ජේෂ්ඨ මාධ්‍යවේදී විදුර අභයනායකයන් සමඟ කළ සාකච්ඡාවකට........
ජේෂ්ඨ මාධ්‍යවේදී විදුර අභයනායකයන් සමඟ කළ සාකච්ඡාවකට අනුව මා විසින් රටවල් විසි දෙකක් පුරා සිදුකළ සංචාරයන් අතර මගේ ප්‍රථම සංචාරය සම්බන්ධව තවමත් මතකයේ පවතින කරණු කීපයක් !
මගේ ප්‍රථම විදේශීය ගමනේ අමතක නොවන අත්දැකීම්.
අපේ දිගු දුරකථන සාකච්ඡාව අවසන් වුණේ මා ගිය විදේශ රටවල් මොනවද කියන ප්‍රශ්නයෙන්;
ඔබතුමාගේ ඒ ප්‍රශ්නයට මා හැඳිනීමක් ලබාදෙන්නම්.
මගේ ජීවිතයේ ප්‍රථම වතාවට විදේශීය සංචාරයක යෙදුණේ එක් දහස් නවසිය අසු හතේ අවුරුද්දේ. ඒ තමයි ඉන්දියාවේ මහත්මා ගාන්ධි නගරය ලෙස ප්‍රසිද්ධ වෙලා තියෙන ‘’ අහමදාබාද්’’ නගරයේ පැවැත්වූ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සංවිධානය කල ළමා අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සමුළුව.
මේම සමුළුව විශේෂයෙන්ම ආරම්භ කරන ලද්දේ එවකට saarc රටවල් වශයෙන් තිබුණු ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, නේපාලය, භූතානය, මාලදිවයින සහ ශ්‍රී ලංකාව යන රටවල් හතේ ළමා අයිතිවාසිකම් පිළිබඳ නව සංවිධානය පිහිටුවීම පිළිබඳ කරුණු හඳුන්වාදීම සඳහා.
ඒ කාලයේ ලංකාවේ ළමා කටයුතු පිළිබඳව කොළඹ ළමා පොත් සංගමය අද්විතීය මෙහෙවරක යෙදී සිටි නිසා මෙම ජාත්‍යන්තර සමුළුව නියෝජනය කරන්න කොළඹ ළමා පොත් සංගමය වෙත ගෞරවනීය ආරාධනයක් ලැබුණා.
ඒ කාලයේ ශ්‍රී ලංකාව අභ්‍යන්තර ආරවුල් ගණනාවකට මැදි වෙලා තිබුනේ.. අහමදාබාද් නගරයේ ාන්ධි ආයතනය නමින් විශාල සම්මන්ත්‍රණ ශාලාව තමයි මේ රැස්වීම පැවැත්වුණේ.
. සාර්ක් රටවල් හතේම නියෝජිතයන් තම තමන්ගේ රටවල තම තම ආයතන විසින් සිදුකරන ළමා අයිතිවාසිකම් පිළිබඳ කරුණු කාරණා ාකච්ඡා කිරීමෙන් පස්සේ ශ්‍රී ලංකාවේ ළමා පොත් සංගමය මේ රටේ දරුවන්ට සිදුකරන මෙහෙවර බොහෝ ඉහළ මට්ටමක තිබෙන බව සියලු දෙනාගේම ඒකමතික පිළිගැනීම වූ නිසා දකුණු ආසියාවේ ළමා හිමිකම් පිළිබඳ කමිටුවේ මූලස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටවිය යුතු බවට එම සමුළුව තීරණය කලා. නමුත් එදා ශ්‍රී ලංකාවේ පැවති වාතාවරණයට අනුව එවැන්නක් ශ්‍රී ලංකාවේ සංවිධානය කර ගැනීමේ දුෂ්කරතාවය මා හොඳින්ම අවබෝධ කරගෙන සිටියා.ඒ නිසා මට ශ්‍රී ලංකා ට හමුවූ ඒ වැදගත් අවස්ථාව මා කල්පනා කලා සාර්ක් රටවල් හතේ අනිත් රටකට තිළිණ කරන්න. ඒ අවස්ථාවේදී මං කල්පනා කලේ කාටද මේ වගකීම පවරන්නේ කියලා. ඒ වගේ අවස්ථාවලදී ඉන්දියාව තමා ලොකුම හිසරදය වෙන්නේ. ඉන්දියාවේ උතුරයි දකුණයි නැගෙනහිරයි බටහිර හැමදාම අවුල්. මහා විශාල භාරත දේශයෙන් එක ්‍රාන්තයක කවුරුහරි එවැනි නියෝජිත වරයෙක් පත් කළාම අනිත් හැමදෙනාම එකහෙලාම ඒ තීරණයට විරුද්ධ වෙනවා.
මේ පුරුද්ද මං බොහෝ වර අත්දැකලා තියෙන සිද්ධියක්. ඉතින් අනිත් සාර්ක් රටවල් හතර පහ බලනකොට මට හිතට අල්ලපු එකම රට උනේ නේපාලය. ඊට ප්‍රධාන හේතුව බුදුන් උපන් දේහය වශයෙන් මගේ හිතේ නේපාලයට ගෞරවයක් හිමි වී තිබීම . ෙම සමුළුවට නේපාලයෙන් ඇවිත් සිටියේ නේපාලයේ කත්මණ්ඩු සරසවියේ නීති ශිෂ්‍යයෙක්. ඔහුගේ නම තමයි ගෞරි ප්‍රධාන. ඔහු මේ වගේ වැඩසටහන් වලට හරි ආධුනිකයි. නේපාලයේ ළමා කටයුතු පිළිබඳව නවකයෙකු වූවත් ඔහු ලොකු ළමා අයිතිවාසිකම් වෙනුවෙන් උනන්දුවකින් කටයුතු කරපු කෙනෙක්. එම සමුළුවේදී තමයි ඔහු මා හඳුනා ගත්තේ. ඔහුගේ අදහස් හොඳයි. ඉතින් ඒ අවස්ථා දකුණු ආසියානු ළමා හිමිකම් කමිටුව නේපාලයේ ආරම්භ කිරිම සඳහා නේපාලය යෝජනා කරන මා විසින් ඔහුට කීවත් ගෞරි ඒකට කැමැති වුණේ නෑ. ඒ වගේ භාරදූර කාර්යයක් කරන්න තමන්ට පළපුරුද්ද දැනුම අවබෝධය මදි කියලයි ඔහු කිව්වෙ. නමුත් මා ඔහු දිරිමත් කළා ඔබ දැනටමත් නේපාලේ ළමා හිමිකම් පිළිබඳව වැඩ කරනවනේ. තින් ඒක තවදුරටත් ක්‍රමානුකූලව වැඩි දියුණු කරගන්න. අපි ඉන්නවා අපි ඕන උදව්වක් කරනවා. බුදුන් උපන් දේශයෙන් ආපු පුද්ගලයෙක් නිසා අපි සම්පූර්ණ උදව් කරනවා කියලා ගොඩක් උනන්දු කරවන ශ්‍රී ලංකාවට හමුවුණ පදවිය මා නේපාලයේ ගෞරව ප්‍රධාන වෙත පරිත්‍යාග කළා. ඒ වගේම ඊට මාස කීපයකට පසු නේපාලයේ කත්මණ්ඩු නුවර සාර්ක් මහ ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් දකුණු ආසියානු ළමා හිමිකම් කමිටුව ආරම්භ කළා.
එම අවස්ථාවට එවක නේපාලයේ දරදඬු පාලකයකු සිටි බිරේන්ද්‍ර රජතුමා වෙනුවෙන් නියෝජිතයකු ද සහභාගි වුණා.
