සම්මානනීය ලේඛක අනුර බී සෙනවිරත්නයන්ට උපහාරයක්!

 


සංගමයෙන් උපන් ළමා පොතක් Amazon දක්වා යාම; සමහර පින්වත් දරුවන් කිසියම් පවුලක ඉපදුනාම, ඒ දරුවා නිසා ඒ අම්මා- තාත්තා, පවුල, සමාජය මෙන්ම රටම බැබළෙන අවස්ථා තිබෙනවා. අපේ මව්බිමේ ජාතික අවශ්‍යතාවයක් වෙනුවෙන්ම බිහිවුන ළමා පොත් සංගමය තුළින් නිර්මාණය කළ ‘ නව ළමා සාහිත්‍යය පවුලේ’ ඉපදිච්ච අනුර බී සෙනවිරත්න කියන පින්වත් දරුවාත් අන්න ඒ වගේ වාසනාවන්ත පුතෙක්. 


      ඒ දරුවා නිසා ළමා පොත් සංගමයට අද වොෂින්ටනයේ පිහිටි ජාත්‍යන්තර ළමා චිත්‍ර පදනමට නැවතත් කතා කරන්න පුළුවන්. 

      මගේ පළමු සටහනේ දැක්වූ පරිදි ළමා සාහිත්‍යය පවුල මුතු පොටක් නම්, අනුර බී සෙනෙවිරත්නයන් කියන්නේ ඒ මුතු වැලේ ඉහළින්ම බැබළෙන මුතු ඇටයක්. ගල් බොරළු අතරින් මතු කර ගත් ඒ මුතු ඇටය ඔපවත් කිරීමට දායක වූ ඉන්ද්‍රනාථ තේනුවර සහ ්‍රේම් දිසානායකයන්ටත් අපගේ උණුසුම් ස්තුතිය! ප්‍රේමණීය ප්‍රේම් ගැනත් වචනයක් ලියන්න ඕනෑ. 
         ඒ කාලයේ දකුණු ආසියා ළමා හිමිකම් කමිටුව ආරම්භ කළ සමයේ මා විසින් නේපාල රාජ්‍යයේ සිදුකළ සමාජ අත්දැකීම් ඇසුරෙන් ලියන ලද, ‘බුදුන් උපන් දේශයට චාරිකාවක්’ නමැති පොතට කවරයක් හදාගන්න අපේ සීමිත ප්‍රකාශන ආයතන සියල්ලම ප්‍රතික්ෂේප කළ පසුබිමක මා සේවය කළ මහජන බැංකු මුලස්ථානය අසල කුඩා කාර්යාලයක සේවය කළ කලාකාමී ප්‍රසන්න පුද්ගලයෙක් මට ලස්සන කවරයක් හදලා දුන්නා. 
        කවරෙ මුද්‍රණය කරන්නවත් කිසිම ප්‍රකාශන ආයතනයක් බාරගත්තේ නෑ. 
     සාර්ක් ළමා කමිටුවේ ියෝජ්‍ය සභාපති ලෙස මට තිබූ සම්බන්ධතා යටතේ එම පිට කවරය ඉන්දියාවෙන් මුද්‍රණය කර ගන්න සිදු වුණා. 
      ආචාර්ය ධනසිරිi බෝධිනායකයන් තමන් කියවූ රසවත්ම දේශ චාරිකා පොත ලෙස අගය කළ බුදුන් උපන් දේශයට චාරිකාවක් අද වන විට රජය අනුමත, රාජ්‍ය සරසවි වල පුස්තකාල සඳහා අනුමත පොතක් බවට පත්වෙලා. 
       එදා මට බුදුන් උපන් දේශයට නිර්ලෝභීව පොතේ පිට කවරය ඇද දුන්නෙ ‍ප්‍රේම් දිසානායකයන් විසින්. ඉන්පසු මා රාජ්‍ය සම්මාන ලේඛක සම්මානයක් දිනා සිටී,ප්‍රායෝගික හා  අධ්‍යාපන සුදුසුකම් ලත් මාධ්‍යවේදියෙකු වුවද ඒ සියල්ල අතහැර මගේ ලේඛක දිවිය ගැන ද කලකිරී මා විසින් පොත් ලිවිම නවතා අනෙකුත් අයට ලේඛකයන් වීමට උදව් කරන්න තීරණය කළා. 

     ඒ අවධියේම කුරුණෑගල මතව ගම්මානයේ සිටි ගුරු යුවළකගේ දඟකාර දියණියක්, අම්මා පාන් ගෙඩියක් ඔතා ගෙදරට ගෙන ආ පත්තර කෑල්ලක තිබුන’ ඔබේ ගමටත් පුස්තකාලයක්’ යන පුංචි දැන්වීම ඔස්සේ ගොස් ගමේ රණමයුර ළමා පාඨක සමාජය බිහිකර, මුල්වරට කොළඹ ළමා පොත් සංගමයට කොළඹට පැමිණ, 2002 දී මුල්වරට තම ප්‍රථම විදේශ චාරිකාව මා සමඟ වොෂින්ටන ලෝක ළමා සමුළුවට ගිය ඒ දිරිය දියණිය අද මේ රටේ මිනිස් බල රැකී රක්ෂා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් පදවියට පත් අනුෂා ගෝකුල සාමාජිකාවයි. ‘’ ‘’
     ‘’ සර්, ඉතිහාසයට කාටවත්ම යන්න බෑ. කවදාහරි ඒ ඉතිහාසය අප වෙනුවෙන් කතා කරයි….’’ 
       ඒ අනූෂා දියණිය මට නිතරම කියන කතාවක්. 
     ඇය පමණක් නොව ඇගේ දරුවන් තිදෙනාගේ ද ළමා ලෝකය හරවත් උනේ ළමා පොත් සංගම් මාතාවගේ තුරුලේමයි. 
      ඇගේ එකම දියණිය ෆාතිමා නයි සාරා ළමා ලේඛිකාවක් වුණේ ළමා පොත් සංගමයෙන්. නයිසාරා ද වෛද්‍යවරියක් වූ පසු සාහිත්‍යයෙන් ඈත් වෙලා වගේ. 

       එදා අනුෂා දියණිය රාජකාරි කළ ාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ඇයගේ පුටුවට පැමිණි මාවනැල්ලේ නාලක දිසානායක පුතා එදා වසන්ත ළමා සාහිත්‍ය කඳවුරේ නායකත්ව පුහුණුවෙන් පන්නරය ලබා දැන් අලුත්ම ළමා පොතක් ලියන්න සූදානම. 

     පරිපාලන සේවය සඳහා රටටම උගන්වන නාලක දිසානායක පුතා තවත් වටිනා මුතු ඇටයක්. 

     අපේ මව්බිමේ රාජ්‍ය මාධ්‍ය නාලිකා දෙකම බබළවන තවත් මුතු ඇට දෙකක් මා දකිනවා. 

     එදා එක දරුවෙක් උසස් පෙළ ලියා ප්‍රතිඵල එනතුරු තම ජීවිතයේ මුල් වරට ලියන ලද ‘’ ටකරම් පුත්තු’’ නමැති යොවුන් කතාව අලෙවි කිරීමට අඹේපුස්සේ සිට කොළඹට පැමිණ ලේක්හවුසියේ සිට පයින්ම ගොඩගේ සමාගම දක්වා දවස පුරා කොළඹ පොත් කඩ පීරමින් ඇවිද්දත් මුළු කොළඹම එකම පොතක්වත් නොගත් අවස්ථාවක, තම පොත් මිටිය ආපසු ගෙදර ගෙන නොයා රඳවා තැබීමට වැඩිහිටියෙකුගේ උපදෙස් අනුව බොරැල්ලේ කොළඹ පොත් සංගමයට ගොඩ උනා. 

