2022 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ආරම්භ වුණේ අදයි;

 



2022  කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය  ආරම්භ වුණේ අදයි;

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ වාර්ෂිකව පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මේ අවුරුද්දේ ආරම්භ වුණේ 2022 සැප්තැම්බර් 10 වැනි අද දිනයි.

   අද දින  මධ්‍යහ්න දොළහට දිග හැරුන ‘’ දෙරණ ප්‍රවෘත්ති නාලිකාව ඔස්සේ  එම ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පිළිබඳව එහි වත්මන් සභාපති සමන්ත ඉන්දීවර මහතා විසින් ඒ පිළිබඳ හඳුන්වාදීමේ පණිවිඩයක එක්තරා අවස්ථාවක රූපරාමුවක් මෙම පින්තූරයෙන් දැක්වේ.

 ඇත්තෙන්ම එම අවස්ථාව දකිද්දී අපට ඇති වෙන්නේ ඉතාම උසස් සතුටකි. එදා මට ‘’ සමන්ත පුතා’’ යනු මගේ අසල්වැසි සුරතල් දරුවෙකි.  අද  වන විට ඒ දරුවා මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයේ ඉහළම තලයක සිට මෙසේ කතා කරනු දැකීම  පිළිබඳව එම දරුවාගේ පියාට  දැනෙන සතුට මෙන්ම මටද මහත් සතුටක් වීමට බලපාන ප්‍රධාන හේතු කීපයකි.  ඒ අතීතාවර්ජනය සිහිපත් කිරීමට හොඳම අවස්ථාවක් ලෙස මම මෙම අවස්ථාව දකිමි.

    ්‍රී ලංකාවේ නව ලේඛක පරපුරක් බිහි කිරීමට නව මං පෑදූ කොළඹ ළමා පොත් සංගමය විසින් බිහි කළ කුසලතා සපිරි ලේඛක කලාකරු  පිරිස පිළිබඳව කතා කරද්දි,  විමලදාස සමරසිංහ මහතා  ඒ අතර සිටින ශ්‍රේෂ්ඨ කලාකරුවෙකි.

 මෙම කතා පුවත මා ජීවත් වන අතර සඳහන් නොකළ හොත් එම ඓතිහාසික කතාව සදාකාලයටම වැළලී යනු ඇත. අපේ බොහෝ කලාකරුවන්ට ද යහපත් පාඩමක් වන ඒ ඉතිහාසගත සිදුවීම අද වැනි දවසක සටහන් කිරීමට මා සිත යෙදුණේ සමන්ත පුතාගේ ඒ අභිමානවත් පණිවිඩය ඇසීමෙනි.

        ඒ ඓතිහාසික සිදුවීම දැනට වසර තිස් පහකට පමණ ඉහත සිදුවිය.

යුනෙස්කෝ උපදෙස් පරිදි ශ්‍රී ලංකාවේ නව ළමා සාහිත්‍යයක් බිහි කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරමින් සිටි යුගයයි ඒ.

අප විසින් නිර්මාණය කරන ලද ශ්‍රී ලංකාවේ සාක්ෂරතා වර්ධනය පිළිබඳ පස් අවුරුදු වැඩසටහන ප්‍රංශයේ  යුනෙස්කෝ මූලස්ථානය විසින් අනුමත කිරීමෙන් පසුව එම වැඩසටහන ඉසුරුපායේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙමින් පැවැති සමයයි ඒ.

        නව ළමා සාහිත්‍යයක් - සැබෑ ළමා සාහිත්‍යයක් බිහි කිරීමට නම්  ්‍රී ලංකාවේ එවක පැවති ළමා පොත් වල අන්තර්ගතය විමසූ විද්වතුන් පවසා සිටියේ ළමා මනස හඳුනන නවක ලේඛක පරපුරක් පළමුවෙන් බිහි කළ යුතු බවය. ඒ සඳහා මුල්වී කටයුතු කිරීමට කොළඹ ළමා පොත් සංගමයට උපදෙස් ලැබුණි.

 ඒ  අනුව  ්‍රී ලංකාවේ  එදා සිටි ලේඛක පිරිසට දරුවන් වෙනුවෙන් නිවැරදිව පොත් ලියන ආකාරය පිළිබඳ වැඩමුළු මාලාවක්  සංවිධානය කරන ලෙස  යුනෙස්කෝ විශේෂඥයන්ගේ උපදෙස් අනුව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දන්වන ලදී. 

 ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම ළමා පොත් නිෂ්පාදනය කිරීම පිළිබඳ වැඩමුළුව 1985 දී ආරම්භ විය.

