පසඟ පිහිටුවා වැඳීම

පසඟ පිහිටුවා වැඳීම
අද 2022 උඳුවප් පුර පොහෝ දිනයයි. ලොවපුරා සියලුම බොදුනුවෝ අද බුදුන් වදාළ ධර්මය අනුවයමින් ආගමික ස්ථානවල දී බුදුන් වැදීමේ ආගමික චාරිත්‍රය සිදු කරනු ලබති. එහෙත් බොහෝ දෙනා පසඟ පිහිටුවා වැඳීම පිළිබඳ විද්‍යාත්මක වටිනාකම කිසිවිටෙක සාකච්ඡා කරනු නොපෙනේ. *** මෙහි විද්‍යාත්මක සත්‍යය බාල- මහලු සහ වැඩිමහල් සියළු දෙනාම දැන ගත යුතු බව අපගේ හැඟීමයි. පසඟ පිහිටුවා වැදීමේ කාර්ය ය විශේෂයෙන්ම බෞද්ධ පුද සිරිත් වල දක්නට ඇති ිද්‍යාත්මක වටිනාකමක් ඇති හේතුවක් බව බොහෝ දෙනකු කල්පනා කරන බවක් නොපෙනේ. වරෙක ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර staten දිවයිනේ පිහිටි නිව්යෝක් බෞද්ධ විහාරයට මා ගොඩවැදුන අවස්ථාවක එහි ස්වාමීන් වහන්සේලා විශේෂ පිරිත් සජ්ඣායනාවකින් පසු මා ඇතුළු අප කණ්ඩායම වෙත විශේෂ පිරිත් දේශනාවක් පවත්වා පිරිත් නූල් සූදානම් කර අපේ අත්වල ගැට ගසන ලදී. ඒ අවස්ථාවේ අප උන්වහන්සේලාට පසග පිහිටුවා වැන්දෙමු. එම අවස්ථාවේදී, විශේෂයෙන්ම ඇමෙරිකාව වැනි බටහිර රටවල ජනතාවට පසඟ පිහිටුවා වැඳීම පුරුද්ද තරමක් නුපුරුදු බව .උන්වහන්සේ අප සමග පැවසූහ. එහෙත් අප විසින් උන්වහන්සේලාට පසඟ පිහිටුවා වැදීමේ වැදගත්කම එම අවස්ථාවේදී පහදා දෙන ලදී. එම කරුණු වලට සවන් දුන් උන්වහන්සේ පවසන ලද්දේ එසේ පසඟ පිහිටුවා වැදීම පිළිබඳ වැදගත්කම අප විසින් දක්වන තුරු එහි විද්‍යාත්මක වටිනාකම පිළිබඳ ව එතරම් කල්පනාවක් නොකළ බව ය. *** දඹදිව බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉදිරිපිට ලොව විවිධ රටවලින් පැමිණි බෞද්ධයන් විසින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කරන ආකාරය මා කිහිප වරක් බලා සිට ඇත. ඒ අතරින් පසඟ පිහිටුවා වැඳීම ශ්‍රී ලාංකිකයන් ඇතුළු ජාතීන් කීපයකට පමණක් ඇති සුවිශේෂී පුරුද්දක් බව එහිදී ද මට අවබෝධ විය. දැඩි භක්තිමත් ජපන් ජාතිකයන් බෞද්ධ වන්දනාවේ යෙදෙන්නේ අප ඇතැම් පින්තූරවල දැක ඇත්තා සේ දීපංකර බුදුන් වහන්සේ ගෙන් නියත විවරණ ලබන සුමේධ තවුසාණන් බිම දිගාවී ඇද වැටුණ ආකාරය සිහිපත් කරන අයුරින් බිම දිගාවී වැඳ වැටීමෙනි. *** මුස්ලිම් ජාතිකයන් ද දෙවියන් වැදීමේ දී නලලත බිම ස්පර්ශය කරමින් වන්දනාවේ යෙදෙන බවක් දකින්නට ඇත. කුමන ආගමක කුමන පිරිසක් මෙසේ කළ ද මෙම වන්දනාවේ විද්‍යාත්මක හරය කුමක් දැයි අපි විමසා බලමු. මෙම කරුණට පාදක උන ළමයින් පිළිබඳ මගේ අත්දැකීම මෙයයි. මා විසින් 1995 දී ළමයින් සඳහා ඉදිරි කිරීම දිරි ගන්වන ‘’ සිසු උදාන’’ නමැති ළමා ගිණුම මහජන බැංකුවට හඳුන්වා දෙන ලදී. සාමාන්‍ය පෙළ පන්ති වල ඉගෙන ගන්නා සිසු දරුවන් සඳහා එවක අධ්‍යාපන අමාත්‍යාංශයේ නව නිර්දේශ අනුකූලව ලියන ලද අමාත්‍යාංශය අනුමත කළ ප්‍රථම ගණිතය පොත වන සරල ගණිතය ද ලියන ලද්දේ මා විසිනි. ඒ අනුව ‍ප්‍රථම වරට බැංකු ප්‍රජාවට, වයස 18 ට අඩු දරුවෙකු විසින් බැංකුවේ තැන්පත් කරන ලද ඕනෑම මුදලක් වැඩිහිටියෙකු විසින් තැන්පත් කරන ලද ස්ථාවර තැන්පත් ගිණුම කට (Fixed Account) සමාන වේ’ යන න්‍යාය ද පළමුවෙන් ම මහජන බැංකුවට හඳුන්වා දෙන ලද්දේ මා විසිනි. අද වන විට සියලුම බැංකුවල වඩාත්ම ජනප්‍රිය වී ඇත්තේ දරුවන් සඳහා වන ළමා ගිණුම් ය. *** එවකට මහජන බැංකු කළමනාකරුවෙකු ලෙස සේවය කළ මා ගේ සේවය සමස්ත ළමා පරපුරට ම ලබා දීමේ අටියෙන් එවක සිටී ජනාධිපතිතුමියගේ ද අනුමැතිය යටතේ මා ළමා ඉතිරි කිරීම් පිළිබඳ ජාතික සම්බන්ධීකරණ ලේකම් වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවය සඳහා පත් කරන ලදී. රට පුරා පාසල් දරුවන් දොළොස් ලක්ෂයකට වැඩි පිරිසක් වෙතට ඉදිරි කිරීම හා සම්බන්ධ - බෞද්ධ දර්ශණය ඇතුලු විවිධ මානව ගුණාංග පිළිබඳව ඔවුන්ට දේශනා පවත්වා උපදෙස් දෙන ලදී. බුදුන් වහන්සේගේ අනර්ඝ ඉගැන්වීම් අතර දක්නට ඇති 25% ක කොටසක් තම අනාගතය වෙනුවෙන් ඉදිරි කිරීමේ ඇතිවග වැදගත්කම පිළිබඳ ව දේශනා කර ඇති එකම උපදෙස ඇතුළත් බුදුන් වහන්සේගේ ඉගැන්වීම් අප අගය කළ යුතුමය. n *** මගේ සමස්ත ජීවිතයම ළමා පරපුරේ කුසලතා වර්ධනය වෙනුවෙන්ම කැප කළ මා අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ කාලය සේවය කළේ කිසිදු විශේෂ දීමනාව කින් තොරව බවද සඳහන් කළ යුතුය. එක සතියකට කිලෝමීටර් දහසකට වැඩි දුර යමින් කළ සේවාවන් ද එම කාලය තුළ විය. ඉතිරි කිරීම මෙන්ම පාසල් දරුවන්ගේ සාරධර්ම වර්ධනය පිළිබඳව මා විසින් රට පුරා පාසල්වල පවත්වන ලද ශිෂ්‍ය දේශනා අතිශයින් ජනප්‍රියව තිබූ ඒ සමයේ විශේෂයෙන්ම කොළඹ නගරයේ බොරැල්ල-සහ නාරාහේන්පිට ප්‍රදේශයේ පාසල්වල දරුවන්ට විවේකී පොහොය දින වල පවා මගේ දේශනා පැවැත්වූ ආකාරය මට සිහිපත් වේ. එවැනි අවස්ථාවල පොහෝ දිනවල පාසල් වල පැවති ශීල ව්‍යාපාර වෙනුවෙන් මා වෙත විශේෂ ආරාධනා බොහෝ ලැබුණි. මෙවැනි අවස්ථාවලදී පාසල් ගණනාවකම බුද්ධ ධර්මයේ ඇති ඉගැන්වීම් වල විද්‍යාත්මක පදනම ඇසුරෙන් විශේෂ දේශනා පවත්වන ලදී. පසුගිය රාජ්‍ය සාහිත්‍යය උත්සවයකදී ්‍රී ලංකාවේ හොදම විද්‍යා ලේඛකයා ලෙස මා වෙත රාජ්‍ය සම්මානයක් ලැබී තිබීම ද මීට විශේෂ හේතුවක් විය. *** එහිදී පසඟ පිහිටුවා වැඳීම පිළිබඳ විද්‍යාත්මක වටිනාකම මා විසින් එම දරුවන්ට පහදා දෙන අවස්ථා වලදී, ඔවුන් මෙන්ම ගුරුවරුන් ද ඒ පිළිබඳව කෙතරම් පැහැදීමකට පත් වුණේ ද කිවහොත් එම දේශන අවසානයේ දී එම පාසල් වලින් මා වෙත ධර්ම දේශනාවකට පසුව දේශක හිමිවරුන්ට හෝ ගිහි දේශකවරුන් ට ලබා දෙන ආකාරයේ පිරිකර පවා ලබා දුන් අවස්ථා මට සිහිපත් වේ. මෙම හදුන්වාදීම සදහා අපගේ සිරුරේ රුධිර සංසරණය පිළිබඳ ව අප විසින් යහපත් අවබෝධයක් ලබා තිබීම වැදගත් ය. ාමාන්‍යයෙන් ද්රවයක් ගලා යන්නේ උස තැනක සිට පහත් ප්‍රදේශයකටය. ඊට ගුරුත්වයේ බලපෑම ද හේතු වේ. හැමවිටම සිරිපා කඳු මුදුන් වලින් පටන් ගන්නා ගංගා මුහුද කරා ගමන් ගන්නේද, සියලුම ජලාශ වල ජලය උස් තැන්වල සිට පහත් තැන් වලට ගලා යන්නෙත් මේ ද්‍රව්‍ය වල පවතින අපූරු ස්වරූපය නිසාය. *** මිනිස් සිරුරේ රුධිර නිෂ්පාදනය, බෙදා හැරීම, පිරිසිදු කිරීම ආදී කාර්යයන් සිදු වන්නේ මිනිස් සිරුරේ මැද පිහිටි හදවත ප්‍රදේශයේය. එහිදී ආශ්වාස ප්‍රශ්වාසයෙන් ලබාගන්නා ඔක්සිජන් ඇසුරෙන් පිරිසිදු කෙරෙන රුධිරය මිනිස් සිරුරේ පිහිටි ධමනි පද්ධතිය හරහා සමස්ථ සිරුර පුරා ම බෙදා හරිනු ලබයි. හදවතින් පහල ප්‍රදේශ වලට අපර මහා ධමනිය මගින්ද හදවතෙන් ඉහළ ප්‍රදේශයට අවශ්‍ය රුධිරය ඌර්ධව මහා ධමනිය මඟින් ද බෙදා හැරෙන අතර එම රුධිරය නැවත කුඩා ධමනි නාලිකා සිය දහස් ලක්ෂ ගණනකට බෙදී අවසන කේශ නාලිකා තරමේ කුඩා ධමනි