තානාපති සේවය යනු මානව සමාජය සතුව පවතින සුවිශේෂී උතුම් සමාජ මෙහෙවරකි. එක රටක් නියෝජනය කරමින් තවත් රටක සේවය කිරීමට ලැබීම ම එක්තරා වාසනාවකි. එම වාසනාව ලද පුද්ගලයන්ට හිමි වන විශේෂ වරප්‍රසාද රාශියකි. ඒ නිසාම තානාපති සේවා වල නිරත පුද්ගලයන් ඇමතීමට පවා විශේෂ පද යොදා ඇත. ඔවුන්ට තමන් සේවය කරන රටේ නීතිරීති අදාළ වන්නේ ද ඉතා සීමිතවය.

තානාපතිවරයකු ගමන් කරන වාහනයකට හසුව මිය යන පුද්ගලයකු නිසා වුවද තානාපතිවරයාට විරුද්ධව එකවර නීති කටයුතු කිරීම පවා දුෂ්කරය.  එසේම තානාපති සේවාවක නිරත පුද්ගලයකු නිරතුරුවම තමන් නියෝජනය කරන රටේ ්‍රධානියා මෙන්ම ජනතාව ද නියෝජනය කරන්නෙකු නිසා  තමන් සේවය කරන රටේ බලධාරීන් සහ ජනතාව එම තානාපති ට හෝ තානාපතිනිය ට ගරුසරු දැක්විය යුතුමය. එවැන්නෙකුට නිදහසේ රටතොට සංචාරය කිරීම පවා දුෂ්කර කාර්යයකි.  එසේ යන්නේ නම් ාජ්‍ය ආරක්ෂාව සහිතව ම ගමන් කළ යුතුය. 

 ඒ සියලු සීමා  කඩයිම් පසුකරමින් තම සේවා කාලය තුළ සුවිශේෂී මෙහෙවරක් කළ ගරු කටයුතු Ruby marks දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් තුමිය ගේ අනභිභවනීය සේවය පිළිබඳ ව අපට කිසිදා අමතක කළ නොහැකිය.

 එතුමිය ශ්‍රී ලංකාවේ සේවය කළ අවුරුදු හතරකට අධික කාලය පුරා කොළඹ ළමා පොත් සංගමයේ හා එම සංගමය සමග සබැඳි රට පුරා දස දහස් සංඛ්‍යාත ළමා පරපුර සමග නිරතුරුවම ඉතා සමීපව කටයුතු කිරීමට සියලු අවස්ථාවල දීම නොපැකිළව ඉදිරිපත් වූවාය.

 එම තානාපති තුමිය ළමා පොත් සංගමය හා සම්බන්ධ වන්නේ ළමා පොත් සංගමයේ සභාපති වරයා  නෙල්සන් මැන්ඩෙලා මැතිතුමා දුටු ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙස හඳුනා ගැනීමෙන් පසුවය. නෙල්සන් මැන්ඩෙලා මැතිතුමා තුමාගේ  ජන්ම  ශත සංවත්සර දිනය යෙදී තිබුණේ 2018 වසරේදීය. ‍ ්‍රී  ලංකාවේ ප්‍රථම වරට  නේල්සන් මැන්ඩෙලා දිනය හඳුන්වාදීමේ ගෞරවය ලබා ගත් කොළඹ ළමා පොත් සංගමය ඉන්පසුව නොකඩවාම උත්සවය වාර්ෂිකව පවත්වන්නට කටයුතු කළේය. මේ අතර නෙල්සන් මැන්ඩෙලා ශත සංවත්සරය පැවැත්වීමේ කටයුතු සමග එක්වීම පසු Ruby තානාපති තුමිය සංගමය සමග ඉතා සමීපව කටයුතු කරන්නට තීරණය කළාය.

 ්‍රී ලංකාවේ කිසිදු තානාපතිවරයකු කටයුතු නොකරන ආකාරයෙන් එතුමිය ළමා පොත් සංගමය සංවිධානය කරන දොළොස් මහේ පාන උතුම් වැඩසටහන සංවිධානය කරන  හැම කටයුත්තකටම පාහේ සම්බන්ධ වූවාය. ඒ අතර සුවිශේෂී වැඩසටහනක් ලෙස හැඳින්විය  සඳහන් කළ හැක්කේ 2019 වසරේ දී පවත්වන ලද දීප චාරිකා වැඩසටහනයි. එහිදී එතුමිය  හම්බන්තොට බැද්දේගම චාරිකාව සඳහා පැවැත්වූ වැඩසටහනට සහභාගි වීම ඇත්තෙන් ම අපට පවා ඇදහිය නොහැකි කාරණාවක් විය. බැද්දේගම අලි කොටි ගහණ වන මැද පිහිටි ඒ දුෂ්කර ගම්මානයට එතුමිය කෙසේ කැඳවා යන්නේ දැයි අපි කල්පනා කළෙමු. 

