පණ අදින ලෙඩ්ඩුන්ට බෙහෙත් පෙත්තක් දෙන්න බැරිද?
පණ අදින ලෙඩ්ඩුන්ට බෙහෙත් පෙත්තක් දෙන්න බැරිද?
මේ දිනවල දිගින් දිගටම අපට ඇහෙන ප්‍රශ්නයක් තමයි මේ රටේ ඖෂධ ප්‍රශ්නය. හැබැයි අපට ඒ සම්බන්ධ ඇමතිවරයෙක්,ලේකම් වරයෙක්, දෙපාර්තමේන්තුවක් සහ නිලධාරීන් දහස් ගාණක් මේ පුංචි රටේ ඉන්නවා. මේ මිනිස්සු මොනවද මේවට කරන්නේ. මොනවද ගන්න විසඳුම්. මෙම ප්‍රශ්නය ඇහෙන විට මේ වගකීම ජනතාව නියෝජනය කරන්නෙක් වශයෙන් අපට ඉදිරිපත් කරන්න පුළුවන්.
සමහර විට මේ ප්‍රශ්න රටේ තියෙන මාධ්‍යයකට යොමු කළත් ඔවුන් බොහෝ විට ඒවා පළ කරන්නේ නෑ. මොකද ඒවත් එහාට මෙහාට ඇදිලා බැඳිලා නැමිලා තියෙන හන්දා. ා කාලෙකට ඉස්සර නම් විශ්ව ළමා සතිය පිළිබඳ විශේෂ පණිවිඩ ලබා ගන්න මං වෙතට ලංකාවේ ප්‍රධාන ජාතික පුවත් පත් වලින් පත්‍රකලාවේදීන් පවා එවනවා. දැන් කාලෙ අවුරුදු හතළිහක් තිස්සේ අපි පවත්වන ළමා උත්සවයක් ගැන උනත් වචන දෙකක් පළ කරන්න මාධ්‍යයක් නැහැ. හැබැයි ඒ උනාට මේ වැඩසටහන තුළින් උපන් මහා මාධ්‍යවේදි කණ්ඩායමක්ම අප සංගමය තුළින් බිහිවී ඉන්නවා. හේතුව ඒ අයටත් ඒ මාධ්‍ය මණ්ඩලවල තියෙන පිල් බෙදීම් යටතේ නිදහසේ අත පය දිග ඇරලා වැඩකරන්න බෑ. දෙරණ ආයතනය ආරම්භ කළ සමයේ කොළඹ C.W.W. kannangara vidyalaya ළමා පොත් සංගමය විසින් එවක police මාධ්‍ය ප්‍රකාශක සහ අපගේ උපදේශක SSP රියෙන්සි පෙරරා මහතා හිටපු රැස්වීමට දෙරණ මාධ්‍යවේදියා ඇතුළු වුණේ මගේ විශේෂ අවසරයක් අරන්. දැන් ඉතින් ඒ ආයතන වලට කියන කිසි දෙයක් වත් පල වෙන්නේ නෑ.
මේවා කනට ඇහෙන කොට අපිට නිශ්ශබ්දව ඉන්න අමාරුයි. මේ රටේ food city හරිKeels හරි සමාගමක බටු බණ්ඩක්කා කරලක් විකුණන කොට සමස්ත ලංකාවේම ඒ වෙළඳ ජාලය තුළ ඒ මිල ඒ මට්ටමටම අපූරුවට තියෙනවා. ඒ ගොල්ල ඒ සංවිධාන ශක්තිය ගැන අප සතුටු වන්න ඕන.
ඊයෙ මම බොරැල්ලෙ සතොසට ගොඩ වුණා. හාල් පොල් සීනි පරිප්පු තියෙන පැත්ත ඔක්කොම bakki හිස්වෙලා. මං එතන හිටපු සහායකයා ගෙන් ඇහුවා ඇයි මේ කියලා. ඒ යෝධයත් තමන් ජීවත්වෙන ආයතනය විවේචනය කරගෙන තමයි දොස් පැවරුවේ. එව්වටත් ඇමතිවරු නිලධාරී ඕන තරම් ඉන්නවා. හැබැයි වැඩේ තියෙන්නෙ මේ එක යකෙකුටවත් මේ රට හරි පාරට ගන්න ඕනෑ කියලා මට නම් පෙනෙන්නේ නෑ. එහෙම මට කියන්න පුළුවන් අපේ යුගයේ දී මා හරි යට වැඩ කරපු හන්ද.
එක්දහස් නවසිය අසූ ගණන් වල මා මහජන බැංකුවේ සැපයුම් දෙපාර්තමේන්තුවේ සේවය කළා. රටේම මහජන බැංකු ශාඛා වලට අවශ්‍ය ලිපි ද්‍රව්‍ය ගෘහ භාණ්ඩ සහ අනිකුත් සියලුම දේවල් බෙදාහැරීම පාලනය වුණේ එතැන. මට එතනට ගියාම තේරුණා ඒක අවුල් ජාලයක් බව. ෙපාර්මේන්තු ප්‍රධානියා ව සිටී බන්දුසේන මහතා සමග සාකච්ඡා කළ මා මෙම ලිපිගොනු රටාවක් සකස් කරන්න අවසර ලබා ගත්තා. හැබැයි වැඩේට මාස තුනක් විතර ගියා. අදටත් මා විසින් සංවිධානය කළ සැලසුම යටතේ තමා මහජන බැංකුවේ දැන් පරිගණ ගත කරලා තිබුණත් ඒ රටාව ක්‍රියාත්මක වන්නේ. බන්දුසේන මහතා මට ප්‍රශංසාවක් ද දුන්නා.