 සමාරම්භයේ දී එම ප්‍රථම වැඩමුළුව එවක පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති නාලන්දාවේ හිටපු විදුහල්පති  සුගුණදාස අතුකෝරල මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හතේ නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පුස්තකාල සේවා මණ්ඩලයේදී ආරම්භ කරන ලදී.

 පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවති මෙම වැඩසටහන වාර්ෂික වැඩසටහනක් බවට පත් කෙරුණ අතර රජයේ සම්පූර්ණ සහයෝගය මත ශ්‍රී ලංකාවේ එවක සිටි සුවිශේෂී සාහිත්‍ය  විද්වතුන් සම්බන්ධ කරගනිමින් අප  සංගමය  විසින් සිදු කළ ඒ උතුම් පුණ්‍ය කර්මය තුළින් මෙරට ළමා පරපුර වෙනුවෙන් නිවැරදි ළමා පොත් ලිවීම පිළිබඳ ්‍රී ලංකාවේ ලේඛක පරපුර හැඩ වැඩ කිරීමේ ඓතිහාසික කාර්යය කොළඹ ළමා පොත් සංගමය විසින් සාර්ථක ලෙස ඉටු කරන ලදී.

 මෙම වාර්ෂික ලේඛක පුහුණු වැඩමුළු මාලාව ලේඛක   මනස පුබුදු කළ අපූරු වැඩසටහනක් බවට පත්විය.  එම පුහුණු වැඩසටහන් මාලාව   එදා සිටි ලේඛක පරපුර අතර කෙතරම් ජනප්‍රිය වූයේ ද කිවහොත් එක්තරා වර්ෂයක එම වැඩමුළුවට ඇතුළත් කරගත හැකි උපරිම සංඛ්‍යාව සම්පූර්ණ වූ පසු ඉදිරි

වසරේ වැඩමුළුව සඳහා ඊළඟ කණ්ඩායමේ නම්  ලියාපදිංචි කර ගැනීමට තරම් එම කාලයේ මෙම වැඩසටහනට බලවත් ඉල්ලීමත් ඇතිවිය.

 මෙම වාර්ෂික වැඩමුළු මාලාවට ශ්‍රී ලංකාවේ සතර දිශාවේම සිටි විශිෂ්ට ලේඛකයන් හැමදෙනාම පාහේ ඇතුළත්වීමට උනන්දු වූයේ එවක සිටි මෙරට විශිෂ්ටතම සාහිත්‍යධරයන් විසින් මෙම වැඩසටහන තුළදී ලේඛකයන්ට දරුවන් සඳහා පොත් ලියන්නේ කෙසේද යන්න මැනවින් අවබෝධ කර දීම නිසාය.

      මෙම බොහෝ වැඩමුලු දින දෙක තුනක ආකාරයෙන් පැවති අතර බොහෝ වැඩමුළු ශ්‍රී ලංකා පදනම් ආයතනය  ජාතික පුස්තකාල සේවා මණ්ඩලය වැනි  ස්ථාන වල පවත්වන ලදී.

      1985 සිට පසුගිය 2020 වසරේ Covid උවදුර රට පුරා පැතිරෙන අවස්ථාව දක්වාම වාර්ෂික වැඩමුළු මාලා 35ක් මඟින් ශ්‍රී ලංකාවේ ලේඛක ලේඛිකාවන් 2100 ට ළමා පොත් සංගමය විසින් ලබා දුන් ඒ උතුම් පුහුණුව යුනෙස්කෝවේ ඉහළම පැසසුමට ලක් විය. ඒ  නිසාම 1989 දී ලෝකයේ හොඳම සාක්ෂරතා වැඩසටහන වශයෙන් ප්‍රංශ යුනෙස්කෝ මූලස්ථානයෙන් කොළඹ ළමා පොත් සංගමයට ජාත්‍යන්තර ජයග්‍රහණය හිමි විය.

 එවක මෙම ලේඛක පුහුණු වැඩසටහනට ඉදිරිපත් වූ පුද්ගලයෙක් වශයෙන් මට විමලදාස සමරසිංහ මහතා හඳුනා ගැනීමට අවස්ථාව උදා විය.

 එතුමාගේ තිබූ සාමකාමී මානුෂික ගති නිසාදෝ සමරසිංහ මහතා සමග මා ඉතා කුළුපග බවක් ඇති කර ගන්නා ලදී.