දකුණු ආසියානු ළමා හිමිකම් කමිටුව නේපාලයේ ආරම්භ වීමෙන් පසු නේපාලයේ කඳුකර ගම්මානවල අනන්ත අපමණ දුක් වේදනා විඳින නේපාලයෙ සුරූපී දරුවන් පිළිබඳව සහ ඔවුන් විදින වේදනා පිළිබඳව අප බොහෝ සෙයින් කැපවී කටයුතු කළා. මේ හිමාල කඳු අයිනේ හුදකලා ගම්මාන වල ජීවත් වන සුරූපි දරු පරපුරක්. විශේෂයෙන්ම ඒ සීතල කඳුකරයේ ගැහැණු දරුවන් හරියටම ඉටිරූප වගේ. හරිම ලස්සනයි. ඒ වගේම ඒ අයගේ දෙමව්පියන් හරිම නූගත්. සටකපට මිනිසුන් මේ ගම්මාන වලට ගිහින් මේම යොවුන් වියේ පසුවන දරුවන් විශාල ලෙස රැගෙන යන්නේ කත්මන්ඩු අගනුවරට ගොස් ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දී ආපසු ඔවුන්ගේ ගම්මාන වලට එවන බව කියමින්. ඒ ලස්සන ගැහැණු දරුවන් මෙම සටකපට වෙළෙන්දන් ට බාර දෙනවා. එම යුගයේ දුප්පත් දෙමව්පියන්ට ඔවුන් කීයක් හරි අතට සල්ලි දෙනවා. ඉන්පසු මේ නූගත් දෙමව්පියන් ඒ සුරූපී දරුවන් මෙම කපටින්ට භාර දෙනවා. බොහෝ විට මේ දරුවන් දන්නෙත් නෑ .තමන් උපන් මේ සීතල කඳුකරයෙන් පියනගන්නේ තමන්ගේ අවසාන චාරිකාව වන විත්තිය.
ඉන්පසු මේ කපටි මිනිසුන් කරන්නේ එම දරුවන් කත්මන්ඩු නුවර ගුවන් මගින් ඉන්දියාවේ බොම්බාය වැනි නගරවලට ගෙනගොස් එහි සිටින ධන කුවේරයන්ගේ සිත් සතන් නලවන වෙළෙඳ භාණ්ඩ බවට පත් කිරීමයි. එම දරුවන් නැවත කවදාක්වත් නේපාලයේ කඳු මත දුක්බර දිවි ගෙවන මිනිසුන් අතරට යන්නෙ නෑ. මෙම යථා තත්ත්වය හඳුන්වා දීමට අපේ සාර්ක් රටවල නියෝජිතයන් බොහෝ සේ වෙහෙසී කටයුතු කළා. ඒ දිනවල නේපාලයේ සාක්ෂරතා මට්ටම සියයට විස්සක් විසිපහක් අතර අඩු මට්ටමක තිබුණේ. ඊට වසර ගණනාවකට පසු මා දිල්ලියේ පැවැති ජාත්‍යන්තර සමුළුවකදී දේශන පැවැත්වීමේ දී එම අතීත දුක්මුසු තත්වය පිළිබඳව පවසද්දී නේපාලයෙන් එම සමුළුවට පැමිණ සිටි උගත් කාන්තාවක් මා කියන දේවල් වලට විරුද්ධ වුණා. එයා කැමති උනේ නෑ නේපාලයේ අඩු දැනුම් සම්භාරයක් තිබුණු බව පිළිගන්නවත්.
නමුත් 1987 88 යුගයේ මගේ අත්දැකීම් ද ඇතුලත් කර මා විසින් ලියන ලද’’ බුදුන් උපන් දේශයට චාරිකාවක්’’ නමැති පොතේ එම තත්ව මා විසින් මැනවින් විස්තර කර තිබෙනවා. එම චාරිකා සටහන් පොත කියවූ මගේ හිතවත් ආචාර්ය ධනසිරි බෝධිනායක මහතා කීවේ, මෙතෙක් ඔහු විසින් කියවන ලද රසවත්ම චාරිකා සටහන් පොත ‘’බුදුන් උපන් දේශය’’ බවයි. පුස්තකාල පොතක් වශයෙන් රජයෙන් ද අනුමත කර ඇති මෙම පොත මේ රට විශ්වවිද්‍යාල කීපයකම ආශ්‍රය පොතක් ලෙස අනුමත කර ඇතත් අද දක්වාම බුදුන් උපන් දේශය පොත පිළිබඳව හරවත් සංවාදයක් ඇති වී ඇති බවක් මා දැක නැහැ.
නේපාල ජනතාවට ඉතා සුන්දර මුහුණු ඇති දරුවන් බිහිකර ගැනීම සඳහා ඔවුන් භාවිතා කරන පාරම්පරික විධි මෙන්ම එකල නේපාලයේ විශාලතම මත් පැන් සමාගම වන හිමාලයෙන් බියර් සමාගමේ ආධිපත්‍ය birendra රජ්ජුරුවන්ගේ මල්ලිට අයත්ව තිබූ කරුණ ආදිය මේ පොතේ සඳහන් වෙනවා.
