මව්බිම ගැලවීම! 


කලකට පෙර  ඉතිහාසයේ -  අඳුරු යුගය තව මතකයි

අප ආදර මේ මව්බිම - “ලිප්ටන්ගේ තේ වත්තක්”

 වුනා රුදුරු බලවතුන්ට- බටහිර ලොව අරක් ගත්ත.

 ඒත් කමක් නෑ ඒකට - ඔවුන් පිටට අරන්  ගියේ

 ඉමිහිරි තේකුඩු පමණයි

“ඉගුරු දීලා මිරිස් ගත්ත” - යුගයත් තවමත් මතකයි

 ඒත් කමක් නෑ ඒකට

 ඔවුන් පිටට අරන් ගියේ - මේ රන් පොළොවෙන් මතුවුණ

“ සාදික්කා - වසාවාසි “

 බටහිර කටුගෙවල් ගානේ -  මවාගත්ත ඉතිහාසය

අද පෙන්වයි උජාරුවට! 

 ඒත් කමක් නෑ ඒකට

 ඔවුන් පිට අරන් ගියේ - රන් පිලිමයි රන් කාසියි

 ඒත් දෙවියනේ බලන්න - සිද්ධවෙන්නේ දැන් මොකක්ද?

 අපේ පුංචි  රන් භූමිය - ගලවන් යන්නයි හදන්නේ

 වැසිකිළි වතුරෙන් කන බොන

  සිංහපුරේ  හිරගෙදරට !

-   ධම්ම දේශ අම්බලම්පිටිය

Comments

Popular posts from this blog