ප්‍රවාහන හා බලශක්ති ක්ෂේත්‍රය පොසිල ඉන්ධනවලින් පුනර්ජනනීය බලශක්තියට මාරුවීම;
අදින් වසර හතළිහක් හෝ පනහකට පමණ පෙර විද්‍යාව යන විෂය ශ්‍රී ලංකාවේ පොදු ජන සමාජයට අලූත්ම විෂයක් බවට පත්ව තිබුණි. ඉන් එහා පැවැති ලෝකයේ විද්‍යාව වැනි විෂයයන් පාසල් විෂය පද්ධතියට හෝ වෙනත් සමාජ කතිකාවතකට ඒ තරම් ඇතුළත් වෙලා තිබුණෙ නැහැ. ිදහස් අධ්‍යාපනය යටතේ නව දැනුම් සම්භාරය ලබා ගැනීමට වාසනාවන්තයකු ව අපට ද විද්‍යාව පිළිබඳ නව සංකල්පයන් පිළිබඳව දැනගැනීමට ලැබීමත් සමගම විද්‍යාවේ විශ්මිත කටයුතු පිළිබඳව විවිධාකාර තොරතුරු කරුණු අපේ මානව සමාජය වෙත දන්වා එය සන්නිවේදන කිරීමේ අවස්ථාව අපට ද උදා විය. ඒ සඳහා අප විසින් සපයන ලද නව විද්‍යාත්මක කරුණු වලට එදා අපගේ මාධ්‍යවලින් ද උපරිම සහයෝගයක් ලැබුණු අතර අප විසින් සපයන විවිධ විද්‍යාත්මක ලිපි සඳහා ජනමාධ්‍ය වල ඒ දිනවල පිටු ගණන් පුරවා ලිපි සපයන ලදී.
එමෙන්ම එවකට තිබූ එකම විද්‍යුත් ජන මාධ්‍ය වූ ගුවන් විදුලිය මගින් ද අප විසින් සපයන ලද විද්‍යාත්මක සහ මානව හිතවාදී කරුණුවලට විශාල ඉඩප්‍රස්ථා ලබාදුන් බව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට ද ස්තූති පූර්වකව ඒ පිළිබඳව සඳහන් කළ යුතුය. මෙම වාතාවරණය යටතේ එක රාජ්‍ය සාහිත්‍ය උත්සවයක ප්‍රථම වරට විද්‍යා ලේඛනය අගය කරමින් සම්මාන සහතික ලබාදීමේ වැඩ සටහනක්. දියත් විය.
ඒ අනුව පැවැති රාජ්‍ය සාහිත්‍ය උළෙලේදී ශ්‍රී ලංකාවේ හොඳම විද්‍යා ලේඛකයා ලෙස ජනාධිපති සම්මානය මා වෙත ිළිණ කරන ලද්දේ එවකට ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපති විලියම් ගොපල්ලව මැතිතුමා අතිනි.
ඉන්පසුව ්‍රී ලංකාවේ ජනමාධ්‍ය වලට අපගේ විද්‍යාත්මක ලිපි ආදිය සඳහා වැඩි වැඩියෙන් ඉල්ලුම් කිරීමේ ප්‍රවණතාවක් ඇති වූ බව අපට හැඟුණි.. එසේම ඉන් පසු විද්‍යාත්මක සංකල්ප මුල්කරගත් පොතපත සුලබ කිරීමේ වැඩසටහනක් අප විසින් දියත් කරන ලදී
ඊට ප්‍රධාන හේතුව වූයේ අපගේ ද මූලිකත්වය ඇතිව පටන් ගන්නා ලද ශ්‍රී ලංකා විද්‍යා ලේඛක සංගමය බිහි වීමයි. රටපුරා ජනතාව අතර විද්‍යාත්මක සංකල්පය ඉදිරිපත් කිරීමේ ප්‍රවණතාව අප විසින් ආරම්භ කරන ලදී. මෙවැනි කතා අප ඉදිරි කිරීමේ වැදගත් වන්නේ මෙම විද්‍යාත්මක ජයග්‍රහණ සහ රාජ්‍ය පිළිගැනීම තුළින් එවැනි කරුණු පොදු ජනතාවට පහසුවෙන් ළඟා කරගත හැකි වීමයි.
ඒ කාලයේ අප විසින් ඉදිරිපත් කරන විද්‍යාත්මක සංකල්ප වලට සමාජයීය බහුශෘත උගතුන්ද එක ලෙසම අනුග්‍රහය ලබා දුන් නිසා එවැනි කටයුතු සහ සංකල්ප ජනගත කිරීම සඳහා අපට එතරම් ගැටලුවක් පැන නැඟුණේ නැත.
ම ෙම සංකල්පය යටතේ වසර තිහකට පමණ පළමුව,පොසිල /ඉන්ධන ඇසුරෙන් විද්‍යුත් බලය මේ පුංචි දූපතේ ජනතාව විසින් වැරදි ආකාරයෙන් භාවිතා කරන බව හඳුනා ගත් මවිසින් එකල යුරෝපයේ කළ සංචාරයකදී විශේෂයෙන්ම ස්කැන්ඩිනේවියානු රටවල ජනතාව මුහුදු දියෙන් විදුලිය උපදවන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා ගතිමි.
ඒ සම්බන්ධයෙන් මා විසින් ලියන ලද විශේෂ ලිපියක් දිනමිණ පුවත්පතේ කතුවැකිය අඩංගු පිටුවේ විශාලඉඩ ප්‍රමාණයක් සහිතව පල කරන ලදී. මා එහිදී බලාපොරොත්තු වූයේ ශ්‍රී ලාංකික ජනතාවට විදුලිබලය මුහුදු ජලයෙන් ලබා ගැනීම පිළිබඳ යහපත් ප්‍රතිඵලයක් ඇතිවේය යන හැඟීමයි. නමුත් එය එසේ නොවීය. දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව වටා පිහිටි සාගරය තුළින් සදාකාලයෙන් සදාකාලයට හෝ ගාමින් ගලා එන මුදු රළ තුළින් අපේ මව් බිම පුරා ඇති වී තිබෙන විදුලි අර්බුදය සඳහා හොඳ ලාභදායී පිළිතුරක් ලබාගත හැකි වන නිසාය.
සෑම තත්පරයක පාසාම ඉන්දියා සාගරේ ට දියවෙමින් පවතින අපේ ආදරණීය මාතෘ භූමිය ආරක්ෂා කර ගැනීමටද මෙය වටිනා අවස්ථාවකි. සාගරයේ බලපෑම නිසා ගොඩබිම විනාශ වන බාධාවක් ඉවත් කර හැකි වටිනා යෝජනාවකි එදා මා කෙරේ.
අද වන විට ගොඩබිමෙන් සෑහෙන දුර ප්‍රදේශයකට දියවී ගොස් ඇති සීණිගම දේවාලය කලකට පෙර මේ ගොඩබිමේ ම කොටසකි. එමෙන්ම රට වටා ඇති ගොඩබිම අති විශාල ලෙස මුහුදට දිය වී ඇති ආකාරය ගණන් බැලූ කිසිවෙක් සිටි දැයි මම නොදනිමි. මගේ ආදරණීය මාතෘ භූමියට ඇති දැඩි සෙනෙහස නිසා මෙම විද්‍යාත්මක සංකල්පය ක්‍රියාත්මක කළහොත් අපේ මාතෘභූමියේ පොළොව මුහුදට දිය වෙන හැම බිම් අඟලක්ම හොඳින් සුරැකී යනු ඇති බව මම අවබෝධ කර ගතිමි. මෙම මුහුදු දියෙන් ිද්‍යුතය නිපද වන රටවල ජනතාව මුහුදු අසල සවිකර ඇති විශාල යන්ත්‍ර වලට මුහුදු රළ පතර වැදීමට සලස්වයි. නිරතුරුවම ගලා එන මුහුදු රල වේගයෙන් එම බම්බු ලෙස මුහුදු රළ මත රඳවා ඇති turbine වල එම රල හැපී මේදී ඇති වන චාලක ශක්තිය තාප විද්‍යුත් ශක්තිය බවට පත්කර ගැනීමේ සරල ක්‍රමයක් අනුගමනය කරයි. මේ උපක්‍රමය මේ රටවල විද්‍යාඥයන් විසින් අපූරුවට සංවර්ධනය කර ඇත.
