මා විසින් සලාක යෝජනා රටාව සඳහා ඉදිරිපත් කළ ලිපිය; (2022 June)

ශ්‍රී ලංකාවේ ඉන්ධන අර්බුදය විසඳීම සඳහා ්‍රථම වරට මා විසින් සලාක යෝජනා රටාව සඳහා ඉදිරිපත් කළ ලිපිය; https://web.facebook.com/100009411300301/posts/pfbid02NMqHddk5L3RvaZLTRBj91bWbPpehnGc9z3ASFjhh1yJsS9ezPb5jFURx3tRy17kdl/ Today News; මුළු රටම අවුලෙන් අවුලට පත් වී යන මේවන් මොහොතක ජාතික මට්ටමේ වැරැද්දක් දුටුවිට විවේචනය කරන්නාක් මෙන්ම අපේ මවුබිමට ආදරේ ඇති පුද්ගලයකු වශයෙන් අලුත් ගැටලු වලට අලුත් අදහස් ඉදිරිපත් කිරීම මානව සමාජයේ සාමාජිකයෙකුගේ යුතුකමක් ලෙස සලකන නිසා මෙම ප්‍රශ්නයට අපගේ විසඳුම ඉදිරිපත් කරමු. ගෑස් නැවක් දවස් ගානක් තිස්සේ මූදේ කරක් ගගහ ඉන්නේ ඒකට අවශ්‍ය ඩොලර් 2.5 ක් නැති නිසාලු. ඒ පමා වෙන හැම මොහොතක් පාසා ම අපේ අහිංසක ජනතාව කෙසේ හෝ හොයාගන්නා ඩොලර් කඳුල කඳුල ඒ පමා වීමට දෙන්න වෙනවා නේද? දැන් අද ්‍රවෘත්ති වලට සවන් දුන්නම අපට ඇහුනේ තවත් අර්බුදයක් ගැන. ඒත් ඉතිං ඉන්ධන ගෑස් ගැනම තමයි. දැන් ඉස්සරහට ඉන්ධන හා ගෑස් බෙදාහැරීම සලාක ක්‍රමයට කරන්න යනවා ලු. හැබැයි ඒකට තවම සැලැස්ම කල්පනා කර කර ඉන්නවලු. මගේ මේ යෝජනාව ඔය කල්පනා කරන ඔළුවට යොමු වේවා කියා මා ඉල්ලා සිටිනවා. පාර්ලිමේන්තුවේ 225 න් විශාල පිරිසක් O/L නෑ කියලයි අපිට නිතරම කියනවා ඇහෙන්නේ. මගේ යෝජනා මේ කණින් අහලා ඒ කණින් පිට යනවාටයි මේ ටිකක් මතක් කරන්නේ. ශ්‍රී ලංකාවේ ළමා පරපුර වෙනුවෙන් වරප්‍රසාද ලත් ප්‍රථම ළමා බැංකු ගිණුම වන සිසු උදාන නිර්මාණය කිරීම, අතමාරු ණය යෝජනා ක්‍රමය නිර්මාණය කිරීම සහ එවක ජනාධිපතිනි ය ගේ උපදෙස් පරිදි ුළු වෙළඳුන් සඳහා ණය යෝජනා ක්‍රමයක් නිර්මාණය කිරීම ඇතුළු අපේ සමාජයට පලදායක යෝජනා කිහිපයක්ම මවිසින් මේ වන විට හඳුන්වා දී ඇති බව ද මෙම තොරතුරු නොදන්නා ජනතාවට සිහිපත් කරන්නෙමි. ශ්‍රී ලංකාවේ හොදම විද්‍යා ලේඛකයා ලෙස රාජ්‍ය සම්මාන දිනා පොත් පනහකට වඩා ලියා සිටින මා,1983 අපොස සාමාන්‍ය පෙළ විභාගයට අදාළව මා විසින් ලියන ලද ‘’සරල ගණිතය’’ පොත ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පෙළ සඳහා නව නිර්දේශ අනුකූලව සිංහලෙන් ලියා අධ්‍යාපන අමාත්‍යංශයෙන් අනුමත කරන ලද ප්‍රථම ගණිතය පොතයි. ඒ කාලේ මගෙන් ඉගෙන ගත්ත දරුවන් අද මේ රටේ ඉහළම තැන්වල මෙන්ම ලෝකය පුරාම ඉහළම රාජකාරි කරන බව සතුටින් සඳහන් කරනවා. හැබැයි මගේ පන්ති වලට ආ කිසිම කෙනෙක් පාර්ලිමේන්තුවේ දැන්නම් නෑ, ඒ කාලේ එක්කෙනෙක් හිටියා. අන්න ඒ වටාපිටාව යටතේ මෙම යෝජනා නිකංම ඉවත දමන්න එපා කියලත් බලධාරීන්ට කියනවා. ගෑස් සහ ඉන්ධන බෙදා හැරීම පිළිබඳ අනන්ත අප්‍රමාණ රන්ඩු සරුවල් මිනීමැරුම් පවා මේ රට පුරාම සිද්ධ වෙනවා. අහිංසක ජනතාව අම්මල තාත්තල ආබාධිතයින් මහා දිග පෝලිම් වල දවස් ගනන් දුක් විඳින කොට අපේ බඩ පපුව දනවා. නමුත් අපි කියන දේවල් අහන මිනිස්සු බොහොම අඩුයි. මේ යෝජනා අනුව ගෑස් සහ ඉන්ධන බෙදා හැරීම ආරම්භ කළොත් මේ රටේ - මේ පුංචි දූපතේ කිසිම තැනක කිසිම රණ්ඩුවක් ආරවුලක් දිග