     ඒ වෙලාවෙත් මදුරසිංහ ගුණතිලක ලේඛක වියතාණන් සංගමයට පැමිණ හිටියා. ළමයින්ට මුල්තැන දෙන සංගමය මේ තරුණයා සඳහා අසුන් පනවා ඔහුගේ පොත් මිටිය බාරගත්තෙ විකුණා මුදල් දෙන පදනමට. 
     
       ඒ දිනවල රට පුරා ළමා පුස්තකාල වලට අපට පොත් අවශ්‍යව තිබුණා. මෙයින් පුදුමයට පත් තරුණයා, මෙහෙම කිව්වා. 

     ‘’ මට තමුන්නාන්සේලාට වචනයක් කියන්න තියෙනවා. මං මෙතැනට ආවෙ පොත් විකුණන්න නෙමෙයි. මගේ පොත් මිටිය දවසක් දෙකකට තියලා යන්නයි. මං අද දවස තිස්සෙම කොළඹ පුරාම පොත් කඩවල ඇවිද්දා. මට එක තැනකින් වත් වාඩි වෙන්නවත් වතුර ටිකක් වත් ලැබුණේ නෑ. මගෙන් එක එක ප්‍රශ්න අහල පොත් එපා කිව්වා පොත් සංගමයේදී මට අසුනක් පනවා බීමට වතුර උගුරක් දුන්නා. ඒ පමණක් නෙවෙයි ිසිවක් ප්‍රශ්න නොවිමසා පොත් භාර අරන් අතට තුටු පඬුරුත් දුන්නා. මේ සිද්ධිය නිසා මගේ මුළු ජීවිත රටාව ම වෙනස් වුණා. මුහුදේ පනින්න තරම් වේදනාවකින් සිටි මා නැවත ගමනක් ලේඛක පෑන අතට ගන්න මෙතෙන්දි තීරණේ කළා…….’’

       සිත් තැවුලින් සිටි තමන්, මින්පසු නැවතත් තමන්ගේ ලේඛක පෑන අතට ගෙන කලාකරුවන්ගේ ලෝකෙට පා තබන බවත් දා බිඳු පිරුණ මුහුණේ බලාපොරොත්තු සහගත සිනාවක් නගා ගෙන කීවා. 

      පසුකාලීනව, දඩිබිඩිස්’ අටපට්ටම වැනි පුදුමාකාර නිර්මාණ කරමින් ITN නාලිකාව තුළින් ජාතියට දායාද කළ ඒ වාසනාවන්ත මුතුඇටය තමයි ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි . 

     ගුරු ජීවිතයෙන් සමාජ මෙහෙවර පටන් ගත් මා පසුකාලීනව රාජ්‍ය බැංකු සේවයට අමතරව බොරැල්ලේ දැනුම විද්‍යායතනය පටන් ගත්තා. ඒ පන්තියේ නීති හරි සැරයි. රූපවාහිනී නොතිබුණ ඒ කාලේ මගේ පන්ති වල සිසුන් ගුවන් විදුලි ප්‍රවෘත්ති ලියන්නම ඕන. තුනේ පන්තියේ ළමයි ප්‍රවෘත්ති තුනයි හතේ නම් ප්‍රවෘත්ති 7 යි. නැත්නම් පන්තියෙන් දොට්ට. 

    මෙරට රජය අනුමත ්‍රථම OL ගණිත පොතේ කතෘ සහ රාජ්‍ය සම්මාන දිනූ විද්‍යා ලේඛකයා ලෙස මවුපියන් මට බොහොම ගරු සරු කළ නිසා මගේ මොන නීති යටතේ හරි දරුවන් මගේ පන්ති වලට එව්ව. 

    නිවැරදිව ලියු ප්‍රවෘත්ති වලට මං ‘තරු’ ලකුණක් දෙනවා, මාසේ අවසානයේ වැඩිම තරු ලකුණු ගන්න ළමයට පොතක් තෑගි දෙනවා. එදා මගේ පන්ති වල හිටි පුංචි පුතෙක් හැමදාම ්‍රවෘත්ති වලින් පලවෙනි තැන දිනා ගත්තා. 