මා විසින් සොයාගත් ුවිශේෂී ළමා ඉතුරුම් ක්‍රමය වන සිසු උදාන මගෙන් ගලවා ගැනීමේ පරමාර්ථයෙන් මා යුනියන් පෙදෙස ශාඛාවට ්‍රධාන කාර්යාලයේ සිට මාරු කර යැව්වා. සිසු උදාන පිළිබඳව මා සැලසුම් කළ අපූරු සැලසුම ඒ මිනිස්සුන්ට කොපි කරගන්න බැරි වුණා. යුනියන් පෙදෙසේ බැංකුවේ උඩ තට්ටුවෙ උකස් කටයුතු භාර කළමනාකරු ලෙස මගේ පාඩුවේ මං කටයුතු කරන්න වුණා. කොහොම කොහොම හරි මේ මිනිස්සුන්ට තේරිලා තියෙනවා මා හඳුනා දුන් සිසු උදාන පාසලට හඳුන්වා දෙන්න ්‍රමයක් මගින්ම හොයාගන්න ඕනේ කියලා.
දවසක් එහි ප්‍රධානියා මට කතා කරලා කිව්වා ොළඹ දකුණ ප්‍රදේශයේ පාසල්වල සිසු උදාන සංවර්ධන වැඩසටහනක් පටන් ගන්න කියලා. ඒ සඳහා මට අවශ්‍ය වාහනයක් සහ කාර්ය මණ්ඩලය ලබා දුන්නා. ලංකාවේ ඉහළම පාසල් ටික අයත් වුණෙත් මේ කලාපයට. මා මගේ කණ්ඩායම රැස්කර මූලික වශයෙන් දැනුවත් කළා.
ශ්‍රී ලංකාවේ සාක්ෂරතා මට්ටම ඉහළ තැනකට ගෙන එන්න රට පුරා ස්වේච්ඡා පුස්තකාල පාඨක සමාජ අටසීයක් සංවිධානය කළ මට කොළඹ දකුණ ්‍රාදේශීකයේ පාසල් දෙතුන් සියයක් තුළ මේ වැඩේ සංවිධානය කිරීම එච්චර අමාරු කාර්යයක් නෙමෙයි. ඉතින් මා ඉතුරුම් මෙහෙවර ආරම්භ කළා. මෙතෙක් බැංකුකරුවන් කිසිවෙක් නො ගිය පා නොතැබූ බම්බලපිටියේ හින්දු ද්‍යාලයට - හින්දු බාලිකා විද්‍යාලයට සහ මුස්ලිම් බාලිකා විදුහලට ගොස් t ්‍රථම වරට ඉතුරුම් සංකල්පයේ වටිනාකම එම සිසු දරුවන්ට ඔවුන්ට තේරෙන භාෂාවලින් දේශනා කිරීමට මට හැකි වුණා. ඉතිහාසයේ ප්‍රථම වතාවට ඒ පාසල්වලින් එකතු වුණේ අතිවිශාල අරමුදලක්.
ඒ කාලේ බැංකු ප්‍රධානියා වුනේ බැංකුව විසින් විදේශයෙන් ගෙන ඇවිත් සිට ප්‍රධානියෙක්. සමස්ත ලංකාවේම ්‍රාදේශීය අතර කොළඹ දකුණ ්‍රාදේශීකයේ ඉතුරුම් වාර්තාවේ ්‍රස්ථාරයේ ඉතුරුම් රේඛාව පමණක් අහස උසට නැගිලා තිබුණා. හැබැයි හොඳත් තියෙන්නේ සුද්දන් ගේ පාලනය යටතේ කැත වැඩ නෑ. දක්ෂයාට තැන දෙනවා.
මේ දකුණු කොළඹ ඉතුරුම් විශ්මය දුටු ැංකුවේ ප්‍රධාන විධායක සුද්දා ඊට හේතුව දකුණු ප්‍රාදේශිකය භාර ප්‍රධානියා වහාම ප්‍රධාන කාර්‍යාලයට කැඳවා තොරතුරු විමසුවා. එතකොට තමයි අම්බලන්පිටිය නමැති නිලධාරියා විසින් දියත් කළ ඉතුරුම් ප්‍රවර්ධන වැඩසටහන නිසා මෙම කාර්යය සිදු වුණු විත්තිය. ඒ සමගම ්‍රධාන විධායකයා නොපමාව මා ප්‍රධාන කාර්යාලය කැඳෙව්වා. ඊට පස්සේ මහා පුදුමාකාර දේවල් සිද්ධ වුණා. ඒ සියල්ල මා විසින් ලියන ලද ‘’සිසු උදාන මතක සටහන්’’ නමැති රජය විසින් අනුමත පොත කියවීම තුළින් ඔබට දැකගන්න පුළුවන්. ඒ දිනවල ගුණදාස ලියනගේ ලේඛකයා විසින් ලියන ලද ‘දෝන කමලාවතී’ පොතෙන් ලියැවුණා වැනි කරුණු රැසක්ම එහි ඇතුළත් වෙනවා. ඒ පොත කියවන්න කැමති කෙනෙක් ඉන්නවනම් 0718153788 වට්ස්ඇප් පණිවිඩයක් එවන්න.
Comments
Post a Comment