අප්‍රිකානු ජාති ක නොබෙල් සම්මානලාභී ලේඛක මහාචාර්ය Vol Zoyinka සමග…….
මානව හිතවාදී නෙල්සන් මැන්ඩෙලා මැතිතුමාගේ සියවැනි ජන්ම දිනය අදයි (2018/07/18)
ලෝකයේ මෙතෙක් බිහි වුණ ශ්රේෂ්ඨතම මානව හිතවාදී නායකයා ලෙස සැලකෙන හිටපු අප්රිකානු ජන නායක නෙල්සන් මැන්ඩෙලා මැතිතුමාගේ 100 වැනි ජන්ම දින සංවත්සර යෙදෙන්නේ අදටයි එතුමා උපන්නේ 1918 ජූලි මාසයේ 18 වෙනිදානෙල්සන් මැන්ඩෙලා මැතිතුමා කළු ජාතිකයන් වෙනුවෙන් වෙනුවෙන් කළ සටන් ව්යාපාර හේතුවෙන් 1962 සිට 1989 දක්වා දේශපාලන සිරකරුවකු ලෙස සිරගත වී සිටියා ේශපාලන සිරකරුවකු ලෙස දකුණු අප්රිකානු රජය යටතේ සිරබත් කා 1993දී සාමය පිළිබඳ නොබෙල් සම්මානය පවා දිනා ගත්තා
එතුමා 1994දී දකුණු අප්රිකාවේ ප්රථම කළු ජාතිකයා වශයෙන් ජනාධිපති ධුරයට පත් වුණා 1995 ජූනි මාසයේදී සිම්බාබ්වේ හරාරේ අගනුවරදී පැවැත්වූ “Freedom of expression” ප්රකාශ කිරීමේ නිදහස” ජාත්යන්තර වැඩමුළුවට සහභාගී වීමේ දුර්ලභ අවස්ථාව මට උදා වුණා
දකුණු අප්රිකානු නව ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා මැතිතුමා තමයි එම ජාත්යන්තර සමුළුවේ මූලාසනයේ සභාපති ධූරය දරන ලද්දේ .
ලංකාව එදා හැඳින්වුනේ “මිනිකන්නන්ගේ දේශය” ලෙසට.
මෙම සමුළුවට යාමට ශ්රී ලංකා රජයට ආරාධනා ලැබුණද ඒ සඳහා ශ්රී ලංකා රජයේ නියෝජිතයෙකු යැවීම යෝජනාව විවිධ බලවේග නිසා( ජාත්යන්තර ඩයස්පෝරාව ඊට දැඩි ලෙස විරුද්ධ වුණා) අසාර්ථක වුණා.
’ එදා ලෝකයේ වඩාත්ම දරුණු යුද්ධයකට මැදිහත් වී සිටි ශ්රී ලංකාවේ මොනයම් හෝ නියෝජිතයකු අවශ්ය බව මෙම සමුළුව සංවිධානය කළ පොදු රාජ්ය මණ්ඩලය අවධාරණය කළා ඒ අනුව එම වැඩසටහනට සහභාගී කරවීමට ශ්රී ලංකාවේ තොරතුරු ලෝකෙට දැනගැනීමට කවුරුන් හෝ නියෝජිතයකු හඳුනා ගැනීමට සිද්ධ වුණා ඒ අවස්ථාවේදී අප කොළඹ ළමා පොත් සංගමය ලෝකයේ හොඳම සාක්ෂරතා වැඩසටහන් ලෙස ලෝක යුනෙස්කෝ සම්මානය දිනා සිටි අවස්ථාවයි
ඒ අනුව ශ්රී ලංකාවේ නියෝජිත ලෙස එම අවස්ථාවට සහභාගි වීමේ වාසනාව දුර්ලභ අවස්ථාව අපට උදාවුණා.
එහිදී ශ්රී ලංකාව පිළිබඳ කිසිදු දැනුමක් නොතිබුණු ජාත්යන්තර නියෝජිතයන්ට ලංකාවේ සැබෑ තත්ත්වය කියා දීමට අවස්ථාවක් ලැබීම ිශාල ජයග්රහණයක්.