    ඒ පුතා තමයි තමන් මාධ්‍ය ලෝකයට ආවේ සර් හන්ද කියල නිතරම කියන පවසන - පසුකාලීනව ජාතික රූපවාහිනීයේ ලාබාලම ප්‍රවෘත්ති අධ්‍යක්ෂ තනතුරටත් පත්ව මේ රටේ ප්‍රධානීන්ගේ මාධ්‍ය ලේකම් තනතුරටත් පත්වුණ. ඒ තාරකාව තමයි මොහාන් කරුණාරත්න පුතා. 

     තම අක්කා සමග දැනුම ිද්‍යායතනයට පැමිණි අනුෂ පැල්පිට පුතා මාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස බැබළෙන තාරකාවක් බවට පත්වෙලා. 

     එදා වසන්ත ළමා කඳවුර ළමා නායකත්වය පුහුණුව ලබා ඒ තුළින් යාපනයේ ජයසිකුරු මෙහෙයුම සඳහා ද අමරණීය පාඩම් පුහුණු නිර්මාණය කරගත් අද වන විට යාපනය ප්‍රදේශයේ ශ්‍රී ලංකා යුද හමුදාවේ කර්නල්වරයෙකු ලෙස සේවය කරන ්‍රසන්න ලියනගමගේ පුතාද මේ මුතු පොටේ වටිනා මුතු ඇටයක්. 

   උසස් පෙළ ලියා සිංහල දැනුම වර්ධනය කර ගැනීමට එදා ජනතා පත්‍රයේ කතුවරියක වූ ශීලා wickramasekara- තම මවගේ උපදෙස් මත සංගමයට පා තබා අප ළමා සේවාවන්ට උසස් දායකත්වයක් ලබාදී අද වන විට සිළුමිණ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ පදවිය දරන තාරක වික්‍රමසේකර පුතාද වටිනා මුතු ඇටයක්. 

   ඒ මුතු වැලේ දෙස් විදෙස් දහස් ගණනක් මුතු පිරිලා. ළමා පොත් සංගමයේ ආරම්භක ලේකම් අජිත් පුතා අද ලන්ඩන් වල පදිංචි ඉංජිනේරුවෙක්. සංවිධායක කපිල පුතා ද ඕස්ට්‍රේලියාවේ පදිංචි ඉංජිනේරුවෙක්. ඒ දෙදෙනාත් මාගේ අධ්‍යාපන වැඩසටහන් වලටත් සහභාගි වූ අයයි. 

  සංගමයේ අහිංසක වැඩ ගැන වැරදි මත පතුරවමින් එදා සිටම කරදර කරන පුද්ගලයන් සංගමයට විදේශ ආධාර ලැබෙනවා කීවට, මෙම සංගමය කටයුතු කරන්නේ දෙමව්පියන්ගෙන් සාමාජික දරුවන්ගෙන් සහ රාජ්‍ය අනුග්‍රහයෙන් ලැබෙන ශක්තිය මත පමණයි. 

   ඊට අමතරව කපිල පුතා සංගමයට බොහෝ සේ මුදලින් ආධාර කරන්නේ මෙය පුණ්‍ය කර්මයක් බව ඔහු හොඳින්ම දන්නා නිසා.

   2 වසරේ සිටම මාගේ දැනුම අධ්‍යාපන ක්‍රමය අනුගමනය කළ කොළඹ ලින්සේ බාලිකා වේ උගත් anjana සේනාධීර දියණිය(ජයවර්ධනපුර සරසවිය) සහ පිලියන්දල ධර්මසේන ආටිගල විදුහලේ ්‍රී මානි උමේෂ (විදේශගත) දියණිවරුන් 2008 වසරේ ශිෂ්‍යත්වයෙන් සමස්ත ශ්‍රී ලංකාවේ ප්‍රථම හා දෙවන ස්ථාන දිනා ගැනීමත් මගේ දිවි මගේ අමරණීය සටහන්. 

