ඇය උපන් දිනය සමරන මෙවැනි අවස්ථාවක ශල්‍යකර්මයකට පවා භාජනය වී අද රෝගී තත්ත්වයේ සිටින ඇයගේ දුක සැප බලන්නට සැමියෙක්- දරුවෙක් -පුතෙක්  හෝ දුවක් නැති මොහොතක බොහෝ නෑදෑයන් පවා ඈත් වී තිබෙන සමයක - තමන්ගේ එකම නෑදෑයන් හිතවතුන් සහ මිතුරන් බවට පත් වූ සංගමයේ ඒ විශාල පරපුර ද අද බොහෝ සේ ඈත් වී ඇති බැව් පෙනෙන විට දැනෙන විට ඇයට ඇතිවන දුක වේදනාව මටද දැනේ.

 ඇගේ උපන් දිනයට තෙරුවන් සරණයි. වෙනදා දිනපතාම බොරැල්ල හන්දියට දුවගොස්  පොත් සංගමයේ සේවය කළ 10ක් 15ක් වෙනුවෙන් ඇගේ ආහාරපාන සූදානම් කරමින් යුහුසුළුව කටයුතු කළ ඇය අද වන විට නිවස තුළ පමණක් සැරයටිය ක ආධාරයෙන් එහා මෙහා යනවා දකින මට ඇතිවන්නේ වේදනාවකි. ඇයට නිදුක් නිරෝගි සුව දිවියක් අත් වේවා යන්න මගේ පැතුමයි. දැන් වේලාව අලුයම හතරයි විනාඩි 5යි.

        

Comments

Popular posts from this blog