එය පොදු ජනතාවට හඳුනාගැනීමේ පහසුව මාර්ගය බයිසිකල් විදුලි පහන දල්වා ගැනීමේ රටාවතුලින් පහසුවෙන් හඳුනා ගැනීමට පුළුවන. පාපැදියක විදුලි පහන දැල්වීම සඳහා අවශ්‍ය විද්‍යුත් බලය විශේෂයෙන් ලබා දිය යුතු නොවේ. බයිසිකලේ ටයර් මත ඇති කුඩා කට්ටා හදලා තියෙන්නේ මොකටද කියලා කවුරුත් නව පරපුරේ දරුවන් කල්පනා කර තිබෙනවාද? ඒ කට්ටා සහිත මාර්ගයක් බයිසිකල් පාරේ ටයරය වටා නිර්මාණය කර ඇත. Bicykal විදුලි පහනේ ආලෝකය නිෂ්පාදනය කිරීමේ පුංචි උපක්‍රමයක් ලෙසයි. පාපැදියේ පිටුපසට සවි කරන කුඩා ඩයිනමෝවක් ිදුලි බලය අවශ්‍ය වන අවස්ථාව වන විට එහි ඇති පුංචි බොත්තමක් තද කිරීම තුළින් ඒ ඩයිනමෝවේ ශීර්ෂ කොටස බයිසිකලයේ ටයරයේ කට්ට රේඛා මත ස්පර්ශ වේ. ඉන්පසු බයිසිකලය මගින් ගමන් කරන හැම වෙලාවකම එම ඩයිනමෝවේ ශීර්ෂය කරකැවෙන පටන් ගනී. විදුලිය නිෂ්පාදනය කර ගැනීමේ ඉතා සරල ක්‍රමයකින් විදුලි බලය යොදන මූලික අවස්ථාවක් වන දඟර තුළින් උපදවන විදුලි බලය වයර් දෙකක් ඔස්සේ බයිසිකලේ ඉදිරිපස ඇති විදුලි පහන වෙත ගමන් කරයි. ඉන්පසු බයිසිකලේ පහන දැල්වීමට පටන් ගනී. බයිසිකලයේ වේගය වැඩිවත්ම විදුලි පහනේ ආලෝකය ද වැඩි වේ. මේ සඳහා පාපැදි හිමියාට සත පහක අමතර වියදමක් දැරිය යුතු නොවේ. එම විද්‍යුත් ශක්තිය ඉබේ නොමිලේ නොදැනීම මිනිසා විසින් ලබාගන්නා විදුලි බලයකි. මෙම මූලධර්මය ම වැඩි දියුණු කරගෙන මුහුදු ජලය මගින් නොමිලයේම උපදවා ගන්නා මුහුදු පාලි රලේ චාලක ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පත්කර ගැනීම සඳහා ටර්බයින කැරකැවීමට හැකියාව අපට ඉතා ඉහළින්ම ඇති බව එදා මම කීව ද වගකිවයුත්තන් කිසිවෙක් ඒවා ගණන් ගත්තේ නැත. මුහුදු වෙරළේ හොඳින් රළ වදින ස්ථානවල සවි කරන එම ටර්බයින වල තෙරපි තෙරපි හැප්පෙන මුහුදු රළ නිසා ඒවා හැකිලෙන්නට පටන් ගනී. ඒ සමගම මුහුදු රළ ආපසු ගමන් කරන විට එම විශාල බම්බු නැවත දිග හැරෙයි. මුහුදු රළ නැවත ආපසු එත්ම නැවත එම උපකරණ හැකිළෙයි. මෙම ක්‍රියාකාරීත්වය දිනපතාම නොකඩවාම සිදු වන විට මුහුදු රළ මගින් උපදන චාලක ශක්තිය සත පහක වියදමක් නොමැතිව විද්‍යුත් ශක්තිය බවට පත්කර ගැනීමේ මාහැඟි අවස්ථාව දූපත් රාජ්‍යක් වන අපට සොබා දහම මගින් ලබාදී ඇති අතිශය වටිනා දායාදයකි.
මෙම විද්‍යුත් ශක්තිය බවට පත්කර ගැනීමේ සරල ක්‍රමයක් මෙම වැඩසටහන තුළින් නිර්මාණය කෙරේ. ඉන්පසු එය විද්‍යුත් ශක්තිය බවට හරවා අවශ්‍ය ස්ථාන වලට සම්ප්‍රේෂණය කර ඒවා මිනිසාගේ ප්‍රයෝජනය ලබා ගනී. මෙම ක්‍රියාවලියේදී සතපහක ගල් අඟුරු, petrol, ඩීසල් හෝ ඉන්ධන සඳහා වියදමක් වැය නොවන බව පැහැදිලිය. රටේ සැබෑ සංවර්ධනය ගැන තඹ දොයිතු වක හැඟීමක් නැති පුද්ගලයන් ඉන්ධන හෝ පොසිල වර්ග තුළින් රට කාබාසිනියා කර විනාශයට පත් කරන වැඩවලට ජරා මිනිසුන් මේ ස්ථානවල සිටින තුරා මේ පුංචි ලංකාවේ සුන්දරත්වය අපට නගා සිටු වීමට නොහැකි වනු ඇත.
එවැනි පුද්ගලයන් සිටින තාක් මේ සුන්දර භූමියට ඉරක් නම් පායන්නෙ නැත.
ඒ දිනවල කුඩාවට පටන් ගත් මෙම ජාතියක් වනසන පාපකාරී ක්‍රියාවන් අද වන විට ඔඩු දුවා අපේ ආර්ථික දේහයේ ඕජස් ගලන තත්ත්වයට පත්ව හමාරය. ලැජ්ජාවක් නැතිව අපි බංකොලොත් කියා ාත්‍යන්තරය ඉදිරියේ රෙද්ද ඔසවාගෙන කෑ ගැසීමට තරම් නිර්ලජ්ජිත වී සිටින්නෙමු.
ලොව පුරා රටවල් විසි ගණනක මේ රටේ දක්ෂ දරුවන් හා වැඩිහිටියන් සමග සුවිශේෂී වැඩසටහන් වලට සම්බන්ධ වෙමින් සිංහ කොඩිය ඉහලට එසවූ පුද්ගලයෙකු වශයෙන් මට මෙවැනි කටයුතු හමුවේ දී ඇති වන්නේ හතර විලි ලැජ්ජාවකි. ඊට හේතුව අදටත් ලෝකය පුරා අප හා සම්බන්ධ වී කතාබස් කරන රැස්වීම් පවත්වන ලෝක උගතුන් හා බුද්ධිමතුන් සමග අප සමීපව කටයුතු කරන නිසාය.
එළැඹෙන මෙම නොවැම්බර් මස 13 වැනි සදුදා දිනයෙත් ොදු රාජ්‍ය මන්ඩලයේ විද්වත් සමුළුවකට zoom තාක්ෂණය ඔස්සේ සහභාගිවීමට එම මණ්ඩලය විසින් මට ආරාධනා කර ඇති අතර එහිදීද ප්‍රධාන මාතෘකාව වී ඇත්තේ ඉන්ධන අරබුදය සහ පරිසරවේදී ගැටලු, ගංවතුර ආදිය යි.