  අපේ ළමා පරපුරට  සත සලසන ප්‍රථම ළමා බැංකු ගිණුම වන සිසු උදාන නිර්මාණය මෙන්ම, එවක ජනාධිපතිනිය ගේ උපදෙස් පරිදි සුළු වෙළෙඳුන් සඳහා ණය යෝජනා ක්‍රමය නිර්මාණය ද මගේ සිතේ තැන්පත් ජීවිත සටහන්.  

  1999 වොෂින්ටනයේ ධවල මන්දිරයේදී එවක ජනාධිපති බිල් ක්ලින්ටන් සමග ාත්‍රි ආහාර වේලක් ගැනීමට ලැබීමත්, 1995 දී හරාරේ, zimbabwe ොදුරාජ්‍ය සමුළුවේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා හමුවී ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව ඉදිරිපත් කිරීමත් අමරණීය සිහිවටන. 

   දකුණු ආසියා ළමා හිමිකම් කමිටුව නේපාලයේ කත්මන්ඩු නුවරදී Saarc මහ ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස රජීව් ගාන්ධි, Koirala අගමැති,Erzaad බංගලදේශය ජනාධිපති වැනි ආසියා නායකයන් හමු වීමත් ජීවිතයේ ලද වාසනාවක්. 

   2000 වසරේදී මා මුහුණ දුන් මාරාන්තික හදවත් සැත්කම කළ අවස්ථාවේදී නම් මට මතක මොහාන් කරුණාරත්න පුතාගේ මුහුණ පමණයි . 

  මගේ හදවත් සැත්කමට රුධිරය අවශ්‍යතාව යෙදී නවලෝක රෝහල අසල දිග පෝලිමක් හැදුනු බව එරන්දි දියණිය මා සමග කීවා. 

  ඒ අතරින් මට මතක ජෙරමි පුතාගේ නම විතරයි. 

  අනික් හැම දරුවන්ගේ ම රුධිරය මගේ ඇඟේ දුවනවා. රටේම දරුවන් වෙනුවෙන් කැපවුන ජීවිතයක් වෙනුවෙන් ඔබ කළ පින්කමට පින්! 

   හතළිස් වසරක සමාජ මෙහෙවරෙන් පස්සේ වයස්ගත වූ අපට දැන් හොඳ හැටි පෙනීමත් නැහැ. 

   අධ්‍යාපන අමාත්‍යාංශයතුළ රැඳෙමින් සිට පස් අවුරුදු සාක්ෂරතා වර්ධන ජාතික සේවය ඉටු කිරීමෙන් පස්සේ.  ජයතිලක  අධ්‍යාපන ඇමතිතුමා මට කීවේ බොරැල්ලෙ කැම්බල් පිටිය අයිනේ පුංචි කාර්යාලයත් තාවකාලිකව හදා ගන්නා ලෙසටයි. 

  ඉතින් මං ළමයි කණ්ඩායම සමග බන්ධනාගාරය ඉදිරිපිට තාවකාලික කාර්යාලය හදාගන්න කැලය කපා සුද්ද කරන්න පටන් ගත්තා පමණයි. තවත් ස්වේච්ඡා ආයතනයක කියපු තරුණ කණ්ඩායමක් ඇවිත් අප කණ්ඩායම පන්නා ගත්තා.

    ඒ දිනවල   අධ්‍යාපන මාත්‍යාංශය මගින් මට විශේෂ රාජකාරියක් පවරලා තිබුණා. ඒ තමයි හැම සෙනසුරාදාම උදේට යුනෙස්කෝව පිළිබඳව ්‍රචාරක වැඩ සටහන ‘’ යුනෙස්කෝ අඩ පැය’’ නිෂ්පාදනය කිරීම. 

   ඒ තුළින් සංගමයෙන් ළමා පොත් වරම් ලැබූ පුන්චි වෙළෙඳා වැනි ළමයින් මා අතින් අල්ලා ගෙන තමයි ගුවන් විදුලියට ගියේ. 

  ඒ ළමයත් දැන් දොස්තර වෙලා පොත් ලිවීමෙන් අයින් වෙලා වගේ. 

