
ප්‍රවාහන හා බලශක්ති ක්ෂේත්‍රය පොසිල ඉන්ධනවලින් පුනර්ජනනීය බලශක්තියට මාරුවීම; අදින් වසර හතළිහක් හෝ පනහකට පමණ පෙර විද්‍යාව යන විෂය ශ්‍රී ලංකාවේ පොදු ජන සමාජයට අලූත්ම විෂයක් බවට පත්ව තිබුණි. ඉන් එහා පැවැති ලෝකයේ විද්‍යාව වැනි විෂයයන් පාසල් විෂය පද්ධතියට හෝ වෙනත් සමාජ කතිකාවතකට ඒ තරම් ඇතුළත් වෙලා තිබුණෙ නැහැ. ිදහස් අධ්‍යාපනය යටතේ නව දැනුම් සම්භාරය ලබා ගැනීමට වාසනාවන්තයකු ව අපට ද විද්‍යාව පිළිබඳ නව සංකල්පයන් පිළිබඳව දැනගැනීමට ලැබීමත් සමගම විද්‍යාවේ විශ්මිත කටයුතු පිළිබඳව විවිධාකාර තොරතුරු කරුණු අපේ මානව සමාජය වෙත දන්වා එය සන්නිවේදන කිරීමේ අවස්ථාව අපට ද උදා විය. ඒ සඳහා අප විසින් සපයන ලද නව විද්‍යාත්මක කරුණු වලට එදා අපගේ මාධ්‍යවලින් ද උපරිම සහයෝගයක් ලැබුණු අතර අප විසින් සපයන විවිධ විද්‍යාත්මක ලිපි සඳහා ජනමාධ්‍ය වල ඒ දිනවල පිටු ගණන් පුරවා ලිපි සපයන ලදී. එමෙන්ම එවකට තිබූ එකම විද්‍යුත් ජන මාධ්‍ය වූ ගුවන් විදුලිය මගින් ද අප විසින් සපයන ලද විද්‍යාත්මක සහ මානව හිතවාදී කරුණුවලට විශාල ඉඩප්‍රස්ථා ලබාදුන් බව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට ද ස්තූති පූර්වකව ඒ පිළිබඳව සඳහන...