කෙසේ වෙතත් අද වන විට අපගේ පාරිසරික ගැටලු උත්සන්න වී ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ සුන්දර දූපතේ ජීවත් වූ අපේ ලස්සන ජනතාව අද කාලකන්නි පිරිසක් බවට පත් වී ඇති බව සිහිපත් කරන්නේ එදා සහ මෙදා ජීවන රටාවල් හොඳින් අවබෝධ කරගත් වැඩිහිටි පුද්ගලයෙකු වශයෙනි.
මීට පසුවද මම විසින් විදුලි උත්පාදනය පිළිබඳ යෝජනා ක්‍රම ගණනාවක් සුළු සහ මහා පරිමාණ මට්ටමෙන් මාධ්‍ය මගින් ප්‍රකාශ කළ ද ඒවා සත පහකට හෝ ගණන් ගන්නා පුද්ගලයෙක් මට අද දක්වාම හමුවී වී නැත.
අප සමාජයේ ජීවත් වූ ුද්ධිමත් අධ්‍යාපන ඇමතිවරයෙකු වූ ලලිත් ඇතුලත්මුදලි මහතා මා විසින් අපේ ළමා පරපුර වෙනුවෙන් නිර්මාණය කළ කොළඹ ළමා පොත් සංගමයේ නමැති සමාජ සංවිධානයට බෙහෙවින් ගරු කළ පුද්ගලයෙකි.
එක දවසක් ලෝක ළමා දින උත්සවයක් සඳහා ආරාධනා කිරීමට අපේ Rathnakumari අමරසූරිය ලේකම්තුමිය සමග රත්මලාන ගියෙමු. එතුමාගේ කාර්යාලයේ සිය ගණනක් පිරිස රැස්ව සිටියහ. අපේ ආරාධනා ලිපිය භාරදීමට අපි එතුමා අසලට යාමට උත්සාහ කරමින් සිටියෙමු. අපගේ පැමිණීම දුටු ලලිත් ඇතුලත්මුදලි බුද්ධිමත් ඇමතිවරයා මෙසේ පැවසීය.
‘’
මිස්ටර් සිල්වා,(එකල එතුමාගේ ඒ නමින් ලේකම්වරයෙකු සිටියේය) අර පෙනෙන ළමා පොත් සංගමයේ සභාපති වරයාට මෙතැනට එන්න ඉඩ සලසලා දෙන්න. මං වටා තෙරපෙන මේ ලොකු පිරිස වගේ නෙවෙයි ඒ ගොල්ල මා ළඟට එන්නේ මේ රටේ දරුවන් වෙනුවෙන් කිසියම් වැඩසටහනකට වෙන්න ඕනෑ. මා ලග තෙරපෙන මේ වැඩි පිරිස වගේ රස්සාවක් ගන්න හරි වෙනත් ඉල්ලීමකට නොවන විත්තිය මට විශ්වාසයි…… ළමා පොත් සංගමයේ සභාපතිවරයා කියන්නේ මේ රටේ ළමා පරපුර හරි පාරට ඇදගෙන යන්න පුළුවන් හොඳම අශ්වයෙක්.
එතුමා සිතූ පරිදිම ලේකම් සිල්වා මහතා පට එතුමා ළඟට යාමට මාර්ගය ඉඩ සලසා දුන් අතර අපේ ආරාධනා පත්‍රය එතුමාට පිරිනමා අපි ආපසු පැමිණියෙමු.
අපේ කටයුතු නිරතුරුවම අගය කළ එතුමා පොරොන්දු වූ පරිදිම අපේ ළමා උළෙලට සහභාගි වූයේ ය.
එතුමාගේ උතුම් සංකල්පයක් වන පොල ශිෂ්‍යත්ව ක්‍රමයට අපද ක්‍රියාකාරී ලෙස සහයෝගය දැක්වූ අවස්ථාවන් මට සිහිපත් වේ. එහි එක්තරා රාජකාරියකට අප වෙත එවා තිබූ වාහන මගින් අප මහනුවර පැවැති mahapola වැඩසටහනකට සහභාගී වූ අවස්ථාව මට සිහිපත් වේ.
ආර්ථික වශයෙන් ඉතා ලාභ උපයා ගැනීමට හැකි වූ මාර්ග ගණනාවක් ම අපේ රාජකාරි කාලය තුළ අපට හමු වූ ද එම කිසිම අවස්ථාවක සත පහක වැරදි මුදලක් රැස්කිරීමට නොකර මැතිව් අප අද වන විට ඉතා ආර්ථික දුෂ්කරතාවය ක සිටියද අපි සිතුවිලි බොහෝ පොහොසත් නිසා ඒ සියල්ල විඳ ගැනීමට මොකක්ද බලවේගයක් ඇති බව දැනේ.
දැනට සරසවි අධ්‍යාපනය ලබන මගේ කුඩා දියණියට වුවද එදා මහපොළ නිර්මාතෘ සමග කටයුතු කරමින් ඊට සවි ශක්තිය දුන් මගේ දියණියට වුවද මහපොළ ශිෂ්‍යත්වයත් ලබා ගැනීමට නොහැකි වුවද ඒ ගැන මම කම්පා නොවෙමි.
මා නිරතුරුවම පවසන පරිදි ශ්‍රී ලංකාවට ආවේණික නවතම ළමා ඉතුරුම් ක්‍රමය වන සිසු උදාන ක්‍රමය බිහිකිරීම, සුළු වෙළෙඳුන් සඳහා ණය යෝජනා ක්‍රමය බිහි කිරීම ආදී නව සංකල්ප ගණනාවක් හඳුන්වා දීමේ ගෞරවය සහ ආඩම්බරය මා සිත තුළ නිරතුරු ව රැඳී පවතී. එසේම 1983 වසරේදී ාමාන්‍ය පෙළ සිසු දරුවන් සඳහා ගණිතය විෂය වෙනුවෙන් මා විසින් ලියා පළකරන ලද, ‘ සරල ගණිතය’ නැමැති පොත නව නිර්දේශය යටතේ ජයේ අනුමත කරන ලද ප්‍රථම සිංහල පොත වශයෙන් ද මගේ සමාජ මෙහෙවරෙහි සටහන් තැබිය හැකි විශේෂ කරුණකි.
එවැනි පදනමක් යටතේ මා නිරතුරුවම සමාජ හිතකාමී වැඩසටහන් වලට අපේ දැනුම් සම්භාරය යොමු කරන ආකාරය නිරතුරුවම කල්පනා කරමින් සිටිමි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවය කරන සමයේ එවක අධ්යාපන සේවා ඇමතිව සිටි නිරහංකාර මනුෂ්‍යයෙකු වූ සුරනිමල රාජපක්ෂ මහතා මා සමග ඉතා සමීපව කටයුතු කරමින් මා සමග නිරතුරුවම සාකච්ඡා කළේ මා රට පිළිබඳව ආදරෙන් කටයුතු කරන කල්පනා කරන පුද්ගලයෙක් බව එතුමා හොඳින් දැනගත් නිසාය.
ඒක වසරක කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ පැවති වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගි වූයේ සුරනිමල රාජපක්ෂ අධ්‍යාපන සේවා ඇමති තුමා සහ අධ්‍යාපන අමාත්‍යාංශය ළමා ඉතුරුම් පිළිබඳ ජාතික සම්බන්ධීකරණ ලේකම් වශයෙන් මාය.
එවක ආනන්දයේ විදුහල්පති අබේරත්න මහතා දෙපස අධ්‍යාපන සේවා ඇමැති තුමා සහ මා වාඩි වී සිටි අවස්ථාව සිහිපත් වේ.
එදා ආනන්ද විදුහලේ ්‍රධාන නිවාස තුනකට බිඳී සිටි දරුවන්ගේ උණුසුම් අවස්ථාවක් ළඟාවිය. එනම් හොඳම නිවාසය නම් කිරීමේ අවස්ථාවයි.