  ඉතින් ඒ දවස්වල රටේ පැවති කලබල නිසා ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදකවරුන් ටොරින්ටන් ආසන්නයේම පදිංචි විය යුතුයි කියලා ගුවන්විදුලියේ තේවිස් ගුරුගේ මහතා නීතියක් දාලා තිබුණා. 

  ඉතින් මට බැංකු කළමනාකරුවෙක් ලෙස කැලණියෙන් හම්බවුන නිදහස් නිවහල් නිවාසය අතැරලා බොරැල්ලෙ පදිංචියට ආවා. 

   අර ස්වේච්ඡා කණ්ඩායම විසින් පන්නපු අපි ඔක්කොම බොරැල්ලෙ මගේ පුංචි නිවෙසට එකතු වුණා. 

   අපගේ උපදේශකවරයකු වූ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මැතිතුමා ඒ කාලේ නුගේගොඩ උඩහමුල්ලේ ඉඳලා බොරැල්ලට ඇවිත්, එතුමාගේ වාහනය අපේ කාර්යාලය අසලින් නතර කරලා එතැන් සිට කැලණිය සරසවියට යාමේ පුරුද්දක් තිබුණා. 

   ඒ නිසා එතුමා ගෙන් අපට නිරතුරුවම උපදෙස් අවවාද අනුශාසනා ලැබුණා. 

   කැම්බල් පාර්ක් එකේ තාවකාලික නිවස ගොඩ නගන්න කැප වෙලා හිටපු කණ්ඩායම අතර සිටී සමහරුන් ඉතා දරුණු ලෙස කෝප වී සිටියා, 

   මං බය වුනා උන් ගිහින් අර කණ්ඩායමට අරගල කරයි කියලා. මහාචාර්යතුමා සරසවි හැරිලා මෙතනට එනකං ටිකක් ඉවසමු කියලා මං හැම දෙනාගෙන්ම ඉල්ලා සිටියා. 

   කතාව අවබෝධ කරගත් මහාචාර්යතුමා මෙහෙම උපදෙස් දුන්නා. 

   ‘’ ළමා පොත් සංගමයේ ඉන්නේ කලාකාරයො. හැබැයි අර කලබල කාරයෝ කල හකාරයො. කලාකාරයින්ට කලහකාරයො වෙන්න බෑ ඒ වගේම කලහකාරයින්ට කලාකාරයො වෙන්නත් බෑ. 

   එහෙම කියලා එතුමා මගෙන් විමසුවා,

   ‘’ අම්බලම්පිටිය මහත්තයෝ, මේ ස්ථානයේ පොඩි ඉඩක් තාවකාලිකව ළමා පොත් සංගමයට දෙන්න පුලුවන් නේද කියලා.’’

    මං ඒකට කැමති උනා. ඉන්පසු එඩ්වින් ආරියදාස මහතා ඇතුළු මේ රටේ සියලුම කලාකරුවන් මේ ස්ථානයට ආවා ගියා. 
    හැබැයි සංගමයට කාර්යාලයක් ලබා ගැනීම පිළිබඳ ව කිසිවෙක් කිසි දෙයක් කතා කලේ නෑ. 

   ඒ තාවකාලික කාර්යාලය දැන් සදාකාලික වෙලා. මේ කාර්යාල- නිවස ද දැන් කඩාහැලෙන කිට්ටුයි. බැද්දේගම සිලිදුගේ ගේ වගේ තමයි. 

   අර අප කණ්ඩායම පන්නා ගත්තු ස්වේච්ඡා යැයි කියූ කණ්ඩායම අද වන විට බන්ධනාගාරය ඉදිරිපිට සත් මහල් ප්‍රාසාදයක් හදාගෙන අපූරුවට- ගජරාමෙට ව්‍යාපාර කරනවා. 

   පුදුම ලෝකයක්! 

    මේ දහසක් කරදර මැද්දෙ තම අතීතය ගෞරවනීය ලෙස සිහිපත් කළ අනුර බී සෙනවිරත්න පුතණුවන් පළවැනි මුතුඇටය අමුණලා හොඳ ආදර්ශයක් දීල. 