ඔස්සේ සමස්ත සිරුර පුරාම රුධිරය සංචාරණය වේ. මෙහිදී ද අප මුලින් සඳහන් කළ පරිදි හදවතින් ඉහළ කොටසට රුධිරය ගමන් කරනවාට වඩා පහසුවෙන් හදවතින් පහළ කොටසට රුධිරය ගමන් කරන්නේ අර රුධිර තරලය ද වෙනත් ඕනෑම ‍ ද්‍රවයක් මෙන්ම ඉහළ තැනක සිට පහල තැනකට වඩාත් පහසුවෙන් ගමන් කරන මූලධර්මය යටතේ ය. එම කාරණාවේ විකල්පය සැලකීමේදී අපට පැහැදිලි වන්නේ හදවතින් උඩ කොටසට වඩා හදවතින් පහළ කොටසට රුධිරය ඉතා පහසුවෙන් ගමන් කරනා බවයි. මිනිස් සිරුරේ පිහිටා ඉතාම තද පේශි වලින් නිර්මිත ව ඇති හදවත මිනිසාගේ උපතේ සිට මරණය දක්වාම නොකඩවා චලනය වන්නේ හදවතේ පිරිසිදු කෙරෙන රුධිරය සිරුර පුරා ්‍රමවත්ව බෙදාහැරීම සඳහාය. මෙහිදීද අපර මහා ධමනි වලට වඩා ඌර්ධව ධමනි පද්ධතියට මහත් වෙහෙසක් ගැනීමට සිදු වන්නේ හදවතින් ඉහළ කොටසට රුධිරය ගමන් කරවීම සඳහා හදවතට විශේෂ ශක්තියක් ෝ බලයක් අවශ්‍ය වන නිසාය. ඒ නම් හදවතෙන් ඉහළ කොටසට රුධිරය ගමන් කරවීමට විශේෂ ශක්තියක් අවශ්‍ය වන්නේය. දැන් මොහොතක් කට අපි ‍ක්‍රීඩකයෙකුගේ ක්‍රීඩා ඉරියව් ගැන කල්පනා කර බලමු. සමහර ක්‍රීඩා උපදේශකවරුන් සමහර ක්‍රීඩකයන්ට හිස බිම තබා පාදය ඉහලට ඔසවා සිටින ඉරියව්වෙන් සිටින ලෙසටද උපදෙස් දෙනු ලැබේ. මෙම ්‍රීඩාව සියලු දෙනාටම සුදුසු වුවද නිසි උපදෙස් අනුව පමණක් එය සිදුකළ යුතුය. ඉහත කාලයේ ්‍රී ලංකාවේ සිටි විශිෂ්ට බුද්ධිමතකු වූ ආචාර්ය එන් එම් පෙරේරා මහතා බොරැල්ල කොටා රෝඩ් පාරේ පිහිටි නිවසේ හැම උදයකම පාහේ හිසෙන් සිටගනිමින් සිටී මේ අභ්‍යාසය කළ බැව් ඔහු පිළිබඳව තතු දන්නා හැමටම රහසක් නොවීය. ආචාර්ය පෙරේරාගේ මරණයෙන් පසු ඔහුගේ සමු ගැනීම පිළිබඳව අපූරු පදවැලක් මහාචාර්ය වරයෙකු ලියන ලද ගී පද පේළියක තිබූ පුවතක් අද පවා මට යන්තමින් මතකය. එම කවි පදයෙන් කියැවුණේ ආසියාවේම උගතකු ව සිටි ආචාර්ය පෙරේරා ගේ නිවහනේ පුංචි ජනේලයෙන් හැම උදයකම පාහේ ඔහුගේ දෙපා තමන්ට දකින්නට ලැබුණු බවය. පාර්ලිමේන්තුවේ පවා අය වැය වාර්තා පිළිබඳව අද අපට ඇහෙන නිසරු කථාවන්ට වඩා එදා. අපට ඇසුණේ බුද්ධිමත් වාද විවාදයන් ය. අයවැය පිළිබඳව ඉතා සංකීර්ණ සටහන් හා සංඛ්‍යාලේඛන පිළිබඳව ආචාර්ය පෙරේරාගේ මතකය ඉතා