ලෝක ගුරු දිනය පිලිබද මගේ මතකයන්


 ලෝක ගුරු දිනය පිලිබද මගේ මතකයන් අවදිවූයේ ඊයෙ දවසේදී දුරකථනය මගින් හෝ මට ගුරු දින සුභ පැතුම් පණිවිඩයක් ලබාදුන් Telani සහ kavishka දියණිවරුන් නිසාය.

අද Telani රජරට සරසවියේය.. Kavishka කැලණිය සරසවියේය.
Kavishka සමගම 2005 වසරේ ළමා පොත් සංගමයේ සාමාජිකත්වය ලබාගත් Anjana කොළඹ සරසවියේය.. මේ තිදෙනා අතරින් Anjana විශේෂ වාර්ථාවක් තැබුවා ය.
1989දී ලෝක unesco සම්මානය හිමි වීමෙන් පසුව දඹදිව ශ්රී මහා බෝධීන් වහන්සේ පාදස්ථානය ස්පර්ශ කර ගෙන මා විසින් ළමයින්වෙත හඳුන්වා දුන්, නවසීලන්තයේ පොදු රාජ්ය මණ්ඩලයෙ අධ්යාපන සමුළුවේ දී පොදු රාජ්ය මණ්ඩල රටවල අතර ලමා කුසලතා නැංවීම පිළිබඳ සුවිශේෂී නොවිධිමත් අධ්යාපන වැඩපිළිවෙළක් ලෙස ගෞරවයට පාත්රවූ දොළොස් මහේ පහන වැඩසටහනයි.
එම වැඩපිළිවෙළ මෙම දරුවන්ට මවිසින් ඉතා සාර්ථක ලෙස ලබාදුන් බව මගේ විශ්වාසයයි. එවකට දෙක වසරේ ඉගෙන ගනිමින් සිටි anjana දියණියගේ මව ට ා දන්වා සිටියේ හරියටම දොළොස් මහේ පහන ක්රියාත්මක කරන්නේ නම් anjana සියලු අමතර පන්ති වලින් මුදවාගෙන පාසලේ අධ්යාපනයට පමණක් යොමු කරන ලෙසය. ඇගේ මව එම ඉල්ලීම අනුවම කටයුතු කළාය. එහි ්රතිඵලය වූයේ 2008 වසරේ ශ්රී ලංකාවේ ශිෂ්යත්ව විභාගයේ ප්රථම ස්ථානයට anjana පත්වීමය. තමන් උගත් lynsay බාලිකාවෙන් විශාඛාවට යාමේ අවසර ලද ඇය අද කොළඹ සරසවියේ ඉගෙනුම ලබයි. ළමා පොත් සංගමය තුළින් මෙරටට බිහි වූ අතීත ළමා පෙළ අද රට සහ ලෝකය සනසමින් සේවය කරද්දී මේ දෙවන පෙළ ද අනිවාර්යෙන්ම ලෝකය සනසන සරුසාර දරුවන් වන බව මට විශ්වාසයි.
අධ්යාපන අමාත්යාංශයේ ළමා ඉතුරුම් භාර ජාතික සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස කටයුතු කරන සමයේ ලෝක ගුරු දිනය දා මට අඩු තරමින් පාසල් 25කින් පමණ එකම දින ආරාධනා ලැබෙන අයුරු සිහිපත් වේ. මහජන බැංකුවේ දී මවිසින් නිර්මාණය කර දුන් සිසු උදාන ළමා ගිණුම නිසාම මට එම රාජකාරිය ජාතික සේවයක් ලෙස කිරීම සඳහා පහසුකම් ලබාගැනීම පිණිස එවකට ්යාපන අමාත්යාංශයට අනුයුක්ත කරන ලදී. මගේ ආත්මය දරුවන් සැනසීමය. ඒ නිසාම හර බැර වලින් සහ ඊර්ෂ්යා කුහකකම් වලින් පිරි වාණිජ සමාජයකට වඩා දරුවන් හා සැදී පැහැදී කටයුතු කිරීමට ඉඩ සැලසෙන අධ්යාපන අමාත්යංශයට මම බෙහෙවින් ඇලුම් කළෙමි.