     අවසන එතුමියට අවශ්‍ය hambantota හෝටල් පහසුකම් ලබා දීමට අපගේ වැඩිහිටි දෙමව්පියන් පිරිසක් ඉදිරිපත් වූ පසු එම දුෂ්කර චාරිකාවට එකතු වීමට ඇය කැමැත්ත පළ කළාය. ඊළඟ දවසේ පාන්දරින්ම මහ වන මැද පිහිටි බැද්දේගම ට පැමිණ අපේ දරුවන් හා එක්ව රුක් රෝපණ වැඩ සටහන ආදී සියලු වැඩසටහන් වලට සම්බන්ධ වූ ආකාරය ඇත්තෙන්ම පුදුමාකාරය. මෙවැනි වැඩ සටහනකට නිල වශයෙන්ම ජ්‍ය ආරක්ෂක අංශයේ සහයෝගය අවශ්‍ය ව තිබුණ ද. එතුමිය ළමා පොත් සංගමය වෙත තබා තිබූ දැඩි විශ්වාසය සහ ගෞරවය නිසාම සහ සංගමයේ නිරතුරුවම ත්‍රිවිද හමුදාව සමඟ සමීපව කටයුතු කරන නිසා ම  නිල වශයෙන් ආරක්ෂක   අංශ වලට දැන්වීමට අපි උනන්දු නොවූ වෙමු.

 ඒ ආකාරයෙන්ම තවත් අවස්ථාවක එතුමිය කුරුණෑගල මහ වන මැද පිහිටි කුඹුකන්ඔය වැව් තාවුල්ල හරහා ගොස් සිංහල කැවුම් කොකිස් බදිමින් පැවැත් වූ සංස්කෘතික උත්සවයට සහභාගි වූ ආකාරයද විස්මයජනකය.

 ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය තානාපති  ලෙස මාක්ස් මැතිණිය නෙල්සන් මැන්ඩෙලා මැතිතුමාට දක්වන ලද්දේ අති මහත් ගෞරවයකි. ෙල්සන් මැන්ඩෙලා චරිතය පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කර ඇති එතුමිය මැන්ඩෙලා ජනාධිපති තුමා සතුව තිබූ උතුම් මානව ගුණාංග අටක් පිළිබඳව විශේෂයෙන් ම සඳහන් කරයි. එතුමිය ශ්‍රී ලංකාවේ ගත කළ අවුරුදු හතරකට අධික සේවා කාලය තුළ ශ්‍රී ලංකාවෙන් දී තමන් හමුවට පැමිණි විශාල පිරිස් අතර නෙල්සන් මැන්ඩෙලා ගුණ සතු වූ පුද්ගලයන් කෙතරම් සිටිදැයි ඇය විමසීමෙන් බලා ඇත. ඒ අතරතුර කොළඹ ළමා පොත් සංගමයේ සභාපති වරයා මැන්ඩෙලා තුමාගේ ගතිගුණ වැඩියෙන්ම  ජීවිතයට එකතු වූ පුද්ගලයා ලෙස ඇවැසි හඳුනාගත් බව ශ්‍රී ලංකාවෙන් සමුගැනීමට පෙර කොළඹ දී පැවැත් වූ මහජන රැස්වීම් මැදදී ප්‍රසිද්ධියේ පැවසීම ඇත්තෙන්ම අපට මහත් අභිමානයකි. එපමණක් නොව තමන්ගේ දරුවන් නෙල්සන් මැන්ඩෙලා මහතාගේ ගුණාංග අතරට එකතු කිරීමට කැමති දෙමව්පියන් සිටී නම් ඒ සියලු දෙනා අම්බලන්පිටිය මහතාගේ සිදුකරන සමාජ සේවා වලට හැකි තරමින් සහභාගී කරන ලෙසත් එතුමිය ඉතාම විවෘත ආරාධනයක් කරන ලදී. 

දෑත එකතු කොර ආචාර කිරීම හෝ වැඳීම ්‍රී ලංකාවට සුවිශේෂී සංස්කෘතික ලක්ෂණයකි. සාමාන්‍යයෙන් බටහිර සංස්කෘතික ලක්ෂණය වන්නේ අතට අත දීම වැනි ෙනත් ක්‍රියාවලීන් ය. නමුත් ගරු ruby  තානාපති තුමිය සංගමේ සභාපති වශයෙන් මා හමුවන හැම අවස්ථාවකදීම දෑත් එක් කොට මට වැදීමට නිරහංකාර වූයේ වෙන කිසිවක් නොව එතුමිය නෙල්සන් මැන්ඩෙලා මැතිතුමාගේ ගුණ සිහිපත් කර කරන ගෞරවයක් ලෙස බව මම හඳුනාගෙන සිටිමි. එසේම එතුමිය මට ආදරෙන් කතා කළේ තාත්තා කියාය.   අප්‍රිකානු ජනතාවගේ අසහාය ‘’තාත්තා’’ වූයේද නෙල්සන් මැන්ඩෙලා මැතිතුමාය.  ්‍රී ලංකාවේ  දරුවන්ගෙන් හැරෙන්නට වෙනත් කිසිවකුගෙන් නොලැබ මහා ගෞරවයක් එතුමිය මට ලබා දීමට හැම විටම උනන්දු වූවාය. එවන් උතුම් මානව චරිතයන් පිළිබඳව සටහනක් තැබීම පවා මට මහත් සතුටක් ගෙන දෙයි. 



Comments

Popular posts from this blog