සාමාන්‍යයෙන් මාසෙකට වරක් පමණ සමරසිංහ මහතා ඔහුගේ භාර්යාව ද සමග කොළඹට පැමිණ විවිධාකාර  කාර්යාල අවශ්‍යතා ආදිය කරගෙන ආපසු මාතර බලා යාමේ පුරුද්දක් පැවතිණි.

 මේ වන විට සමරසිංහ මහතා  සම්බන්ධ කොළඹ එතරම් සබඳතා නොවූ නිසා ඔහු අපගේ වැඩමුළුවෙන් ඇතිවූ හිතවත්කම නිසා කෙලින්ම පැමිණියේ බොරැල්ලෙ අප නිවස   වෙතටය.

 ඉන්පසු විවිධ රාජකාරි සඳහා යාම පහසු වීම පිණිස ඔහු තම දරුවන්  අප වෙත රඳවා තම රාජකාරි නිම කොට නැවත සැන්දෑවේ.රුහුණු කුමාරිය මගින්  ආපසු යාමේ පුරුද්දක් තිබුණි.

 උදේ වරුවේ මෙහි පැමිණෙන ඔවුන්  අප හා තිබූ ඉතා හොඳ කුළුපග කම නිසාම දරුවන් අප වෙත භාරදී රාජකාරි කටයුතු සඳහා පිටත්ව යාමේ පුරුද්දක් තිබුණි.   ඒ දිනවල අපේ මෑණියන් ඒ දරුවන් පිළිගෙන ඉතාම ආදරෙන් කවා පොවා නහවා සුරතල් කරමින් සිටීම ඇගේ උසස් සතුටට හේතුවක් විය. පැරණි අම්මලා තාත්තලා දරුවන්ට දක්වන සෙනෙහස  අති උදාරය. එම දරුවා තමන්ගේ දරුවෙක් හෝ පිට දරුවෙක් වුවත්  අම්මලාට තිබුණේ එක සමාන දාරක ප්‍රේමය කි. බොහෝවිට  විමලදාස මහතා හා මහත්මිය ආපසු එනවිට මෑණියන්ගේ  ඇඳ මෙන්ම ඇඳුම් ද * දරුවන් අතින් තෙත්වන අවස්ථාව ද නොතිබුණා නොවේ. නමුත් අම්ම ඒ සියල්ල ඉතා ආදරයෙන් ඉවසා දරුවන් සනසමින් කාලය ගෙව්වාය.

 කාලය මෙසේ ගෙවී යද්දී අප සිටින නිවෙසට නිවාස තුනක් එහා පැත්තේ කුඩා නිවස විකිණීමට සූදානම් වෙන බවක්  ආරංචි විය. ඒ දිනවල වුව ද කොළඹ බොරැල්ලෙ මෙවැනි නිවසක් හෝ ලබා ගැනීමට ලැබෙන්නේ ඉතාම කලාතුරකිනි.

 ඉතින් එම නිවස යම් හෙයකින් විමලදාස මහතාට මිලදී ගැනීමට උපදෙස් දුන්නොත් එයින් යහපතක් වන්නේ යැයි මම අදිටන් කරගතිමි.

 ඊලග සතියෙ විමලදාස මහතා සංගමය වෙත ආ  දවසේ මගේ යෝජනාව ඔහුට ඉදිරිපත් කලෙමි.

   ඔබ මාසයකට කී වරක් කොළඹ එනවද? 

 මෙහෙම තැනක පදිංචි වුනොත් ඔබට කොයිතරම් පහසු වෙනවද?   

දරුවන්ගේ අධ්‍යාපනයට කොළඹ පාසැලක් ලබා ගැනීම වැනි කරුණකදී මොනතරම් වටිනවද? 

    ඔහුගේ පැමිණීම අපේක්ෂාවෙන් මා විසින් විවිධ තොරතුරු ඔහුට ඉදිරිපත් කලෙමි. මා විශේෂයෙන් ඔහුගේ පැමිණීමට කැමති වූයේ ඔහුද ලේඛකයකු වන නිසාය.

‘’  අම්බලම්පිටිය මහතාගේ යෝජනාව නම් හොඳයි.  මේ ගෙවල් ගන්න තරම් අපිට කොයින්ද මුදල්?...   කෝකටත් මම මාතර ගියාම නෝනත් එක්ක කතා කරලා  බලන්නම්.  මෙහාට එනවනම් මාතර අපේ ඔක්කොම විකුණලා එන්න වෙන්නේ…..’’ ඔහු කීවේය.