සාර්ක් මහලේකම් කාර්යාලයට ගොඩ වුණු මුල්ම දවස මට අමතක වන්නේ නෑ. අප හොඳටම දන්නවා මේ කටුනායක ගුවන්තොටුපොළෙන් එහා පැත්තට ගියාම සිංහල වචනයක් කතා කරන්න ලෝකෙ කිසිම රටක දී අපිට හමුවන්නේ නෑ. ඉතින් සිංහලයෙක් හමුවුණාම හරි සිංහලෙන් වචනයක් කතා කරන්න අපි හරි ආසයි.
මා පළමුවෙන්ම කත්මණ්ඩු නුවර පිහිටි සාර්ක් මුලස්ථානයට ගිය දවසේ ශ්‍රී ලංකා නියෝජිත අංශයට ගොඩ වැදී එහි සිටි පුද්ගලයෙකුට, සුබ උදෑසනක් වේවා කියලා. මා සිංහලෙන් කතා කළේ දින ගණනාවක් සිංහල වචනයක් කතා නොකර ඉන්න බැරි අමාරුව සහ සිංහලයකු ට සිංහලෙන් කතා කරන්න ඕනෑ කියලා මගේ මූලධර්මය මත. නමුත් මේ යෝදය එහිදී මට ඉංග්‍රීසියෙන් ගුඩ් මෝනිං කියලා ඉංග්‍රීසියෙන් ම කතා කරන්න වුණා…………..
අනේ අපේ මවුබිමට මුහුණ පෑමට සිදු වුණ තත්ත්වය……………..
දකුණු ආසියානු ළමා හිමිකම් කමිටුවේ නියෝජිත ධුරයට ගෞරී ප්‍රධාන ලබා දුන් සහාය අගය කරමින් ඔහු ඉක්මනින්ම ශ්‍රී ලංකාවට පැමිණියා. ඔහු ළමා පොත් සංගමය සමග ඉතා සමීපව කටයුතු කළා. ඔහුගේ ජීවිතයේ මුල් වරට මුහුදක් දැක්කෙ කොළඹදී තමා. හැම පැත්තෙන්ම කඳුකර වළල්ලකින් වට වූ නේපාල ජනතාවගේ මුහුද දැකපු අය ඇත්තේ සියයට 5ක් වත් නැති තරම්. ෞරව ප්‍රධාන එක්ක මම ගෝල්පේස් පිටියෙන් මුහුදට බැස්සේ ඔහු මුහුදේ වතුර ඇල්ලීමට දැක්වූ මහා විශාල ආසාව නිසා. මුහුදු වතුරේ ඇලී ගැලී සිටි ඔහු මට මුහුදෙන් ගොඩ ගැනීමට අති විශාල උත්සාහයක් දරන්න වුණා. මටත් පැය කීපයක් ම මුහුදු අව්වේ මුහුදු හුලං මැද ඉන්න සිද්ධ වුණා. ඒ දිනවල අද තියෙන මහ විශාල හෝටල් මුකුත් නෑ.
රීගල් සිනමා ශාලාව අසල Sea Fish හෝටලය තිබුන. හවස අප හෝටලය ගියා. අපි දිවා ආහාරයට මුහුදු මාලු සමඟ බත් ඇණවුම් කළා. මා හිතන්නේ ඔහු ජීවිතයේ මුල් වරට සරුසාර මාළු වේලක් ගත්ත අවස්ථාව විය හැකියි. විශාල මාළුවෙකු ඇනවුම් කළ ඔහු බත් සහ ්‍යංජන සියල්ල අයින් කර තමන්ගේ පිඟානේ ඒ විශාල බැදපු මාළුවා පමණක් තබාගෙන බොහෝ වේලාවක් රස කරමින් කැ ආකාරය මට තවමත් මතක් වෙනවා.