    අද දෙසැම්බර් 22 පෙරවරු එකොලහයි 45යි. 

   දැන් ඔන්න මට දුරකතන පණිවුඩයක් ආවා- 

  පොළොන්නරුවෙ මහජන බැංකුවේ කළමනාකරුගෙන්. ඔහු ඉන්නේ විහාරගම ණිෂ්ඨ විද්‍යාලය කියලා කිව්වා. ඔහු මගෙන් ඉල්ලුවා සිසු උදාන මතක සටහන් නමැති පොතේ පිටපතක්. 

   මං ඔහුට උත්තර දුන්නා සිසු උදාන පටන් ගත්තෙ ඔය පාසැලේම තමයි. එහි විදුහල්පති ජයතිස්ස මහතා ට සිසු උදාන මතක සටහන් පොත් විස්සක් ඒවා ඇති විත්තිය. 

   එවිටම එහි සිටි ජයතිස්ස මහතා සම්බන්ධ වුණා. 

  '' මං එවන ලද පොත් විස්සට මුදල් එවන්න. පොත් මුද්‍රණය කළ මුද්‍රණාලයට මා තව මුදල් ගෙවලා නෑ…..'' මං කීවා…. 
      රැස්වීමේ සිටින නිසා තවත් ටික වෙලාවකින් මට කතා කරන්නම් විදුහල්පති ජයතිස්ස මහතා කීවා. 

  ඒ රැස්වීම අද සිසු උදාන පටන් ගත්තෙ ස්කෝලේ ිසු උදාන ප්‍රචාරක රැස්වීමක් ලු. තවමත් නොමැරී ජීවත්වන මං ඒ ගැන හාංකවිසියක් වත් දන්නෙ නෑ. මා මල පසු කිසිවෙක් වත් මේ ගැන කියයිද? කිසිවෙක් දනීද? 

   මේවත් මහා දේව සාප ද නැත්තං දේව ආශිර්වාදද කියලා හිතෙනවා……..

   සිසු උදාන නිර්මාණය කිරීමේ වැඩ සැලසුම- මා සතුව තියෙන්නේ. බැංකුවේ තියෙන්නේ බෝඩ් ලෑල්ල විතරයි. ‘’ සිසු උදාන මතක සටහන්’’ රජය අනුමත පුස්තකාල පොතක් වන මෙය කියවන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. 

   ඒ කාලයේ නම්Anusha දියණිය දරුවන් තුන්දෙනත් එක්ක නිතරම මෙතැනට එනවා. සමහර වෙලාවට පුංචි දරුවන් මෙහෙ තියලා මහත්තයත් එක්ක කුරුණෑගල අම්මලා බලන්න යනවා. දැන්නම් කාලෙකින් ආවේ නෑ. ඉහත සඳහන් කරපු හැම දෙනෙක්ම පාහේ දකින්නත් ආසයි. 

    ඔන්න මිනිස් බල අධ්‍යක්ෂ ජනරාල් තුමියට මේ මුතු ඇට ටික අමුණ ගන්න ගන්න හොඳම වේලාව! 

    මානව සමාජය තුළින් උපන් මානව සමාජයට දැඩි සේ ආදරය කළ මානවයෙකු ට එම සමාජයේම ඇතැම් මානවයන් පිරිසක් විසින් සිදුකළ අනේක විධ දුක්ඛ දෝමනස්සයන් සිත්තැවුල් හා කරදර පිළිබඳව බිඳක් දැනගැනීමට පිටු එකසිය හතළිස් නමයකින් සපිරි ‘’ සිසු උදාන මතක සටහන්’’ පොතක් ළමා පොත් සංගමයට රුපියල් හාරසියක් එවීමෙන් ලබාගන්න.

     Whatapp 0718153788 

     මෙම ලිපිය හැකිතාක් share කරන්න, සමාජගත කරන්න. 
     www.ccbsunesco.org

Comments

Popular posts from this blog