මේ අවස්ථාව වන විට සිසු දරුවන්ගේ මව්පියෝ සිය ගණනක් රැස්වී පොදිකමින් බල බලා සිටියේ තමන්ගේ දරුවන් අයත් වන ක්‍රීඩා නිවාසය ප්‍රථම ස්ථානයට එන දැකීමේ අපේක්ෂාවෙනි.
එම දෙමව්පියන් හතර ශ්‍රී ලංකාවේ ඉහළම නිලධාරියන් ෙපාර්තමේන්තු ප්‍රධානීන්, ධ පොලිස් ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් ඇතුළු බොහෝ දෙනකු සිටිනු දක්නා ලදී.
කෙසේ වෙතත් අධ්‍යාපනික කටයුත්තක් නිසා එතන හිටි ජ්‍ය ප්‍රධාන රාජ නියෝජිතයකු ලෙසත් මෙම භාරදූර කාර්යය ඉටු කරන ලෙස සුරනිමල රාජපක්ෂ අධ්‍යාපන සේවා ඇමතිතුමාට මූලාසන ආරාධනයක් ඉදිරිපත්විය.
එක්වරම පැන නැගුනේ සිසුන්ගේ විරෝධයකි. හේතුව වූයේ ඒ වන විට අධ්‍යාපන සේවා ඇමති තුමාගේ පුතෙක් ද එම විද්‍යාලයේ ඉගෙන ගනිමින් සිටීමය. ඊට පසු එතන සිටි සම්භාවනීය අමුත්තන් කීප දෙනෙකුට රාධනා ලැබුනත් ඒ හැම අවස්ථාවකම අමුත්තා පිළිබඳව උකුසු ඇසින් සිටි ශිෂ්‍ය කණ්ඩායම් විවිධ හේතු නුසුදුසුකම් පවසා එම නම් ප්‍රතික්ෂේප කළහ.
ෙම උණුසුම් අවස්ථාවේදී නැගී සිටි සුරනිමල රාජපක්ෂ අධ්‍යාපන සේවා ඇමැති තුමා මෙසේ පැවසීය. ‘’ මට තේරෙනවා අපේ සිසුදරුවන් ගේ විනිශ්චය ඉතා ස්වාධීන ආකාරයෙන් කළ යුතු බව. ඒ සඳහා මං දැන් යෝජනා කරන්නේ ේ විද්‍යාලයට හෝ වෙනත් කිසිම ආකාරයකට කිසිම සම්බන්ධතාවක් නැති ඉතා ස්වාධීන තීරණ ගන්නා අපක්ෂපාතී නිලධාරියෙක්. ඒ තමයි සිසු උදාන නිර්මාතෘ dhamma deshana mba පිටිය මහතා….’’ ඇමතිවරයාගේ යෝජනාව පිළිබඳව කිසිදු විරෝධතාවක් නැගුනේ නැත. ඒ අනුව නැටුම් ගැයුම් සහිත පුංචි පෙරහැරකින් ිෂ්‍ය නායකයෝ කණ්ඩායමක් මා එකෙක් ශිෂ්‍ය නායක දක්වා රැගෙන යන ලදී.
මගේ තීරණය ඒකමතිකව පිළිගැනීමට එදා anandayo එකහෙලාම තීරණය කළහ.
එදා පුංචි දරුවකුව සිටි අධ්‍යාපන සේවා ඇමති තුමා ගේ පුංචි පුතා අද වන විට මගේ ද ඉතා හිතවත් නීතිඥවරයෙකු ලෙස සමාජ මෙහෙවරෙහි යෙදී සිටීම මට සතුටකි. එදා සිටි ියලුම ශිෂ්‍යයන් අද වන විට මේ සමාජය සුවඳවත් කරන සමාජ නායකයන් බවට පත්ව සිටින බව මට විශ්වාසය.
තිස් අවුරුදු බියකරු යුද්ධය නිසා එකම දූපතක විරසක වී සිටින ජාතීන් දෙකක් වන සිංහලයන් හා ද්‍රවිඩයන් අතර පැවති අර්බුද පිළිබඳ දහසක් දේ මා සිතේ තිබුණ ද එතුමා මගේ අදහස් අනුගමනය කරමින් සිදු කළ වැදගත් කරුණක් මේ අවස්ථාවේ දී මට සිහිපත් වේ.
යුද බිය උත්සන්නව පැවති ඒ සමයේ යාපනය අර්ධද්වීපය භාර ප්‍රධාන අණ දෙන නිලධාරියා ලෙස කටයුතු කළේ වත්මන් දේශපාලනයේ යෙදී සිටින සරත් ෆොන්සේකා මහතා ය. මේ සමයේ යාපනය දකුණේ මිනිසුන්ට ආරක්ෂිතව සංචාරය කළ හැකි ස්ථානයක් නොවුවද සිංහල නායකයෙකු සිටින අඩවියට යාමට අප තුළ බියක් ඇති වූයේ නැත.
එක් එක් අවස්ථාවල අධ්‍යාපන අමාත්‍යාංශය මගින් උතුරේ පාසල් වෙත යවනු ලැබූ විවිධ යන්ත්‍ර රූපවාහිනිය හා අවශ්‍ය උපකරණ ආදිය රැගෙන අප යාපනයට සංචාරය කරන්නට පටන් ගත්තේ වසර දෙදහයි දී පමණ ය.
මේ අවස්ථාවේදී උතුරට යාමට හැකිව තිබූ එකම මාර්ගය ඒ 9 විය. ඒ හැරෙන්නට ගුවනින් යනවා නම් අපට තිබුණේ මිනිසුන් දහයක් පහළොවක් පමණ ගෙන ආ හැකි කුඩා කසිකබල් ගුවන් යානා කිහිපයක් පමණි.
මෙම අවස්ථාවේදී ඒ 9 මාර්ගය ඔස්සේ ගමන් කිරීම වුවද බියකරු සිද්දියත් අත්දැකීමක් වුව ද අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඇමති තුමා සමග යන නිලධාරීන් මණ්ඩලයට තිහක් හතළිහක් පමණ ප්‍රමාණයක් ඇතුලත් වූ අතර ඔවුන්ට ගමන් කළ හැකි එකම මාර්ගය වූයේ ඒ 9 මගින් ගමන් කිරීම පමණි.
මේ අවස්ථාවේදී අප කීප වතාවක්ම උතුරට ගොස් පාසල් සඳහා අධ්‍යාපන උපකරණ බෙදා හැරීමේ වැඩසටහන් ආරම්භ කළෙමු.
යාපනය සංචාරයට පළමු දින අධ්‍යාපන අමාත්‍යාංශය ලේකම්තුමා වැනි ඉහළ නිලධාරීන් ඇතුළු 50කට පමණ ඉසුරුපායේ සිට දේශනාවක් කරන අධ්‍යාපන සේවා ඇමැති තුමා හෙට සිදුකෙරෙන යාපනයේ සංචාරය පිළිබඳව පුළුල් වැදගත් අරමුණු සහ බලාපොරොත්තු පිළිබඳ දේශන පවත්වයි. ඉන්පසු එතුමා එක එක පුද්ගලයන්ට එක එක රාජකාරි නියම කරයි.
ඒ අනුව එතුමාගේ වැඩපිළිවෙළේ වටිනාකම ඇත්තේ එවැනි උපදේශ ය.
එතුමා ඒ ඒ වාහන වලට ඒ ඒ නිලධාරීන් පත් කරන අයුරුත් ඒ ඒ උපක්‍රම යොදන අයුරු වාහන පේළිය ගමන් කරන අයුරු පැහැදිලිව උපදෙස් දෙයි.
සියල්ලටම අවසානයේ එතුමා කරන්නේ අම්බලන්පිටිය මහත්තයා හෙට උදේ 6:00 ට රත්මලාන ගුවන් තොටුපොළට එන්න කියා පණිවිඩයක් දීමයි.