සියලුම දේශපාලන පක්ෂවල නායකයන් සමග මගේ හොඳ හිතවත් කම් ඇතත් මා කිසිදාක දේශපාලනය වෙනුවෙන් කට හැරියේ නැත. ඒ නිසාම හැම දේශපාලන පක්ෂයකම මට හිතවතුන් සිටී. රටපුරා ඇති අට සියයකට අධික පාඨක සමාජ ැන් අක්රිය වී ඇතත් ඒ සෑම පාඨක සමාජයකම සිටි දස දහස් ගණන් දරුවන් මෙන්ම වැඩිහිටියන් ද විවිධ දේශපාලන පක්ෂවලට අයත් බව මම හොඳින් දැන සිටීම. ඒ නිසාම මට කිසිදු දේශපාලන පක්ෂයකට බැඳීමට ඉඩක් නොතිබුණි. 1998 දී පමණ මම අධ්යාපන අමාත්යංශයට අනුයුක්ත කරන විට එවකට සිටි චන්ද්රිකා බණ්ඩාරනායක ජනාධිපති තුමියගේ ආශිර්වාදය ද බැංකුවට හිමිවිය. මා අධ්යාපන අමාත්යාංශයට සම්බන්ධවීමෙන් ටික කලකට පසු එක්සත් ජාතික පක්ෂ රජයක් පැමිණියේය. ඒ සමගම අමාත්යාංශයේ තනතුරු පුටු පෙරළී විසි වී යද්දී ඒ තුළ ඇති වූයේ මහා කලබැගෑනිය කි. මමත් මගේ ලිපි ගොනු රැගෙන ආපසු බැංකු මූලස්ථානයට යාමට සූදානම් වූයෙමි. මගේ වෙනස දුටු එහි සිටි ප්රධාන විධායක නිලධාරියා මගෙන් විමසා සිටියේ ‘ඇයි ඔබ අද මෙහෙම වෙනස් වෙලා වගේ’ කියාය. මා ඔහුට මගේ අදහස ඉදිරිපත් කලෙමි.
‘ නෑ නෑ ඔබ කොහෙවත් යන්න ඕනෙ නෑ.’ ඔහු ප්රකාශ කළේ ඔහුගේ කාලය තුළ මෙම අංශයේ අකුරටම සේවය කළ හොඳම නිලධාරියා මා බවය. ‘ඔබගේ සේවය සඳහා තවත් පහසුකම් ලබාදී ඔබගේ සේවය දිගටම ගැනීමයි අපේ අපේක්ෂාව.;
එක්සත් ජාතික පක්ෂයට හිතවත් ඒ මහතා මට පැවසීය. මා සදා ආදර අධ්යාපන අමාත්යාංශයේ ම දරුවන් සමග තවදුරටත් සේවය කරන්න ඉඩ ඇතැයි සිතා මගේ ලිපිගොනු නැවතත් ආපසු තැබුවෙමි.
ඔහු කී පරිදි ම මට ඒ වන විටත් ලබා දී තිබු නිල රථයට රියදුරන් දෙදෙනෙකුගේ සහය මට හිමිවිය. සතියකට පමණ වරක් බොරැල්ලේ නිවසට ගොඩ වන මට දිවයින පුරා පාසල් වලින් ලැබෙන දැඩි ඉල්ලුම හමුවේ විවේකයක් ලබා ගැනීමට ලැබුණේ ම නැත. ේ අවිවේකය කෙතරම් වීද කිවහොත් ඉසුරුපායේ පිහිටි අධ්යාපන අමාත්යංශයට ගොඩ වන මට තරප්පුව දිගේ මගේ සේවා ස්ථානයට ගොඩ වීමටත් වෙලාව නොමැත්තා වගේය. ඉහත ගැටලුව තේරුම්ගත් බලධාරීන් මින්පසු ඔබ වාහනයෙන් පැමිණි පසු ඉසුරුපාය ඇමතිතුමා ඇතුළු සුවිශේෂී නිලධාරීන් කීප දෙනෙකුට පමණක් විවෘත වන ලිෆ්ට් එකෙන් උඩට එන්න යයි විශේෂ අවසරයක් ලැබුණි.
ඒ සුන්දර කාලය මා රැකියාවක් කරනවා ද යන්න පවා නොදැනීම ගෙවී ගියේය. එක සතියක් තුළදී පමණක් මේ පුංචි දිවයින තුළ කිලෝමීටර් දහසක් පමණ ගොස් ඇති බව මගේ ධාවන සටහනේ සටහන් වී තිබුණි.ඒ අතරේ සීතල කාමර වලට වී මගේ උතුම් නිර්මාණයක් වන සිසු උදාන මගේ නොවේය යන්න පෙන්වීමට කූට නිලධාරීන් උත්සාහ කරද්දි ඒ සියල්ල අමතක කර රටපුරා පාසල්වලට යමින් අහිංසක දරුවන්ට ඉතිරි කිරීම පිළිබඳව පාඩම් කියාදෙමින් ළමා පරපුර අතර මගේ සේවා කාලය තුළ රුපියල් කෝටි 3000 පමණ රැස් කර දීමට මම සමත්වීමි. එහෙත් අද ඒ කිසිවක් කියන්නෙත් මට හමුවී නැත. ඒ මහා සේවාව සඳහා එවක සිටි රත්තරං ඇමතිවරයකු වූ සුර නිමල රාජපක්ෂ මැතිඳුන් මට ලබාදුන් අතිවිශේෂ සහාය සදාකල් අගය කරමි.