විශිෂ්ට ව තිබුණි. එම දස්කම් සඳහා ඔහුට හැම උදයකම හිසෙන් ිටගෙන සිටීමේ අභ්‍යාසය බොහෝ දුරට හේතු වූ බව බොහෝ දෙනෙක් නොදනිති. *** අපි පළමුව සඳහන් කළ ආකාරයෙන් විනාඩි කිහිපයක් හිසෙන් සිටගෙන සිටීමෙන් පසු එවැනි ක්‍රීඩකයෙකුගේ මුහුණ දෙස මොහොතක් බලන්න. ඔහුගේ මුහුණ ඩා බිඳු සමග වඩාත් රත් පැහැ ගැන්වී තිබෙන ඔබට දැකීමට පුළුවන. එහි තේරුම කිසිවකු විසින් සිටගෙන සිටීමේදී ඌර්ධව ධමනිය මගින් හිසට ඉතා ීග්‍ර ලෙස රුධිරය වැඩි ප්‍රමාණයක් ගමන් කරන බවය. මෙම අභ්‍යාසය ක්‍රමයෙන් පුරුදු වුවහොත් ඕනෑම පුද්ගලයෙකුගේ ජීවිතයට ඉතා ඵලදායක අභ්‍යාසයක් නිරතුරුවම පුහුණු වන බව පැහැදිලිය. මිනිස් සිරුරේ ිතුවිලි ධාරා උපදවන ප්‍රධාන අවයවය වන්නේ මොළයයි. මිනිස් මොලයේ පිහිටා ඇති මිලියන සංඛ්‍යාත සෛල වලට නිරතුරුවම හොඳින් ලේ ගලා ආ යුතුය. එහෙත් මිනිසාගේ සිරුරේ පිහිටීම අනුව මිනිස් මොළයට රුධිරය ගලායාම සාපේක්ෂ වශයෙන් හදවතෙන් පහළ කොටසට රුධිරය ගලා යනවාට වඩා අඩු මට්ටමක පවතී. රාත්‍රියේ අප නිදන අවස්ථාවලදී අපේ සිරුර පොළොවට සමාන්තරව පිහිටන නිසා මොලය පිහිටි ප්‍රදේශයට ද සාධාරණ ලෙස රුධිරය ගමන් කිරීම අරඹයි. නින්ද මිනිසාගේ පැවැත්මට අත්‍යවශ්‍ය හේතුවක් වීමට ද මෙම කරුණ බලපාන බව පැහැදිලිය. අඩ නින්දෙන් අප අවදි වූ විට ද ඒ රුධිර සංසරණය අක්‍රමවත් වීම හේතුවෙන් අප අව සිහියෙන් කටයුතු කරන බව අත්දැකීමෙන් ද කවුරුත් අවබෝධ කරගෙන සිටින කරුණකි. *** මෙම කාරණා සිහියේ තබාගෙන අපි දැන් පසඟ පිහිටුවා වැඳීම පිළිබඳව කල්පනා කර බලමු. ඉහත රූපයේ පෙනෙන පරිදි පසඟ නිවැරදිව පිහිටුවා වැඳීමේ දී නළල දෑත් දෙදණ යන අංශ පහම බිම ස්පර්ශ වන ලෙස තැබීය යුතුය. ාමාන්‍යයෙන් අප භාවිතා කරන ගාථා දෙක තුනක් කීමේදී ඕනෑම පුද්ගලයෙකුට විනාඩි හතරක් පහක් පමණ එම ඉරියව්වෙන් සිටීමට සිදුවේ. මෙහිදී සිදු වන විද්‍යාත්මක සිදුවීම විශේෂයෙන් කල්පනා කර බලන්න. පසඟ පිහිටුවා වැඳීම සිදු වන අවස්ථාවේ දී හදවත පිහිටන ස්ථානය කල්පනා කර බලන්න. එවිට හදවත සහ මොලය ෘජුකෝණී ත්‍රිකෝණයක සෘජුකෝණයට ඉදිරියෙන් පිහිටි විකර්ණ රේඛාව ඔස්සේ පිහිටන බව අපට පැහැදිලිය. බුද්ධ කාලයේ ජීවත් වූ පඬිවරයෙකු