එතුමා එම පණිවිඩය ලබා දෙන්නේ සියල්ලටම ඇසෙන සේ ප්‍රසිද්ධියේ ය.
යම් හෙයකින් මා සමඟ වැඩ කරන හිතවතුන් අතරේ ඔවුන්ට නොදන්වා ඇමති තුමා සමග ගමනට එකතු වූයේ නම් මම සහ අපේ අමාත්‍යාංශයේ සේවක මණ්ඩලය අතර ඇති වන්නේ නරක අවබෝධයකි.
ඒ බව දන්නා එතුමා සියල්ලටම ඇසෙන පරිදි මට විවෘත ආරාධනයක් කරන්නේ එවැනි කට කතා මැඩ පැවැත්වීමේ අදහසිනි.
එවක රත්මලාන සිට යාපනයේ ගුවන් තොටුපොළ දක්වා ්‍යාපන අමාත්‍යංශයෙන් ගමන් කරන එකම මගින් දෙදෙනා වන්නේ සුරනිමල රාජපක්ෂ ඇමතිතුමා සහ මා පමණි.
පැයක පමණ කාලයක් පුරා සද්ද බද්ද වැඩි බර කරත්තය ගමන් කරන්නා වැනි අපේ කැඩී බිඳී ගිය ගුවන් යානයේ ගමන එච්චර රසවත් එකක් නොවීය.
ලොවපුරා සියලුම අති නවීන ගුවන් යානා වල සංචාරය කර ඇති මට මෙම ගමන එක්තරා කරදරකාරී වුවද ඇමති තුමා සමග එතුමා ගේ යාබද ආසනයේ වාඩිවී සතුටු සාමීචි ගමන් කිරීමට ලැබීමද වාසනාවකි.ඒ කාලය තුළ ද එතුමා සහ මා කතා කරේ මේ රට ගැන ය මේ සමාජයේ ගැන - යුද්ධය වාතාවරණයෙන් සාමය උදා කිරීමේ ක්‍රම පිළිබඳවය.
එහිදී මා එතුමාට හොඳ යෝජනාවක් කළෙමි.
එනම් යාපනයේ සිටින තරුණ සහ ළමා පරපුර කොළඹ හෝ දකුණේ සිටින ශ්‍රී ලාංකීය ළමා පරපුර හෝ තරුණයන් පිළිබඳව කිසිඳු අදහසක් නොදනී. ඔවුන් කියන්නේ සහ ඔවුන්ට අසන්නට ලැබෙන්නේ ශ්‍රී ලාංකිකයින් මිනී මරන්නන් - බෝම්බ ගහන්න මං පහරන පුද්ගලයන් ලෙසයි.
උතුරේ ළමයින්ට සහ තරුණයන්ට මෙන්ම ඔවුන්ගේ පාසල් වලට සපයා දීමට හැකි සියලුම ේවල් පහසුකම් ලබාදීම ඉතා ප්‍රයෝජනවත් යෝජනාවක් බව එතුමාට මම මේ වතාවේදී පැහැදිලි කළේ.
එපමණක් නොව නූතන රසාස්වාදය සංගීත වැඩසටහනක් හරි තරුණයන් අගය කරන සියලුම දේවල් ඔවුන්ට ලබා දිය යුතුය යන යෝජනා එතුමාට යෝජනා කළෙමි.
එතුමා එය ඉතා සතුටින් පිළිගත්තේය. බොහෝ අවස්ථාවල නුවර හෝ උඩරට පළාතේ යන සංචාරවලදී ආපහු එම ගමනේ දී එතුමාගේ කාරුණික ආරාධනය යටතේ එතුමාගේ නිවසට ගොඩ වී කෑම වේලක් ගැනීමෙන් පසු කොළඹට පැමිණීමට තරම් මම එතුමා සමග සමීප ව සිටියෙමි.
.
මගේ අදහස් අගය කළ එතුමාගේ විශේෂ යෝජනාව යටතේ ඉන් පසු උතුරට සියලුම සංගීත භාණ්ඩ ඇතුළු විනෝදාස්වාදය ගෙන දෙන සියලු උපකරණ ආදිය රූපවාහිනී න්ත්‍ර ආදිය ලබා දීමට එතුමා විශේෂයෙන් කටයුතු කළේය.
ඇත්තෙන්ම ඒවා අප අදහස් කළ පරිදි සියයට සියයක්ම සාර්ථක වූ බව පසුකාලීනව අපට අවබෝධ විය. යාපනේට ගිය අවස්ථාවල අපිට බියක් සැකක් නැතිව රාත්‍රියක් ගත කළ හැකි එකම ආරක්ෂිත ස්ථානය වූයේ යාපනයේ පිහිටි හමුදා ආරක්ෂක මූලස්ථානයයි. එහිදී අප ආහාර ගත් අවස්ථාවේදී අපගේ හතළිහක් පනහක් පමණ අධ්‍යාපන කණ්ඩායම ද ආහාර හමුදාවෙන් බෙදා දෙන අවස්ථාවේදී ඇමතිතුමා ළඟම වාඩි වී සිටි මා වෙත ද හමුදා ප්‍රධානී සරත් පොන්සේකා මහතා අතින් කෑම බෙදූ අවස්ථාවන් මට සිහිපත් වේ.
මහජන බැංකුව තුලින් මා හඳුන්වාදුන් සිසු උදාන ළමා ගිණුම සමස්ත ලංකාවේම ප්‍රචාරය කිරීම මගේ එකම බලාපොරොත්තුව නිසා මට යාපනය පුරා ද එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම අවශ්‍ය විය. ඒ සඳහා ාපනයේ බැංකුවල ළමා ඉතුරුම් භාර නිලධාරීන් ඇමතීමේ අවශ්‍යතාවයක් මට ඇති විය. එහෙත් ඒ සඳහා ඇමතිතුමාගෙන් එතරම් කැමැත්තක් ලැබුණේ නැත. එක දිනයක ඇමතිතුමා ඇතුළු කණ්ඩායම යාපනේ උණුදිය උල්පත් බැලීම සඳහා යාමට තීරණය කර තිබුණි. මා අදහස් කෙළේ එදින යාපනයේ බැංකු නියෝජිතයන් හමුවීමට යොදා ගැනීමටය.
ඒ දිනවල බැංකු ශාඛා හැඳින්වූයේ coverd area බැංකු ලෙසයි.
ඇත්තෙන්ම මේ දිනවල එම බැංකුවල සියලුම කටයුතු පරිපාලනය කළේ කොටි හමුදාවන් විසින් ය. ඉන්පසුමම ඇමතිතුමාගෙන් අවසර ගත්තේ උණුදිය උල්පත් බැලීම අත්හැර බැංකුකරුවන් අමතා ඉතිරීම ප්‍රචලිත කිරීම සඳහා දෙසුමක් මට පැවතීමට අවශ්‍ය බවය.
ඉංග්‍රීසි සහ ජර්මන් භාෂා පිළිබඳ මට අවබෝධයක් ඇතත් දෙමළ භාෂාව පිළිබඳව මගේ දුර්වලතා ආවේ පිළිබඳව මම කණගාටු වෙමි. එවක ණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දෙමළ භාෂා පුහුණුව පිළිබඳව පැවති විශේෂ වැඩමුළුව මට සම්පූර්ණ කර ගත නොහැකි වූ නිසා මට දෙමළ පිළිබඳව ඇත්තේ, ‘ Konya konya theriyama තත්ත්වයයි
මට අධ්‍යාපන අමාත්‍යාංශයේ යුනෙස්කෝ කටයුතු භාර අධ්‍යක්ෂ Muthulingam මහතාගේ සහයෝගය ලබා ගැනීමට සිදුවිය.