රාජ්ය පාලනයේ ප්රායෝගික කටයුතු වලට ආගන්තුකයකු වූ නෙල්සන් මැන්ඩෙලා මැතිතුමාට ඉස්ඉස්සෙල්ලාම ශ්රී ලංකාවේ සැබෑ තතු කියා පෑමේ මාහැඟි අවස්ථාව මට එදා උදාවුණා
නෙල්සන් මැන්ඩෙලා මැතිතුමා එදා ප්රකාශ කළා Onlyi today i understood the black-and-white about srilanka කියල.ඒ කියන්නේ ්රී ලංකාව පිළිබඳ නිවැරදිම තොරතුරු ඉස්ලාම දැනගත්තේ ඒ සමුළුවේදී කියලා එතුමා කිව්වා
ශ්රි ලංකාවේ පැවැත්වුණා ඒ බියකරු යුද්ධය පිළිබඳ වාර්තා විනා එහි යථා තත්ත්වය පිළිබඳව මුල් වතාවට එතුමා එදා මා විසින් ඉදිරිපත් කළ country report එක තුලින් කරුණු අසා දැනගත්තා
ශ්රී ලංකාව පිලිබදව ෙල්සන් මැන්ඩෙලා මැතිතුමාට ප්රථමවරට හැඳින්වීමක් ලබා දීමට මට උදා වූ අවස්ථාව මගේ ජීවිතයේ ශ්රේෂ්ඨතම මොහොත ලෙසයි මම හැමදාම සලකන්නේ.
අමෙරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන්, හිලරි ක්ලින්ටන්, රජිව් ගාන්ධි,අගමැති තුමා, නේපාලය කොයිරාළ අගමැතිතුමා, සහ පකිස්ථානයේ elshan ජනාධිපතිතුමා ආදී සුවිශේෂී පුද්ගලයන් රැසක් ම තම ජීවිතයේදී හමු වීමේ දුර්ලභ මිනිස් වාසනාව ලද පුද්ගලයකු වශයෙන් මම ඒ සියල්ලට වඩා මුළු අප්රිකානු මහද්වීපයම ඒකාලෝක කළ nelson mandela මැතිතුමා හමුවූ ඒ මොහොත විශිෂ්ට බව හැමදාම සලකනවා .
මගේ පැහැදිලි කිරිම පිළිබඳව නෙල්සන් මැන්ඩෙලා මැතිතුමා බෙහෙවින්ම සතුටට පත් වූ බව එම වැඩමුළුවේ ලේකම් කටයුතු භාරව සිටි අප්රිකානු ජාතික නොබෙල් සම්මානලාභී ලේඛක මහාචාර්ය Vol Zoinka මැතිතුමා මා සමග කීවා. නෙල්සන් මැතිතුමා එදා තේ පානය කළ තේ මේසේ එතුමා ආසන්නයේම ආසනයක වාඩි වී තේ පානය කිරීමේ දුර්ලභ අවස්ථාව මට හිමි වුණේ එතෙක් ජාත්යන්තර ප්රජාවට අබිරහසක්ව පැවති ශ්රී ලංකාවේ යථා තත්ත්වය එම සමුළුවේදී ජාත්යන්තර සමුළුවට ඉදිරිපත් කළ පුද්ගලයා ලෙස මට ලැබුණ විශේෂ සැලකිල්ලක් ලෙසයි. මාද ශ්රී ලංකාවේ රාජ්ය සම්මාන දිනූ ලේඛකයකු බව අසා දැනගත් නොබෙල් සම්මානලාභී wole soyinka මහතා මා සමඟ එකට ගත් ඡායාරූපය මෙහි දැක්වේ. එම ජාත්යන්තර සමුළුවේ ලේකම් මණ්ඩලයේ කටයුතු කළ 1989 වසරේදී සාහිත්ය පිළිබඳ නොබෙල් සම්මානය දිනූ මහාචාර්ය wole soyinka ද ඒ අවස්ථාවට සහභාගි වී සිටියා එතුමා මා සමග කීවේ නෙල්සන් මැන්ඩෙලා ජනාධිපතිතුමා මගේ ඉදිරිපත් කිරීම තුළින් ශ්රී ලංකා පිළිබඳවද නිවැරදි යහපත් අවබෝධයක් ලබාගත් බවයි එතුමා ඉතා නිහතමානී පුද්ගලයෙක් බවයි මා ලග සිටියදී මට දැනුනේ මානව නිදහස ලබා ගැනිම පිළිබඳ සටන් අරගල වලදී සිංහයකුගේ වෙස් ගත්තත් සාමාන්ය සමාජයේදී යහපත් මනුෂ්යයකු සේ එතුමන්ගේ ස්වරූපය මම දුටුවා ඉතා කලාතුරකින් දක්නට ලැබෙන මේ වගේ උතුම් චරිතයක 100 වැනි උපන්දිනය සමරන මෙවැනි අවස්ථාවක මට මෙවැනි අදහසක් අපේ ජනතාවට ලබාදීමට හැකිවීම ගැන මා සතුටු වෙනවා.