 මා ඔහුට කීවේ එහෙම ආවත් කවදාවත් ඔබට පාඩු වෙන්නේ නෑ… කොහොම හරි එන්න කියලා මම බල කළා.

      අවසානෙදි මගේ යෝජනාව ස්ථිර වුණා.

       මට අසල්වැසි ලේඛකයෙකු  ද හමුවුණා.

   ඔන්න ඔය කාලෙ තමයි විමලදාස සමරසිංහ මහතා නමින්  ළමා පොත් මුද්‍රණය ආරම්භ කළේ. ඔහු විසින් ලියූ,  පළමු ළමා පොත  ‘’ පුංචි බේබිගෙ යාලුවෝ’’  නම් විය.

 ්‍යාපන අමාත්‍යාංශයේ ම ස්වෙච්ඡා සේවයේ යෙදුණු ළමා පොත් සංගමයේ ස්වේච්ඡා කණ්ඩායමට අධ්‍යාපන අමාත්‍යාංශය ආගන්තුක තැනක් වුනේ නැත. ඒ  නිසා  ලේඛක ලේඛිකාවන්   සඳහා    පැනනැගෙන විවිධ ගැටලු ප්‍රශ්න  සඳහා  බොහෝ  අවස්ථාවල අප  අමාත්‍යාංශ  සමග කතා බස් කර ඒවා  විසඳා දීමට කටයුතු කරන ලදී.

 විමලදාස මහතාගේ ළමා පොත අනුමත කරගෙන යාමේදී,  එහි නම පිළිබඳව ග්‍රන්ථ සමික්ෂක වරුන්ගෙන්  විරෝධතාවක් පැන නැගුණි. ‘’පුංචි බේබි’’ 

යන පදය ොගැළපෙන බවක් ග්‍රන්ථ උපදේශක මණ්ඩලයෙන් දන්වා සිටියදී  අපගේ ලේඛකයා වෙනුවෙන් පෙනී සිටිය අප,  එසේනම් ‘’ඉස්කෝලේ’’ කියන පද්‍ය ද නොගැලපෙන බව කියා පෑවෙමු.  කෙසේ හෝ පුංචි බේබි අනුමත කරගැනීමට අපට ද සවියක් වීමට හැකි විය.

යුනෙස්කෝ  මූලස්ථානයේ උපදෙස් පරිදි සෑම මසකම අප කොළඹ ළමා පොත් සංගමය විසින් මෙරට දරුවන්ගේ කුසලතා වර්ධනය කිරීම පිණිස විවිධ සාහිත්‍යය වැඩසටහන් තරග වැඩමුළු ආදිය නොකඩවාම පවත්වන ලදී.  එම වැඩසටහන් වලට මෙරට වැඩිහිටි පරපුර ද ඉමහත් ගෞරවයක් දක්වමින් තම තමන්ගේ දරුවන් එම වැඩසටහන් වලට මහත් උනන්දුවෙන් ඉදිරිපත් කරන ලදී.

    ඒ අනුව විමලදාස මහතාගේ දරුවන්ද ළමා පොත් සංගමයේ ළමා චනා චිත්‍ර වැඩසටහන් ආදියට ඉදිරිපත් කරන ලදී. අධ්‍යාපන අමාත්‍යාංශයේ පස් අවුරුදු රාජකාරිය අවසන් වූ පසු අපට කැම්බල් පිටියේ කෙළවරක කාර්යාලයක් ගොඩනැගීමට ලබාදී තිබූ අවසරය එක්තරා ස්වේච්ඡා සංවිධානයක් විසින් කොල්ලකාගෙන අප එතැනින් පන්නා දැමූ පසු අපගේ උපදේශක මණ්ඩලයේ ද උපදෙස් පරිදි ළමා පොත් සංගම් කාර්යාලය තාවකාලික ලෙස මා මෑතදී බැංකු ණය මුදලකින් ලබාගත් මෙම කුඩා නිවසේ ඉදිරිපස තාවකාලික ලෙස පිහිටුවා ගන්නා ලදී.

 විමලදාස මහතාගේ සහ අපි ගේ අතර තිබුනේ   අඩි 25ක් 30ක වෙනසකි.

 ඒ නිසාම විමලදාස මහතාගේ දරුවන්ද ළමා පොත් සංගමයේ වැඩසටහන් වලට උනන්දුවෙන් සහභාගී විය.

 එසේ සම්බන්ධ  වූ දරුවෙක් අද දෙරණ රූපවාහිනිය මගින් සමස්ත ලෝකයටම කතා කරන ඇසෙන විට අපට ඇතිවන්නේ ඉමහත් සතුටකි.