එදා Muthulingam මහතා සමග කොටි පාලනය යටතේ පැවති බැංකු නිධාරීන් හමුවට යද්දී මට ඇත්තෙන්ම හදවතට ඇතිවුණේ ටිකෙන් ටික බියකරු ස්වභාවය. මට උපදෙස් දෙන muthulingam මහතාට ද එවැන්නක් ඇතිව තිබූ බව දැනුණි.
කෙසේ හෝ ඔවුන් මා වෙනුවෙන් සකස් කර තිබූ විවෘත වේදිකාවට ගොඩවී මා පළමුවෙන්ම කීවේ good morning everybody කියාය
ඔවුන්ද සියල්ලෝම good morning කියා මට පිළිතුරු දුන්හ
ඉන්පසු මා පළමුවෙන්ම ඇසුවේ ඇයි Do you know, ‘ who am I’ කියා මම විමසුවෙමි. (ඔබ මා කවුද කියා දන්නවාද) කියා
එවිට ඔවුන් එක එල්ලේම කීවේ , ‘’Yes we know You are the Sisu Udana founder….” (ඔව් අපි දන්නවා ඔබ තමා සිසු උදාන නිර්මාතෘ වරයා.).
මම මවිතයට පත්වීමි.
ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක කොටි ජාලය කොතරම් දුරට පුද්ගලයන් පිළිබඳව හඳුනාගෙන තිබුණේ ද?
මගේ බැංකුවේ කාර්ය මණ්ඩලය පවා සිසු උදාන හැදුවේ කවුද කියා ඔවුන් දන්නේ නැත?
එහෙත් මේ මිනිසුන් එක එල්ලේම මා සිසු උදාන නිර්මාතෘ වරයා බව පැවසීම පිළිබඳව එක අතකින් මට ඇතිවූයේ සතුටකි.
ඉන්පසු මම ඉතිරි කිරීමේ වටිනාකම පිළිබඳව විශේෂ දේශනයක් පවත්වා ඔවුන්ගෙන් සමුගත්තේ ඔවුන් විසින් ලබාදුන් බිස්කට් සහ තේ පැන් සංග්‍රහයෙන් පසුව ය.
ඉන් පසුව උතුරේ ඉතිරි කිරීම පිළිබඳ තවත් නව වාර්තාවක් තබමින් මට අවශ්‍ය වුණේ ප්‍රභාකරන්ගේ පාසලට ගොස් සිසු උදාන බැංකු ඒකකයක් විවෘත කිරීමයි.
kankasanthura පාරේ පිහිටි ්‍රභාකරන් උගත් විද්‍යාලයට මා ගොඩ වූ විට මට දැනුනේ ඉතාම සාමකාමී ඉතාම මැනවින් පරිපාලනය කරමින් තිබූ සාමකාමී අපූරු පාසැලකි.
ඒ පාසල් මිදුලේ වවා තිබූ වඩා උස නැති අඹගස් ඇතුළු සෙවණ යට සුදු වැලි අතුල ලස්සන මිදුල වල අප දරුවන් කටයුතු කරමින් ඉතා සාමකාමී ලෙස ඉගෙන ගනිමින් තිබුණි.
රටපුරා දකුණේ පාසල්වල යුද ගිනි නිසා කිසිවෙක් පාසල් නො වෙමින් සිටි සමයක වුවද මෙම පාසල් වල ඉතා ඉතා නිදහස් ආකාරයෙන් අධ්‍යාපන කටයුතු සිදු කරමින් පැවති බව මම දුටුවෙමි.
මේ ආකාර මා මා එපමණක් නොව අධ්‍යාපන ඇමතිතුමා යෝජනා ගණනාවක්ම සාර්ථකව ඉටුකළ බව මම හඳුනාගතිමි.
මේ පිළිබඳව තව බොහෝ දේ සඳහන් කළ යුතුව ඇතැයි ඇතතේ ඉදිරියට තබමි.
ඉන්පසුව නැවතත් බලශක්තිය අරගල - ඒ ගැන මොහොතක් කල්පනා කරමු.
මා මීට ටික කලකට පෙර මාගේ එෆ්බී පිටුවේ සඳහන් කළේ දෙදහස් එකසිය වන විට මිහිතලය මතින් මිනිසා කියන සත්වයා අතුරුදහන් ව යා හැකි බවට මානව විද්‍යාඥයන් විසින් කර ඇති ප්‍රකාශයකි.
එය එසේම විය හැකි බවට පෙරනිමිති පහළ කරමින් Covid වසංගතය වැනි අනතුරක් උදාවී ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් විනාශ වූ ආකාරය සිහිපත් කරමු.
එසේම වරින් වර පැන නැගෙන ජලගැලුම් ගංවතුර මුහුද ගොඩ ගැලීම් උත්තර සහ දක්ෂිණ දුවයන්හි අයිස් කඳු දියවීයාම ආදිය මොහොතෙන් මොහොත ගෙන එන්නේ මානවයාගේ විනාශයයි.
ස්වාභාවිකව සිදුවන මෙවැනි විනාශයන් ටත් වඩා මිනිසාගේ ක්‍රියා නිසා මිනිසාගේ විනාසය ඉක්මන් කරගන්නා ප්‍රබල සාධක ලෙස මේ ඉන්ධන භාවිතය හැකිය
මේ පුවතක් පිළිබඳව අද අපගේ අවධානය යොමු වීමට හේතු වූයේ අද ප්‍රවෘත්ති මාධ්‍යයෙන් කියවු IMF ආයතනයෙන් නිකුත් කර තිබූ මෙහි මාතෘකාවේ සඳහන් එක්තරා ප්‍රවෘත්තියකි.
අද හිඟමනට පත්වී ඇති - බංකොලොත් වී ඇති ශ්‍රී ලංකාවට හුස්මපොද යාමට නොදී කුඩා හෝ ආධාරයක් ලබා දෙන්නට නම් IMF පොරොන්දු ඉටු කරන ලෙස ඔවුන් ලංකාවට විශේෂ තරවටු කිරීම් ගණනාවක් කර ඇත.
එයින් එක තරවටුවක් තමයි මේ ඉහතින් සඳහන් කර තිබූ පොසිල ඉන්ධන අර්බුදයට කලයුතු විසඳුම.
එදා මා දසක තුන හතරකට පෙර කළ යෝජනාව අද නිල වශයෙන් ලංකාවට බල කිරීම ඇත්තෙන්ම ඒ මා කළ යෝජනා වලට එදා කළ යෝජනා වලට කළ ාත්‍යන්තර නියෝගයක් ලෙස මට පෙනේ.
අද පවා මේ පුංචි දූපතේ අනවශ්‍ය වාහන දස දහස් ගණන් ගොඩ ගසා තිබීම මොන තරම් අපරාධයක්ද?
එදා මං මාධ්‍යවේදියකු වශයෙන් ප්‍රකාශ කළේ ජපානයේ අබලි රථ garaje බවට ලංකාව පත් කරන්න එපා කියාය.
ඒ රටවල විනාශ කිරීමට නියම කරන ලද වාහන තොග පිටින් ගෙනත් ලංකාව පුරා පාරවල් ඒවායෙන් වසාලන්නට සැලැස්වීම අද ඒ කාලයේ මිනිසුන්ගේ රටාවක් බවට පත්ව තිබුණි.
ලෝකයේ බොහෝ රටවල ියමිත ප්‍රමිතියකින් තොර පරන වාහන ආනයනය කිරීම තහනම් කටයුත්තකි.
එහෙත් පුංචි ලංකාවට ආදරය කරන මිනිසුන් මෙම තීරණ ගන්නන් අතර නැති වීම කනගාටුවකි.
අද එහි අනිසි ප්‍රතිඵල භුක්ති විදිමින් අපි සිටින්නෙමු.අද දින පතාම ශ්‍රී ලංකාවෙන් සිදුවන වාහන අනතුරු මරණ සංඛ්‍යාව කොරෝනා මරණ වලටත් වැඩි බව දන්නේ කීයෙන් කී දෙනාද?