මෙම සමුළුවට සහභාගි වූ ස්කැන්ඩිනේවියානු රටවල් ලෙස එදා හැඳින්වූ නොවේ suwi දැන් හා denmark යන රටවල් තුනේ කණ්ඩායම මෙම සමුළුවෙන් පසු ඔවුන් සමග කෙටි පිළිසඳරක එන ලෙස මට ආරාධනා කළා. එම ආරාධනය අනුව මම කමිටු ශාලාවකදී ඔවුන් හමු වුණා. එහි කණ්ඩායම් නායකයා ලෙස හිටියේ නොර්වේ හි ඔස්ලෝ සරසවියේ මහාචාර්යවරයෙකි. ඔවුන් විසින් රතු පාට කවරයක් සහිත දිග පොතක් ගෙනැවිත් තිබුණා.
පළමුව ඔවුන් ශ්රී ලංකාව පිළිබඳ මගෙන් තවදුරටත් ප්රශ්න කළා. මෙහි පැවති යථා තත්ත්වය විස්තර කළා. කාලේ සමස්ත ලෝකයම ශ්රී ලංකාව පිළිබඳ දැනගෙන හිටියෙ ෑ ශ්රී ලංකා රජයේ කිසිම තොරතුරක්. ත්රස්තවාදීන් විසින් සියලුම ජාත්යන්තර ප්රචාරක ශේත්ර යටපත් කර ගෙන සිටියා. එහිදී මා දුටු ාත්යන්තර පුවත්පත්වල ශ්රී ලංකාව පිළිබඳ ්රවෘත්ති පළ වුණේ කොළඹින් නොවේ. යාපනය කන්කසන්තුරේ හෝ වෙනත් ු උතුරේ නගරවලින් ප්රවෘත්ති ලේඛකයන් සපයන ප්රවෘත්ති පමණයි ලංකාව පිළිබඳව පළවී තිබුණේ. මෙම ස්කැන්ඩිනේවියානු දූත කණ්ඩායමද මගේ හඳුන්වා දීම අනුව ශ්රී ලංකාව පිළිබඳව අලුත් ඇහැකින් බලන්න උනන්දු වෙලා. ඔවුන් කීවේ ශ්රී ලංකාව අසාර්ථක රාජ්යයක් නිසා එම රටවලින් ශ්රී ලංකාවට ලැබෙන සියලුම ආධාර කපා තිබූ බවයි. අර රතු පාට වාර්තා පොත දිග හැර ඔවුන් විසින් මට පෙන්නුවා ්රී ලංකාවේ යුද ගිනි පැතිරී තිබූ සමයේ එම රටවලින් ශ්රී ලංකාවට ලබාදෙන සියලුම ආධාර කපා දැමූ විත්තිය. ‘’ සමහරවිට ඔබ රජයේ නියෝජිතයකු වූවානම් අපගේ ප්රතිචාර වෙනස් වන්න ඉඩ තිබුණා. නමුත් ඔබ ලෝක සම්මාන දිනු යුනෙස්කෝ වාදියෙක්. එවැනි පුද්ගලයකුට සත්යය ප්රකාශ කිරීම අවශ්ය වන්නේ නෑ. ඔබගේ ශ්රී ලංකාව පිළිබඳ හඳුනා දී අපි සම්පූර්ණයෙන්ම පිළිගන්නවා.
දැන් මේ 1985 ජූලි මාසය. මේ අවුරුද්දට තව මාස කීපයයි තිබෙන්නේ.
1986 සිට අප රටවලින් ඔබ රටට හිමිවන සියලුම ආධාර නැවත ස්ථාවර කරන්න අප විසින් අපේ රජයන්ට නිර්දේශ කරනවා. 85 දෙසැම්බර් මාසයේදී denmark copenhagen වල ලෝක නායකයින්ගේ රැස්වීමක් පැවැත්වෙනවා. එම රැස්වීමට ශ්රී ලංකා රාජ්ය නායිකාව ආරාධනා නොකරන්නන් අප තීරණය කර තිබුණේ. නමුත් මෙම හදුන්වා දීම මත අප ඔබගේ රටේ රාජ්ය නායිකාවද ආරාධනාවක් කරනවා. ඔබත් ඒ සමගම එන්න යැයි අප ආරාධනා කරනවා. මෙම ආරාධනාව පිළිබඳව ශ්රී ලංකාවට ආපසු මගේ හිතමිත්ර මාධ්ය අමාත්ය අධිනීතිඥ ධර්මසිරි සේනානායක මහතා සමග මා කීවා. ‘’ ඔයා නිකන් ඉන්න. ඔය ආරාධනා කරන්න ගිහින් මැඩම් එක්ක……..’’ එතුමාගේ උපදෙස් අනුව මං නිහඬ වුණා.
Comments
Post a Comment