මේ කාලයේ ළමා පොත් සංගමයේ දොළොස්මහේ පහන ද බැබළෙමින් තිබුණි. දොළොස්මහේ පහනේ ජයග්රහකයින් සඳහා හැම මාසයකම සම්මාන සහතික ලබා දුන්නේ ඉසුරුපාය අධ්යාපන අමාත්යතුමාගේ කාර්යාලයේදීය. අද වන විට පාසල්වල මවිසින් නිර්මාණය කර දුන් පාසල් බැංකු වැඩසටහන මුළුමනින්ම අඩපණ වී ඇත, මා දැඩි ඇල්මකින් නිර්මාණය කර දුන් පාසල් බැංකු counter අද වන විට විකාරරූපී බවට පත්ව ඇති බැව් මම දැක ඇත්තෙමි. එදා ාසල් බැංකු ක්රමය තුළින් පුහුණුව ලත් සිසු දරුවන්ට ඊළඟ අදියරේදී බැංකුවේ පුහුණු පත්වීම් ලබාදීමේ අපූරු ක්රමයක් මම හඳුන්වා දී තිබුණි. ඒ අනුව අද බැංකු ක්ෂේත්රයේ බොහෝ කළමනාකරුවන් පවා බිහිවී ඇති බව මට දැනගන්නට ලැබී ඇත. එහෙත් මේ මඩගොහොරුවක් වැනි පරිපාලක සමාජය තුළ ඒ උතුම් වැඩසටහන් හඳුන්වා දීම උගහටය.
මේ විවිධ කරදර බාධක මැද අහිංසක දරුවන් ගුරු දිනය සැමරීම සඳහා මටම ආරාධනා කරන්නේ ඇයි දැයි යන්න විචාරශීලී ඔබට පැහැදිලි වනවා ඇත. එතෙක් කිසිදු බැංකුකරුවකු පා නොතැබූ කොළඹ හින්දු විද්යාලය සහ මුස්ලිම් බාලිකා විදුහල වැනි අධ්යාපනික ආයතන වල එදා ඉතිරි කිරීම පිළිබඳව දේශන පැවැත්වූ ජනප්රියතම බැංකුකරුවා වූයේ මා බව එම විදුහල්පතිවරුන් ද මට පවසා ඇත. අප අතර බොහෝ දේශකයන් ඇතත් ඉංග්රීසි භාෂාවෙන් දේශන පැවැත්වීම බොහෝ දෙනෙකුට අපහසු වීම ද හේතුවක් විය හැකියි.
Telani හා kavishka ඒ දිනවලපාසලෙන් පසු අම්මා ද සමග බොරැල්ලේ ළමා පොත් සංගමේට පැමිණ අසුන් මත වැතිර මොහොතක් ගත කිරීමේ පුරුද්දක් තිබුණි. එවිට ඔවුන්ගේ අම්මා කියන්නේ, මේ ළමයින්ට තියෙන පුදුම අමාරුවක්. සර් දකින්නේ නැතුව මේ දරුවන්ට ගෙදර යන්න බෑ කියනවා’ කියලයි. දොළොස්මහේ පහනේ ආශිර්වාදය දරුවන්ගේ සිත් තුලට ඒතරමටම කාවැදී ගොස් තිබුණි. වසර ගණනාවකට පෙර සිටි මුල්ම කණ්ඩායමේ දක්ෂ දරුවන් වන ප්රසන්න liyanagamage. mohan karunarathnaසහ අනුෂා ගෝකුල වැනි සුවිශේෂී දරුවන් අද වන විට අපගේ ආදරණීය මව්බිම නළවන්නට කළඹන්නට සනසන්නට සමත් වී සිටීම ඇත්තෙන්ම විශාල සතුටකි.
‘සර් ඔබ මේ රටට වටිනා පුද්ගලයන් රැසක් බිහි කරලා තියෙනවා. ඒ අයගෙ හමුවක් සංවිධානය කර ගන්න මම ආරාධනා කරනවා. අවශ්ය වියදම මම දරන්නම් ඒක සංවිධානය කරන්න.’ දවසක් Anusha ගෝකුල අධ්යක්ෂතුමිය මට කී කතාවක් සිහිපත් වේ. නමුත් එවැනි දවසක් සංවිධානය කිරීමට මගේ අවිවේකී ජීවිතයේ අවස්ථාවක් උදාවනු ඇතැයි සිතීම දුෂ්කරය.
අද වන විට ළමා පොත් සංගමයේ ප්රධාන සංවිධායක ලෙස කටයුතු කරන ්රසන්න යුධ හමුදා මේජර් වරයෙක්. මොහාන් ජේෂ්ඨ මාධ්ය වේදියෙක් වන අතර අනුෂා ගෝකුල සංස්කෘතික අධ්යක්ෂවරියයි. දොළොස් මහේ පහනෙ පහස ලද අපේ සමාජය සනසන මෙවැනි අය බොහෝය.
හෙට දිනයේ අද මා සඳහන් කරන සරසවි දියණියන් අද සමාජය සුවදවත් කරන පළමු සාමාජිකයන්ගේ පුටුවලට යනු ඇත. අවාසනාවකටදෝ මෙම අතිවිශිෂ්ට සමාජ පණිවිඩය සමාජගත කිරීම මට අවස්ථාවක් තවමත් ලැබී නැත.
මුහුණු පොතේ හිතවතුන් අතර හෝ මෙම කරුණු බෙදා හදාගෙන සතුටට පත් වන්නේ ඒ නිසාhttp://xn--00c.www.ccbsunesco.org/

Comments

Popular posts from this blog