පසුකාලෙක ඔහු ේපාල රාජ්‍යයේ මානව හිමිකම් කොමසාරිස් ධූරයට පත් වුණා. දකුණු ආසියානු ළමා හිමිකම් කමිටුවේ ිලධාරීන් වශයෙන් අප සාර්ක් රටවල රාජ්‍යය නායකයින් සමග පවා විවිධ සාකච්ඡා වලට සම්බන්ධ වුනා. Nepalaye සිටි කොයි රාළ අගමැති තුමා, ඉන්දියාවේ රජීව් ගාන්ධි අගමැති තුමා මෙන්ම බංගලිදේශයේ Erzaad ජනාධිපතිතුමා සමග පවා අප නියෝජිතයන් විවිධ සාකච්ඡා වලට සහභාගි වෙලා තියෙනවා.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගැන කතා කරද්දි බංගලදේශයේ මා අත්දුටු ඒ අත්දැකීම අමතක කරන්නම බැහැ. ඒත් එක්දහස් නවසිය අසූ අටේ දී පමණ විය යුතුයි. දැන් පවුමකට රුපියල් 300ක් විතර ගෙව්වට ඒ කාලේ පවුමකට ගෙවන්න ඕනෑ ලංකා රුපියල් අටයි. විදේශ විනිමය කියන්නේ රත්තරන් වලටත් වැඩිය වටිනවා. ඊමේල් ඉන්ටර්නෙට් කිසිවක් නැති ඒ කාලේ විදේශ චාරිකාවට අනුමත කරන මුදලට වැඩිය ශත පහක්වත් ගෙනියන්න අවසර නෑ. බංගලිදේශයට යන්න තිබුණේ කොළඹ සිට නව දිල්ලියට ගොස් එතැනින් ඩකා වලට ගමන් කරන්නයි. බංගලදේශය කියන්නේ අන්ත දුප්පත් රටක්. ඒ දිනවල කාබන් පෑනක් වුණත් රුපියල් දෙසීයකට වැඩිය වටිනවා. ඩකා නගරයේ භාවිත මුදල් තමයි taka. ඩකා නගරය සම්පූර්ණයෙන්ම පිරිලා තිබුණේ රික්ෂෝ රථ වලින්. එදා ඒ රටේ ඇමති මැතිවරු පවා ගමන් කලේ රික්ෂෝ වලින්. කලාතුරකින් දකින්න පුළුවන් වාහනයක් වුණත් රික්ෂෝ කරත්ත වලට ඉඩ දීල පැත්තකට කර ගන්නවා. ඩකා නගරයේ. රික්ෂෝකරුවන් ගේ බලය අති විශාලයි. බංගලිදේශයට කවදාක්වත් ඩකා නගරය තියෙන රථ ගාන ගැන ගන්න බෑ. ඒ නිසාම ඔවුන් රජයට කිසි බදු මුදලක් දුන්නේ නෑ. ඩකා නගරෙට ගිය අපට ලැබුන මූලිකම උපදේශය තමයි හෝටලෙන් පිට කොහෙහරි යනවනම් කිසිම අවස්ථාවක රික්ෂෝ කරත්තවලට නගින්න එපා කියලා. ඊට හේතුව තමයි හැම රික්ෂෝ කාරයෙකුගේ කරත්තයේ පැත්තක කැපෙන අවියක් සවි කරගෙන තිබීම. රික්ෂෝ රථයකින් ගමන් කලාම ගමන් ගාස්තුව වශයෙන් කියන්නේ රික්ෂෝ කාරයාට අවශ්‍ය ගණනක්. එම මුදල ගෙවන්න මගියා අකමැති උනොත් රික්ෂෝ කරුවා මගියාගේ අත හෝ කකුලක් කපනවා. තුවාල කරනවා. ඒ නඩු කියන්න ඩකා නගරයේ රජයක් හෝ පොලිසියක් නෑ.
අපේ ගුවන් යානය මුල්වරට Daka නගරයට ළඟා වන විට අපට පෙනුණේ අප ගුවන් යානය විශාල මඩ ගොහොරුවක ට පත් කරන බවක්. ඉන්දියාවේ හිමාලය පැත්තේ සිට කඳු අතරින් ගමන් අරඹන ගංගා නම් ගංගාව බංගලිදේශයේ තැනිතලා බිමේදී විසිරී පැතිරී කුඩා ගංගා රාශියක් බවට පත්වෙලා මුහුදට යනවා. ඩකා ගුවන්තොටුපොළ ඉහළින් අපට පෙනෙන්නේ ඒ විශාල ගංගාව කැඩී බිඳී වෙන් වී අතු ගංගා රාශියක් බවට මුහුදට ළඟාවෙන කොටස වෙත පත් කරන බවයි.