 ළමා පොත් සංගමය තුළින් මෙතෙක් ජනිත වී ඇති තම සහජ කුසලතාවයන් මතුකරගත් අතිවිශාල සාමාජික පිරිස  අතර ‘සමන්ත පුතා’ද පෙරමුණේ සිටින  දරුවෙකු ලෙස  නිරතුරුවම අපේ ගෞරවයට ලක් වී සිටී.

    ඒ කාලයේදී ඇති වූ මහා ගංවතුරක් නිසා සංගමය සතු ව තිබූ ලේඛකයන්ගේ පොත් පත් මෙන්ම සංගමයේ ලිපි ද්‍රව්‍ය දහස් ගණනක්ද ගංවතුරට විනාශ වී ගිය නමුත්  සාහිත්‍ය සහ චිත්‍ර තරග ආදියට සමන්ත පුතා විසින් එදා සංගමයට භාරදෙන ලද කතා සහ අත් පිටපත් තවමත් අප අතර තිබීම සතුටට කරුණකි.

 සමහරවිට විමලදාස මහතා එදා මගේ ඉල්ලීම පරිදි කොළඹ පදිංචියට ඒම වෙනස් කළේ නම් දකුණු ආසියාවේ ිශාලතම පොත් ප්‍රදර්ශනයේ නායකත්වය ගන්නා මෙවන් දරුවෙකු බිහි නොවීමටත් ඉඩ තිබුණා යැයි මට සිතේ.

    මුළුමනින්ම  ළමා සාහිත්‍යයේ සහ ළමා කුසලතා වර්ධනය වෙනුවෙන්ම අපේ ජීවිත කාලයම කැප කරමින් කටයුතු කළ අප රුපියල් ශත වලින් සුසැදි ලස්සන ලෝක ගැන කිසිවිටෙක කල්පනා නොකෙළෙමු. ඒ නිසාම මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ඇතුළුවීම සඳහා අවැසි රුපියල් ලක්ෂ ගණන් ළමා පොත් සංගමය සතුව නොමැති නිසා මෙවර අප සංගමයේ යුනෙස්කෝ සම්මානලාභී ළමා පොත් කිසිවක් දැකීමට නොලැබෙනු ඇත. රටේ වගකිවයුතු බලධාරීන්ට නොයෙක් වර දන්වා සිටිය ද අද දක්වාම මෙම ලෝක සම්මාන  දිනූ  ුනෙස්කෝ ව්‍යාපෘතියට ගැලපෙන නිවහනක් ලබා දීමට කිසිවෙකුට නොහැකි වී ඇත. මේ වන විටත් වැඩි කරන ලද ජල විදුලි බිල් පත් ආදියෙන් හෙම්බත්ව සිටින සංගමය,  පවත්වා යන  තාවකාලික ස්ථානයේ ගරා වැටුණු  බිත්ති පින්තාරු කිරීමට එම අවධියේ සංගමයට සම්බන්ධ වී සිටි යුග පුරුෂයන් පිරිසක් ලබන දෙසැම්බරයේ දී මෙම ස්ථානයට පැමිණෙන බව දන්වා ඇත.

 අද ආරම්භ වෙන ොත් ප්‍රදර්ශනය සඳහා අලුතින්ම නිකුත් කෙරෙන තම නවතම පොත් තුනක් නිකුත් කරන ශ්‍රී ලංකාවේ  සම්මානනීය කෘතහස්ත  ලේඛකයකු වන අනුර බී සෙනෙවිරත්නයන්  ද  එදා අපගේ වාර්ෂික වැඩමුළුවේ පුහුණුව ලත් සාරගර්භ ලේඛකයෙකි.

 ඔහු විසින් අද නිකුත් කරන අලුත්ම පොත් තුන පිළිබඳව FB  පිටුවේ තබන ලද පණිවිඩය වෙනුවෙන් අප විසින්

‘’Our warmest congratulation’’ යන සුබ පැතුම එකතු කළෙමු.

 එම පදය සඳහා  අනුර බී සෙනවිරත්න විසින්  “ Thank you”  යන විශාල පෝස්ටරයක් සමග  දක්වා තිබූ  පහත සඳහන් වැකිය   තුළින් මෙම සටහනට නැවතීම තිත තබමි. 


Anura B. Seneviratne

ඔබ එදා දුන් ශක්තිය මේ සෑම අකුරක ම සර් ! ❤


“ ඔබ එදා දුන් ශක්තිය මේ හැම අකුරකම සර්….”


Comments

Popular posts from this blog