පෝලිමක් නැතුව වැඩ නියමෙටම සිද්ධ කරන්න පුළුවන්. එතකොට පෝළිම් වල ඉඳලා හොරෙන් තෙල් එකතු කරන්න හරි හොරෙන් gas එකතු කරන්න හරි කාටවත් පුළුවන් වන්නේ නෑ. අවශ්‍ය වන්නෙත් නෑ. ඉන්ධන සාධාරණ ලෙස බෙදා හැරීම සඳහා යෝජනා; ඉන්ධන අවශ්‍ය වන්නේ වාහන හිමිකරුවන්ට පමණයි. වාහන හිමිකරුවන් සහ රියදුරන් හඳුනාගැනීම සඳහා රජය විසින් ාහන බලපත්‍රයක් නිකුත් කර ඇත. මේ බලපත්‍රය ඉන්ධන නිකුත් කිරීම සඳහා ඉතා පහසුවෙන් යොදා ගත හැකියි. ඒ සඳහා ුංචි අයදුම්පත්‍රයක් බලධාරීන් සකස් කර ජනතාවට නිකුත් කළ යුතුයි. අයදුම්පත්‍ර කෙටියෙන් මේ තොරතුරු ඇතුළත් කරන්න; 1. ඉල්ලුම් කරන්නාගේ නම; 2. රියදුරු බලපත්/ වාහන අංකය; 3. …….........…….මාසයට නියමිත ඉන්ධන ප්‍රමාණය;( මාස 12 ක ට ම කොටු 12ක් යොදා ගත හැකියි,) 4 …..........……… දින ඉන්ධන නිකුත් කරන ලදී. මේ මූලික අදහස පමණයි. මීට අවශ්‍ය අමතර විස්තර ඇතුළත් කරගත හැකිය. ………………………………… ……………………………….. බලයලත් නිලධාරි/ ්‍රාමසේවක ඉන්ධන හල් හිමියාගේ අත්සන (රබර් මුද්‍රාවක් මත අත්සන් තැබිය යුතුය) 2. ගෑස් නිකුත් කිරීම සඳහා අයදුම්පත්‍රය.2022 මෙහිදී ියදුරු බලපත්‍ර වාහන අංක වෙනුවට ගෘහ මූලික අංකය භාවිතා කළ හැකිය. අවශ්‍ය සංශෝධන සහිත කුඩා අයදුම් පත්‍රයක් නොපමාව ිද්‍යුත් මාධ්‍ය මගින් සමාජගත කරන්න. අද පවතින කඩදාසි හිඟය නිසා. අවශ්‍ය මිනිසුන් කෙසේ හෝ එම අයදුම්පත්‍ර විද්‍යුත් මගින් මුද්‍රණය කර ගෙන අදාළ නිලධාරීන්ගෙන් සහතික කරගෙන තමන්ට ඕනෑ සේවාවන් ලබා ගනු ඇති. මා වෙත 1989 ප්‍රංශයේ යුනෙස්කෝ මූලස්ථානයෙන් ශ්‍රී ලංකාවේ සාක්ෂරතා වර්ධනය වෙනුවෙන් මා විසින් සිදු කළ මෙහෙවර වෙනුවෙන් ලෝක යුනිස්කෝ සම්මානය සහ 2500$ මුදල් තිළිණය දිනා ගැනීමටද හේතු වූයේ එම කාලයේ අධික මිලකට තිබූ ළමා පොත් සඳහා රුපියල් දහයේ අලුත් ළමා පොත් රටාවක් ශ්‍රී ලංකාවට හඳුන්වා දීම නිසාය. එහෙත් කණගාටුව අද දක්වාම මට හිමිවූ යුනෙස්කෝ 2500$ න් සියයට දහයක් ඒ කියන්නේ $250 අද දක්වාම බලධාරීන් රඳවාගෙන සිටින බවයි. ඔහොම තමයි අපි වීරයන්ගේ හැටි! මෙම ඉන්ධන හා ගෑස් බෙදාහැරීම පිළිබඳ අදහස අවශ්‍ය ය පරිදි සංශෝධනය කර ක්‍රියාත්මක කිරීම බලධාරීන්ට බාර කරමු. Dhammadesha Ambalampitiya Ph.D.(Hon), Dip.in.Lit, BSc. Sahithyadarshi (Hon), Dip. in Journalism, Dip. in IATA, Dip.in Banking (BTI),State Honored Best Science Writer, Author, Program Organizer, Freelance Journalist, Dip. in German Language, Founder President, CCBS UNESCO Project, Country Partner, International Child Art Foundation, (ICAF) Washington, Country Coordinator, Environment Online (ENO) Finland, V/President, South Asian Forum for the rights of child (Nepal), "Pearl in the village award", "Janabhimani" Honorary award Environment Ambassador. https://ccbsunesco.org/ https://www.facebook.com/ccbs.colombo +94718153788 / +94112686878

Comments

Popular posts from this blog