ගුවන්තොටුපොළේදී මා රැගෙන ගිය කැමරාවටත් පොඩි අකරතැබ්බයක් වුණා. මෙම කරුණු ඒ ආකාරයෙන් සඳහන් කරන්නේ කිසිවෙකුට අසාධාරණයක් හෝ අයුක්තියක් කිරීමට නොව එදා පැවැති සාධාරණ තත්ත්වය පිළිබඳව අපේ පාඨකයන්ට හරි අවබෝධයක් ලබා දෙන්නයි. ගුවන් තොටුපොළේ මගී පර්යන්තයේ රේගු නිලධාරින් මගේ කැමරාව අතට අරන් හොඳට පරික්ෂා කරන බව මා දැන ගත්තා. ඉන්පසු ඔවුන් මා වෙත කැමරාව ආපසු දුන්නා. ඉන්පසු පිටට පැමිණ ගුවන් තොටුපොළෙ ඡායාරූපයක් ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක වුණා. පසුව කැමරාව පරීක්ෂාකර බැලීමේදී මට පෙනුනේ එහි තිබූ කුඩා battery කෑලි දෙක රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඉන්පසු ඉතා අධික මිලකට pen torch battery කෑලි දෙකක් මිලට ගන්නා විටයි එහි වටිනාකම මට තේරුනේ. ඉන්පසුව අපගේ විදේශීය නියෝජිතයන් පිළිගැනීමේ අවස්ථාව පැවැත්වුණේ එවක ඩකා නගරයේ ආරක්ෂිතම ස්ථානයක් ලෙස පැවැති dhaka ඉංජිනේරු ආයතනය නැමැති සිව්මහල් ගොඩනැගිල්ලක දී. බංගලිදේශයේ ජනාධිපති Erzaad මහතාද එම ස්ථානයට පැමිණියා.
සාක් රටවල නියෝජිතයන් සහ තායිලන්තය වැනි රටවල් තුනකින් නිරීක්ෂක නියෝජිතයන් සමඟ අපේ කණ්ඩායම දහ දෙනෙක් පමණ සිටියා. අපේ බඩු භාණ්ඩ හෝටලේ දමා ගමන් මල්ල මවිසින් කරේ එල්ල ගත්තා. බෑග පමණක් රැගෙන ජනාධිපති හමුවන උත්සවයට අපි ගියා. මගේ බෑගය කරේ එල්ලා ගෙන හිටියා. ඒ දිනවලත් ලංකාව ඉතාම කලබල යුද්ධවල පැටලිලා තිබුණ නිසා හැම රටකම නියෝජිතයන් ලංකාවේ තොරතුරු අහන්න මං වටකරගත්තා. ඉන්පස්සෙ Erzaad ජනාධිපතිතුමත් ලංකාවේ තොරතුරු දැන ගන්ඩ හරි උනන්දු වුණා. මා එතුමාටත් ලංකාවේ තත්වය පැහැදිලි කළා. ඒ දිනවල අද වැනි අන්තර්ජාතික පුවත් සේවාවන් වලින් කිසිම තොරතුරක් ඒ රටවලට ලැබුණේ ලැබුණේ නෑ. එතැන ආරක්ෂාවට බංගලිදේශයේ හමුදා නිලධාරීන් හැමතැනම හිටියා.
ඊට පස්සේ මම ඒ ජනාධිපතිතුමා ද සමග ඡායාරූපයකට පෙනී සිටීමේ කැමැත්තෙන් එතුමා සමග කතා කර මගේ හිතවත් නියෝජිතයෙකුට කැමරාව ලබාදීමට මගේ බෑගයට අත දමා බැලුවා. දෙවියනි, කැමරාව රහත් වෙලා. කාට කියන්නද?
ඒ වටිනා ඡායාරූප ගන්න මට අවස්ථාව නැති වුණා.
ඊට පස්සේ දින පහක පමණ අපේ සම්මන්ත්‍රණය පැවතුනා.
