ගුණපාල වීදියවත්ත නීතිඥ මහතාණනි,

 








ගුණපාල වීදියවත්ත නීතිඥ මහතාණනි, 

අපේ රත්තරං ඉතිහාසය පිළිබඳ වටිනා ලියවිල්ලක් ිස් වසරකට පමණ ඉහත ඔබගේ ගම් ප්‍රදේශයේ සිදු වූ කරුණක් අරභයා ලියූ ලියවිල්ල දැක මට ඉමහත් සතුටක් ඇති විය. 

මෙම සත්‍යයේ හඬ පටු අදහස් ාරි  ළමා සාහිත්‍යය අලෙවි කරමින් සිටි කීපදෙනකු විසින් පාගා දැමීමට උත්සාහ කළ  නිසා මෙවන් මුතු ඇට මැණික් කැට කලින් කලට මේ රළු පොළොව තුළින් මතු වීම කිසිවෙකුට පාගා දැමීමට නොහැකි වනු ඇත. 

එදා 1983දී සංගමයේ උපදේශක මහාචාර්ය ුනන්ද මහේන්ද්‍ර , සංවිධායක ්‍රධාන ආරක්ෂක නිලධාරී බන්දුල සපරමාදු සහ සංගමයේ ලේකම් ගීත නිබන්ධිකා rathnakumari අමරසූරිය සමග මා පොතුපිටිය වාද්දුවේ වාළුකාරාමයේ ්‍රථම පුස්තකාල පාඨක සමාජය අරඹමින් සිදුකළ දීප ව්‍යාප්ත ාහිත්‍යය මෙහෙවර වසර කිහිපයකට පසු ලෝකයේ දැවැන්තම ස්වේච්ඡා යුනිස්කෝ පුස්තකාල පාඨක සමාජ ජාලය බවට පත් විය. 

ම පළමු පුස්තකාල පාඨක සමාජය මෙහෙයවු  චන්ද්‍රික  ්‍රිශාන් පුතා අද  ප්‍රධාන මාධ්‍යවේදියෙකි. 

මෙරට සාක්ෂරතා මට්ටම වර්ධනය කිරීමට ළමා පොත් සංගමය ගෙනගිය උත්තරීතර මෙහෙවර ්‍රංශයේ යුනෙස්කෝ මූලස්ථානය අගැයීමට පත්ව, 1989  දී ලෝකයේ හොඳම යුනිස්කෝ වැඩසටහන ලෙස තෝරා අප සංගමයට $2500 ක තෑග්ගක් හිමි වූ පසු,  සංගමයේ මඟ අවුරා සිටි ‘’ වීරයෝ’’ එම තෑග්ග පසු ප්‍රංශයට යැවීමට පවා සමත් විය, 

සමත්ව ලංකාව පුරා සමාජ සංස්කෘතිය උඩු යටිකුරු කරමින් රටපුරා පන්දහසක් පමණ ස්වේච්ඡා නිලධාරීන් ගෙන ගිය උතුම් මෙහෙවරට නීතිඥ වීදියවත්ත මහතා වැනි උගත් පිරිසගෙන් ලැබුණේ මහා සවියකි ශක්තියකි.

ඒ දිනවල  පේ සමාජ ක්‍රියාත්මක සියලුම ගම්මාන වල  සියළුම සමාජ සංස්කෘතික වැඩ සංවිධානය කළේ ඒ පාඨක සමාජ ජාලය විසිනි. 

ඒ දිනවල එවැනි ගම්වල සිදුවන පොදු වැඩවල මූලිකව කටයුතු කළේ අපේ දරු සාමාජික දරුදැරියන් ය. 

ඒ ගම්වල සිදුවන ඕනෑම මරණයකදී සුදු කොඩියක් ගෙන සාමාජික කණ්ඩායම පාඨක සමාජයේ සිට රණ ගෙදර දක්වා පෙරහැරෙන් යාම අනිවාර්ය පාඨක සමාජ රීතියකි. 

මගේ මෑණියන් මියගිය 2000 වසරේ  එතුමිය ගේ මලගෙදරට ආ දහසක් දෙනා අතර, මට අදටත් අමතක නොවන හෘදය කම්පනය කරවන සුදෝ සුදු වතින් සැරසුණු ළමා පෙරහැර ගම්පහ සිට කිතලන්ගමුව ගම්මානය දක්වා නීතිඥ වීදියවත්ත මහතාගේ මගපෙන්වීම යටතේ සැපත් වුනු අනුවේදනීය අවස්ථාව මට කිසිදිනක අමතක නොවේ.   

ඒ ස්වර්ණමය අතීතය නැවත මතකයට ගෙන ආ ඔබතුමාගේ සියලු කටයුතු සාර්ථක වේවා. 2023 ශුභ නව වසරක් වේවා!


Comments

Popular posts from this blog