වූ pythagoras නමැති ගණිතඥයා විසින් සොයාගත් ගණිත සංකල්පය අනුව, ඕනෑම සෘජුකෝණී ත්‍රිකෝණයක කර්ණය මත ඇඳි සමචතුරස්‍රයේ වර්ගඵලය ඉදිරි පාද දෙක මත ඇඳි සමචතුරස්‍ර යන්ගේ වර්ගඵලයන් ගේ එකතුවට සමාන බව ඔහු හඳුනා ගන්නා ලදී. *** පසඟ පිහිටුවා වැඳීම අවස්ථාවේදී ද අපගේ සිරුර සෘජුකෝණී ත්‍රිකෝණයක ට අනුව පිහිටන ලෙස සැකසීමත් බව පැහැදිලියි නේද.? එම අවස්ථාවේදී හදවතෙන් පහත කොටසේ පිහිටි අපර මහා ධමනිය තුනටිය සහ දණහිස යන ස්ථාන වලින් නැමී පිහිටන නිසා සිරුරේ පහත කොටසට ගමන් කරන රුධිරය තාවකාලිකව අඩුවී යයි. නැතහොත් සීමා වේ. එසේම ඒ කාල සීමාව තුළ ඌර්ධව මහා ධමනිය ඔස්සේ ඉතා පහසුවෙන් මොළය පිහිටි හිස දෙසට පිරිසිදු රුධිරය ගමන් කරන්නට පටන් ගනී.බුද්ධ ධර්මයේ ඉගැන්වීම් අනුව මවුපියන්ට ගුරුවරුන්ට හා වැඩිහිටියන්ට පසඟ පිහිටුවා වැදීමෙන් ඇති වන යහ ගුණ පිළිබඳව අපට බුද්ධ ධර්මය පාඩම් වලින් කියාදේ. මෙසේ මොළයට පිරිසුදු රුධිරය වැඩිපුර ගලා යාම තුළින් ඇති වන විද්‍යාත්මක සත්‍යය කිසිම අවස්ථාවක කිසිවකු විසින් හඳුන්වා නොදීම කනගාටුවට කරුණකි. මේ ආකාරයෙන් යහපත් ගුණගරුක දරුවන් අඩු තරමින් දවසකට දෙවරක් පසඟ පිහිටුවා වැදීමෙන් ඔවුන්ගේ ශීර්ෂය ප්‍රදේශයට අවශ්‍ය පිරිසිදු රුධිරය ඉතා පහසුවෙන් ගමන් කරවා ගැනීමට එම දරුවාට අවස්ථාව උදාවේ. *** ඒ හේතුවම ඔහුගේ යහපත් අධ්‍යාපන ුරුද්දක් බවට පත්වූ කල ඔහුගේ අධ්‍යාපනය ද සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වීමට හේතු වේ. මෙම විද්‍යාත්මක සත්‍යය පිළිබඳව සැබෑ අවබෝධයක් සියලුම වගකිව යුත්තන් විසින් විශේෂයෙන්ම අපේ ළමා පරපුරට ලබා දෙන්නේ නම් එය අපගේ සමස්ත ජාතියම නගා සිටු වීමට මහෝපකාරී වනු නියතයි. විශේෂයෙන්ම පෝය දිනවල අපේ වැඩිහිටි උපාසක උපාසිකාවන් ද ඉතා දිගු වේලාවක් තිස්සේ බෝ වෘක්ෂ මූලයන් හෝ බුද්ධ වන්දනාවේ දී බොහෝ දිගු වේලාවක් පසඟ පිහිටුවා වැඳීම ඇත්තෙන්ම ඔවුන්ගේ සෞඛ්‍යයටද ඉතා ප්‍රයෝජනවත් සිද්ධියක් බව දැන් අපට පැහැදිලියි නේද? එසේනම් මින්පසු පසඟ පිහිටුවා වැඳීම අපි සියලු දෙනාම වඩාත් උනන්දුවෙන් කටයුතු කිරීමට පුරුදු වෙමු.

Comments

Popular posts from this blog