හතරවෙනි දවසේ මට විශේෂ ආරාධනයක් ලැබුණා. ඒ Dhaka සරසවියේ ිෂ්‍ය සංවිධානයෙන්. ඒ තමයි ඔවුන්ගේ ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වෙන්න යාමට සිදුවීම. වැඩමුළුවේ නිලධාරීනුත් මට ඊට සහභාගී වීම සඳහා අවස්ථාව ලබා දුන්නා. මේ කාලය වන විට බංගලදේශයේ ක්‍රිකට් පටන් අරන් නෑ. එහෙ ඉතාම ජනප්‍රිය වෙලා තිබුණේ බැඩ්මින්ටන් ක්‍රීඩාව. හැබැයි සරසවි සිසුන් අතර Cricket ජනප්‍රිය වෙමින් තිබුණු කාලයයි ඒ. ඔන්න ඔය දවසේ sri lankaවයි ඉන්දියාවයි අතර ලොකු ක්‍රිකට් තරගයක් තිබුණා. මුළු සරසවිය පුරාම ඉතාම ජනප්‍රිය ක්‍රිකට් තරු බවට පත් වෙලා තිබුනේ ශ්‍රී ලංකාවේ සනත් සහ අර්ජුන. ඉන්දියාවේ පැවැත්වුන එම Cricket තරගයේ සනත් සහ අර්ජුන තම දස්කම් පෙන්වන විත්තිය බංගලදේශයේ යොවුන් පරපුරම උද්දාමයට පත් කරන්නට සමත් වෙලා.
සරසවි භූමියේ එක්තරා විශේෂ ිශාල බිමක තමයි මේ ක්‍රීඩා සැණකෙළිය තිබුණේ. ඒ විශාල ශාලාවේ බිමට මෙට්ට ඇතිරිලි දමා තිබුණා. එක පැත්තක වේදිකාවක් වගේ උසට සකස් කර තිබුණා. රූපවාහිනී නොතිබුණු ඒ කාලේ ඒ වේදිකාවේ ආසනයක් මත විශාල රේඩියෝවක් දමා තිබුණා. එම රේඩියෝවෙන් බංගලිදේශයේ රණ ගී ගයන්නා සේ ගීත ගායනා මට ඇහුණා. සරසවි තරුණයන් උන්මාදයෙන් වගේ කෑ ගහමින් ඒ ගීත වලට අනුව උඩ පනිමින් නටන්නට වුණා.
ඔන්න ඔය වෙලාවෙ තමයි ඉන්දු ලංකා ක්‍රිකට් තරගයේ තරග විචාරය පටන් ගත්තේ. ඔවුන්ගේ ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන අමුත්තා මා නිසා නොවේ. ඔවුන් හැම වෙලේම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුභ පැතුවා. ඉන්දියාවටත් පිහිටි හැම රටකටම පාහේ ගොස් විවිධ වැඩසටහන් වලට සහභාගී වී සිටින මට හොඳ අත්දැකීම් තිබෙනවා. ඒ හැම සාක් කලාපයේ රටවල් වල දීම මා ඇසූ පොදු මතය නම් ඒ හැම රටක්ම ඉන්දියාව තමන්ගේ සතුරා ලෙස සලකන බවයි. මතුපිටින් හිතවත් කම් පෙන්නුවට යටි සිතින් ඔවුන් ඒ රට සමග තරහයි. ඒකයි ඇත්ත.
බංගාලි දේශයත් එසේමයි. කොහොමටත් ඔවුන් ශ්‍රී ලංකාවට ජය පතන්න තමයි ඔල්වරසන් දුන්නෙ. ්‍රී ලංකාවට ලකුණක් හම්බවෙන හැම වතාවෙම ඔවුන් කමෝන් sri lanka- කියා මොරදෙන පටන් ගත්තා. ඒ හැම වෙලාවෙම ඔවුන් මගේ දෑතින් අල්ලාගෙන කෑගසමින් නටන්නට වුණා. මාත් සතුටින් උන් සමග නටන්නට පටන් ගත්තා. ටික වෙලාවක් යනකොට අර්ජුන හතරේ පහරක් ගැහුවා. ෙවියනේ මේ ක්‍රීඩා ලෝලයන් කණ්ඩායම එකපාරටම මා ඔසවාගෙන ඔවුන් අත් වල තබාගෙන නටන්නට පටන් ගත්තා. මට ලොකු බයකුත් ඇති වුණා. බිමට වැටෙයි ද කියලා. කමක් නෑ යට තියෙන්නෙ මෙට්ට නේ. අකමැති උනත් මොනවා කරන්නද?