අලුත් වාහනයක් අවුරුදු අටක් හෝ දහයක් භාවිතා කිරීමෙන් පසු ඉවත් කිරීම ජපනගෙ සිරිතයි.
ඉන්පසු භාවිතයෙන් ඉවත් කරනු මෙම වාහන අපගේ වටිනා විදේශ විනිමය ද විනාශ කරමින් ලංකාවට ගෙනවිත් අපේ අඥානයන්ට ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත් කරගත් පුද්ගලයන් ජපානයේ සැප ජීවිත ගත කරති.
ඒ කාලයේ තිබුන කියමනක් තමයි පරණ වාහනයයි ලෙඩ ගෑනිත් එකතු වන මිනිහා එක සමාන අත්දැකීම් ලබන විත්තිය.
ඉතිං මුල් යුගයේ නොතිබුණ අලුත් garage අද වන විට හැම තැනම පිරී ඇත.
අපේ අලුත්ම සමාජ රෝගය ත්‍රීවිල් ය. ඒවාද හැමතැනම පිරි ඉතිරී ගොසිනි. ඒ සමගම ඇතිවන යහපත් දෙය මෙන්ම එයින් සිදුවන අකටයුතු කම් බොහෝය.
බොරැල්ලෙ මා ීවත් වන මාර්ගය පවා බියකරු වංගුවක් අසල ත්‍රීවිල් කරුවන් විසින් අත්පත් කරගෙන සිටී. බලධාරීන් බොහෝ දෙනකු මේ මාර්ගයේ ගමන් කළ ද ඔවුන් ට ඒ බව නොපෙනේ.
ඉතින් අද වන විට අප ගේ දුප්පත් රට තවත් දුප්පත් බවට පත්කරමින් ඉන්ධන බොන ගරා යකුන් බවට ශ්‍රී ලංකාව පත්වී සිටී.
ශ්‍රී ලංකාවේ වැඩිම විදේශ විනිමය වැය වන්නේ ඉන්ධන වලට බව පැහැදිලිය. ඉන්ධන නැති උනොත් අපේ ජනතාවට ජීවත්වීමට ඔක්සිජන් නැති වුණා වගේ එය. කන්ඩ බොන නැතිවුනත් ඉන්ධන නැත්නම් ඔවුන්ට ජීවත් වීමට නොහැකි බවක් පෙනී යන්නේ
ගල් අඟුරු දියුණුවන ලෝකෙන් බැහැර වන අපද්‍රව්‍යයක් ලෙස ඉවතට දමා දී අපේ මිනිසුන් විශාල ගල් අගුරු බලාගාර තව තවත් ඉදිකරමින් සිටී. ගල් අඟුරුවලින් විද්‍යුත් ශක්තිය ඉපදවීම තුළින් උපදවන විනාශකාරී වායු අපේ වායු තලයට බොහෝම ආදරයෙන් එකතු කර ගැනීමට අපේ වගකිවයුත්තන් සූදානමින් සැදී පැහැදී සිටියි. ඉන්ධන දහනය එසේමය.
වන විනාසය ගංවතුර වැනි සියලුම විනාශකාරී කටයුතු තුළින් අපේ පරිසරය අද වන විට ඉතා දුක්මුසු තත්ත්වයට පත්ව ඇත.
මේ සියල්ලටම වඩා පුදුමය වන්නේ මෙරට ඉන්ධන විදුලි බලය භාවිතය ආදී සියල්ලම අල්ලාගෙන සිටින කූඩැල්ලන් මෙන් ජරා පිරිසක් අප අතර සිටීම ය.
සමහරවිට ඔවුන් පාරිභෝගිකයන් ගසා කන වෙළෙන්දන් මෙන් නොව සුදු කරපටි දාන ටයි කෝට් අඳින උගතුන් වීමට පුළුවන.
බොරදියේ මාළු බාන මෙන් මෙම උගත් පුද්ගලයන් ද අපගේ ඉන්ධන අර්බුදය හමුවේ පුදුමාකාර තීරණ ගන්නා බව විචාරශීලී පුද්ගලයෙකුට පහසුවෙන් තෝරා ගැනීමට පුළුවන.
ලෝකයේ ප්‍රබල තම ශක්ති ප්‍රභවය වන්නේ සූර්යයාය. සූර්යයා ද කිසියම් දවසක විනාශයට පත්වන ගිනිගෙන දැවෙන තාරකාවකි.
එහි එක් ගිනි දැල්ලක දිග ප්‍රමාණය සැතපුම් ලක්ෂ ගණනක් වන අවස්ථාද ඇත.
අපගේ චක්‍රාවාටය ඇඳී බැඳී පවතින සූර්යයා මුල්කරගත් මේ ග්‍රහලෝක වල් පෘථිවියේ නමැති මිනිස් වාසයට සුදුසු එකම ස්ථානය ලෙස දැනට හඳුනාගෙන සිටින මෙහිද පැවැත්ම තාවකාලිකය.
ඉතින් පෘථිවි ගෝලයේ වයස අඩු කර ගැනීමට බලපාන එක එක මානව ක්‍රියාකාරකම් සිදු කිරීම ඇත්තෙන්ම වේදනා ජනතා සංවේගජනක.
ඉන්ධන හා ඉන්ධන භාවිතාව ද එවැනි ක්‍රියාකාරකමකි
ඒ සඳහා හොඳම විකල්පයක් වන්නේ පුනර්ජනනීය බලශක්ති.
මෙම පුනර්ජනනීය බලශක්තියේ වටිනාකම පිළිබඳව මා විසින් මීට ඉහත විවිධ මාධ්‍ය සහ පිටු වලට ලිපි රාශියක් ම ලියා ඇත.
අපගේ අදහස් පිළිගැනීමට තරම් වගකිවයුත්තන් මේ ්‍රී ලංකා පොළොව මත නොසිටීම අපේ පොදු ජනතාවගේ අවාසනාවක් ලෙස මම අද කල්පනා කරමි.
මා වසර තිහකට පෙර දකුණු ආසියා ළමා හිමිකම් කමිටුවේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස saarc රටවල කළ සංචාරවලදී නේපාලය වැනි රටක ඉතා නොදියුණු තත්වයේ ඔවුන් සිටියද ඔවුන්ගේ ඈත කඳුකර හෝටල් ආදියේ වහල මත සූර්ය කෝෂ සවි කර තිබෙනු දුටු මම පුදුමයට පත්වීමි.
ඇත්තෙන්ම මම මුල්වරට හිරු එළියෙන් උපදවන සූර්ය පැනල දුටුවේද නේපාලයේ කඳුකරයේ පිහිටි හෝටල් වල දී ය.
එදා මම මෙම ලාභදායී සෞක්‍ය හිතකර මානවයා ගේ පැවැත්මට හේතු වන ක්‍රියාව දියත් කිරීම යෝජනා කළෙමි.
ඒ පිළිබඳව ඒ කාලය අළලා මා විසින් ලියන ලද’’ බුදුන් උපන් දේශයට චාරිකාවක්’’ නමැති චාරිකා සටහන හිද සඳහන් කර ඇත.
නමුත් ඒවා අසන්නෙක් බලධාරියෙක් අප අතර නොවීය.
වසර තිහකට පෙර අප සූර්ය පැනලයක් අපේ වහල මත සවිකර ගත්තා නම් අද වන විට අප රට තුළ කිසිදු ඉන්ධන අර්බුදයක් පැන නොනගින ඒකාන්තය.