්‍රීඩා උන්මාදේ ට පත් ව සිටි ඔවුන්ගෙන් මොන යකෙකුටවත් බේරෙන්න බෑ.
මෙහෙම මෙහෙම ටික වෙලාවක් යනකොට එක පාරටම සනත් ජයසූරියගෙන් හයේ පාරක් වැදුනා. බංගල්දේශ් සරසවි කණ්ඩායම පිස්සු වැටෙන තත්වෙට පත්වුනා. ඔවුන් ගේ උන්මාදය තරම් දරුණු උනාද කිවහොත්, ඔවුන් මා එකපාරටම ක්‍රිකට් බෝලයක් වගේ උඩට විසි කළා.
මට දෙවියන් - බුදුන් සිහිවුණා. මා හිතුවේ නැහැ ආපහු මව්බිමේ බත් කන්න ආපහු එන්න ලැබෙයි කියලා. වාසනාවකට වගේ මා ආපහු වැටුණේ හැඩි දැඩි තරුණ සරසවි දරුවන්ගේ දෑත් මතට. එතකොට නම් මට සිහිය ටිකක් ආවා.
ඊට පස්සේ මා හිතෙන් ප්‍රාර්ථනා කළා, දෙයියනේ ආයෙත් සනත් සහ අර්ජුනගේ පිත්තෙන් හයේ පාරක් වදින්න එපා කියලා. ඒ අපේ ජයග්‍රහණය ට අකමැත්තෙන් නොවේ. මගේ පණ තියෙන ආසාව නිසා.
කොහොම කොහොම හරි එදා ක්‍රිකට් වලින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළා.
්ඉන්පසු ඔවුන් වේදිකාවේ පුටුවක මා වාඩි කරවා මහ ජයග්‍රාහි ක්‍රීඩා රැස්වීම පැවැත්වූවා.
සනත් හා අර්ජුන කණ්ඩායම ඉන්දියාවේ ජය පැන් බොද්දී ඩකා නගරයේ හිර වුන මං මේ මොකටද මූනදෙන්නෙ කියලා මට හිතා ගන්නවත් බැරිව ගියා. අවසානයේදී ඔවුන් ඒ වේදිකාව මත විශාල පෙට්ටියක් ගෙන ඇවිත් තැබුවා. ඉන්පසු එකිනෙකා පැමිණ ජයපැන් බොන අවස්ථාව ආවා. හැම දෙනාම පාහේ පැමිණ එම පෙට්ටියට විවිධ තෑගි වර්ග දැමුවා .එකල රුපියල් දෙසීයක් පමණ වටිනා කාබන් පෑන් මෙන්ම වැඩිපුරම ලැබුණේ බංග්ලාදේශයේ සුප්‍රකට රෙදිපිළි ඇඳුම් පැළඳුම් වර්ග. ඉන්පසු අප සමු ගැනීමේ අවස්ථාව ආවා. ඒ තෑගි පෙට්ටිය මට ඔසොවා ගන්නත් බෑ. ඔවුන් වාහනයක් රැගෙන මා ‘’ දිනාගත් තෑගි’’ සහ මා මා නතර වී සිටිනා හෝටලයට ගෙනත් ඇරලුවා.
විදේශ විනිමය කීයක්වත් නැති කාලෙක වුණත් ඒ කාලේ රට ගිය කෙනෙක් ආපහු ආවම පිටරටින් පුංචි ටොපියක් සීනි බෝලයක් වත් ලැබෙයි කියලා යාලුවෝ කවුරුත් බලාගෙන ඉන්නවා. ඉතිං බංගලදේශයේ ක්‍රිකට් උත්සවයෙන් අනූ නමයෙන් පණ බේරගෙන ආපු මට මගේ යාළුවො හැමදෙනාටම වටිනා තෑගි දෙන්න අවස්ථාව ලැබුණා. ඒ උත්සවේ නම් මට කවදාවත් අමතක වන්නේ නෑ.
Comments
Post a Comment