එසේ වී නම් අපේ මවුබිම තුළ සාමය නිහඬතාවය රජ කරනු ඇත. අපේ පරිසරය අතීතයේ පැවැත්වුණා ක් සේ එදා මෙන්ම සුන්දර පවතිනු ඇත. සියල්ලටම කණකොකා හඬමින් මේ පටු අදහස් දරන පැලැන්තියක් විසින් මේ පුංචි රටට විද්‍යුත් බලය ඉන්ධන පොසිල ඉන්ධන තුළින් ලබා දීමේ පාපතර ක්‍රියාව නිසා අද වන විට ලංකාව අප්‍රසන්න භූමියක් බවට පත් වී හමාරය.
මෑතක් වන තුරුම මේ රටේ එක වහලයක් මත හෝ සූර්යය කෝෂයක් සවි කර ගත්තාද ?
සූර්ය පැනල සවිකිරීම වසර තිහකට පසුව අද ටිකෙන් ටික ක්‍රියාත්මක වීම සතුටට කරුණකි.
මෙම තත්ත්වය උදාකර දීම සඳහා අප පෑන අවියක් කර ගන්නට උත්සාහ කළ හැම අවස්ථාවකම එම අවිය මොට වී යාම පුදුමයක් නොවේ.
මෑතක් වන තුරුම මහා බලවේගයක් විසින් මහා අපරාධ කරුවන් කණ්ඩායමක් විසින් විදුලිබල මණ්ඩලය හෝ වෙනත් බලධාරීන් කණ්ඩායමක් පාලනය කරමින් මෙම අවස්ථාව විනාශ කර බව ඉතාම පැහැදිලිය.
නමුත් අද වන විට පසුගිය කාලයේ ඇසුණු පරිදි සෑම ස්ථානයකම අති විශාල විදුලිබල ගැටලුව ජය ගැනීමට එම පූජ්‍යස්ථාන වල වහලවල් සූර්ය පැනල සවිකිරීම යෝජනාව ඉදිරියට පැමිණ ඇත.
එදා මා කිව් අහිංසක යෝජනාවක් අද මේ ආකාරයෙන් හෝ මතුපිටට පැමිණීම සතුටට කරුණකි.
ූර්ය පැනල සවි කිරීමේ ව්‍යාපෘතිය ද එක්තරා කණ්ඩායමක් විසින් පහත් ආකාරයෙන් යොදා ගෙන ඇති බවට කදිම නිදසුනක් වෙත දැනගැනීමට ලැබී ඇත.
අදින් වසර විස්සකට පමණ පෙර මගේ ඉතාම සමීප හිතවතුගේ පුතා ිදුලි ඉංජිනේරුවකු ලෙස සේවය කරමින් මේ යහපත් වැඩ සමාජගත කිරීමේ යෝජනාව ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීමේදී ඔහුට මෙම රටේ සිටීමට පවා ඉඩ නොදීමට අදුර්ශමාන බලවේග ක්‍රියාත්මක කරන ලදී.
එහිදී මෙම පුතා කළේ තමාගේ පියාගේ නිවසට විදුලි පැනල සවි කර ඔහු ඔස්ට්‍රියාවට යාමය.
අද වන විට ඔහු ඕස්ට්‍රේලියාවේ ජන ජීවිතය ශක්තිය ලබා දෙන ඒ රටට වාසනාව ගෙනදෙන ඉංජිනේරුවරයකු ලෙස පුළුල් මෙහෙවරක යෙදී සිටියි.
ඒ අතර තම පියා වෙනුවෙන් සකස් කර දුන් සූර්ය පැනල විසින් පියාගේ මාසික ආදායමට රුපියල් විසිදහසකට 25,000 ක පමණ ආදායමක් ලබා දීමට ඒ පුතා සමතකු බවට පත්ව සිටී.
නමුත් ඒ වාසනාව අපේ රටපුරා ජනතාවට ලබා දීමට මේ කුහක කණ්ඩායම් මාර්ගය අවහිර කර සිටින්නේ ඇයි?
මේ කුහකයන්ට හොඳම හොඳ කණේ පාරක් IMF එක තුලින් හෝ ලබා දීම ගැන මම වැඩියෙන්ම සතුටට පත්වන පුද්ගලයෙක් වන්නෙමි.
ඊට හේතුව වසර ගණනාවක් පුරා මෙම පරම සත්‍යය ඉටුකිරීමට මා හදවතින්ම කැපවී කටයුතු කරන පුද්ගලයකු වීමයි.
ඇත්තෙන්ම ඒ මගින් කර ඇති මෙම යෝජනාව සාර්ථක වුවහොත් ශ්‍රී ලංකාව ගොඩ යාමට ඒ කරුණම ප්‍රමාණවත් වන බව මගේ හැඟීමයි.
නිසල දිය පිරුණු වැවක ජලය විශාල කුහරයකින් පිටවී යන්නේ නම් එම විශාල කුහරය වසා දැමූ විට ැව තුළින් ප්‍රධාන වැවේ ජලය පිට ව යාම නවතී. ඉන්පසු කක්කුටු වලවල් තුළින් පිටවන කුඩා කාණු ද ඉබේම වැසී යනු නියත යි.
එදාට හොරු තක්කඩි තමන්ගේ ලොකු හොර වැඩ අකුලා ගනු ඇත,
එදාට ශ්‍රී ලංකා මාතාව නැවතත් සෞභාග්‍යමත් දේශයක් බවට පා තබනු ඇත.
එදාට සමහර විට අප හෝ අප සමඟ ජීවත් වන මේ සමස්ත සමාජයම මිහිදන් වී සිටීමට පුළුවන.
ඒත් කමක් නැත.
ඊළඟ පරපුර සතුටින් සමාදාන සමෘද්ධිමත් දේශයක ජීවත් වීමට වරම් ලබනු ඇත.
ධම්ම දේශ අම්බලම්පිටිය
www.ccbsunesco.org
ළමා පොත් සංගමයේ ගරු උපදේශක මණ්ඩලය සහ ලියාපදිංචි සාමාජිකයන්ගේ දැනගැනීම සඳහා; අවුරුදු පනහකට ආසන්න අපේ ස්වේච්ඡා සංවිධානයට සියලු දෙනාගෙන්ම ලැබෙන චෝදනාවක් තමයි අවුරුදු හතළිහක් තිස්සේ සේවය කරලත් හරියට කාර්යාලයක්වත් ලබාගන්න බැරි උනේ මොකද කියන විත්තිය. ඊට හොඳ සාධකයක් වන්නේ සංගමය හරහා ගිය බොහෝ දෙනෙක් සංගමය අමතක කර තමන්ගේ කටයුතු පමණක් සිදුකර ගැනීම. ඒ සඳහා හොඳම නිදසුනක් වන මේ සමග දක්වන මාතලේ ස්වාමීන් වහන්සේ පිළිබඳව තොරතුරක් මේ සමග ඔබගේ දැනගැනීම සඳහා එවන්නෙමු. මෙවැන්නක් හඳුන්වාදීමේ අපේක්ෂාව වන්නේ හැකියාවක් ඇත්නම් එම ස්වාමීන් වහන්සේට අපත් සමග එකතු වී සවියක් ව පෙරට යාමට වතුමන්ගේද සහයෝගය සහ ශක්තිය ලබා ගැනීමයි. එම ආරාධනයට පළමුවෙන්ම එම චරිත ලක්ෂණ හඳුනා ගැනීම පිණිසයි මෙම තොරතුරු දන්වා සිටින්නේ. පසුගිය කාලය මුළු ලේ මෙවැනි චරිත ගණනාවක්ම අප සංගමය අසරණ තත්ත්වයට පත්වීමට හේතු වී ඇති බවද සිහිපත් කරමු. අපේ ලොකු හාමුදුරුවනේ, , ඔබ වහන්සේ නවසීලන්තේට ගිහින් ආපසු වැඩම කළේ කවද්ද? නවසීලන්තයට ගියාට පස්සේ අපේ සංගමයට ගොඩක් උදව් උපකාර කරනවා කිව්වා. ...
Comments
Post a Comment