ශ්‍රී ලංකා සක්ෂරතාවයේ නව නැම්ම

 ශ්‍රී ලංකා සක්ෂරතාවයේ නව නැම්ම



ශ්‍රී ලංකාවේ සාක්ෂරතා වර්ධනය පිණිස 1982 දී කොළඹ ළමා පොත් සංගමය විසින් ඒවක යුනෙස්කෝ තානාපති මහාචාර්ය ආනන්ද ගුරුගේ මහතා මගින් ්‍රංශයේ යුනෙස්කෝ මූලස්ථානයට ඉදිරිපත් කළ වැඩසටහන ඒ සඳහා ඉදිරිපත් කළ හොඳම වැඩසටහන ලෙස යුනෙස්කෝවේ පැසසුමට ලක් වීමේ හේතුවෙන් එය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජයේ අවධානය යොමු කොට අධ්‍යාපන අමාත්‍යාංශයට භාරදෙන ලදී, 

     එතැන් සිට ‍රාජ්‍ය අනුග්‍රහය ඇතුව කොළඹ ළමා පොත් සංගමය ඉසුරුපායේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශය  සිටම ඒ ජාතික මෙහෙවර සාර්ථකව ඉටු කරන ලදී. එවක සංගමය සිසු දරුවන්  වෙත නිකුත් කරන  උපදෙස් පත්‍රිකා අමාත්‍යාංශය මගින් පාසල් වෙත චක්‍රලේඛ වශයෙන් බෙදා හරින ලද බවද සිහිපත් කළ යුතුය. ඒ අනුව  යුනෙස්කෝ උපදෙස් පරිදි මෙරට ලේඛක  ලේඛිකාවන්ට  දරුවන් සඳහා සුදුසු පොත් ලිවීම පිලිබදව ප්‍රථම වැඩමුළුව 1985 දී ආරම්භ කළ අතර පසුගිය කොවිඩ් අර්බුදය දක්වාම වසරක් පුරා මෙම උතුම් වැඩසටහන කොළඹ ළමා පොත් සංගමය විසින් දේශීය හෝ විදේශීය සතපහක ආධාරයක් නොලබා වසර තිස් දෙකක් පුරා පවත්වා ලේඛකයෙක් එවන් 2100 ට පුහුණුව ලබා දෙන ලදී. ආරම්භක සමයේදී මෙම පුහුණුව ලැබූ අයට සහතික පත්‍රය පවා යුනිස්කෝව මගින් නිකුත් කරන ලදී. කාලයකට පසුව අපි දුක් මහන්සි වී  ලේඛකයන්ට ලබාදෙන සහතිකයකට නිලධාරීන්ගේ අත්සනක් ලබා ගැනීමට පවා අපට බොහෝ වාර ගණනක් දෙපාර්මේන්තු පසුපස යන්නට විය. 

    සංගමය විසින්  එතෙක් මෙතෙක් ස්වේච්ඡාවෙන්ම සිදු කළ මේ මහා සාහිත්‍ය මෙහෙවර මෙරට කිසිදු රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයකින් සිදු කර නැති අතර අපගේ සේවයද මේ දක්වාම කිසිවෙකුගේ  අගැයීමට මේ දක්වා ලක්වී නැත. 

 ඉන්දියාවේ මනෝරාමා යාපා ( මෙම සංගමයට නම දුන්නේ ද එතුමිය විසිනි)  සහ ජපානයේ යුනෙස්කෝ විශේෂඥ තදශි නොගුචි වැනි පඩිවරුන්ගේ ආභාෂය ලබමින් කොළඹ ළමා පොත් සංගමය 1983 සිට 1988 දක්වා දියත් කළ ජාතික මෙහෙවර ප්‍රංශයේ යුනෙස්කෝ මූලස්ථානයෙ සුවිශේෂී අගැයීමට ලක් විය. අපේ ජාතික මෙහෙවර පරීක්ෂාකිරීමට 1988 ශ්‍රී ලංකාවට පැමිණි යුනෙස්කෝ විශේෂඥ ආචාර්ය Bruce Cahill වෙත  සංගමි වාර්ෂික වාර්තාව පිළිගන්වන ලද්දේ එවක ළමා පොත් සංගමයේ කොටිකාවත්ත නියෝජිත ලෙස සේවය කළ වර්තමාන ෙලිකොම් විධායක අධ්‍යක්ෂ  සංගමයේ සාමාජික අජන්ත සෙනෙවිරත්න විසිනි. 

ළමා පොත් සංගමය සිදු කළ  දීප ව්‍යාප්ත විශිෂ්ට සාක්ෂරතා මෙහෙවර ‘’ලෝකයේ හොඳම සාක්ෂරතා වැඩසටහන’’ ලෙස තේරුණ  අතර ඒ සඳහා 1989දී විශිෂ්ට යුනෙස්කෝ සම්මානය සමග ඩොලර් 2,500ක තිළිණයක් සංගමයට හිමි විය.  ලංකාවේ යුනෙස්කෝ කාර්යාලයට  ආ අපේ තෑගි පාර්සලය  අපි සියලු දෙනාටම හොරා ආපසු ප්‍රංශයට යැවීමට තරම් කුහක පිරිසක් ඒ දින වල ඒ නිලධාරීන් අතර සිටියහ.

 කෙතරම් කරදර බාධක ආවත් ළමා පොත් සංගමයේ  උත්තරීතර සේවය සහ නාමය ඉන් පසු ලොව පුරා බැබලෙන්නට විය.

 ‍ශ්‍රී  ලංකාවේ ප්‍රථම රුක්රෝපණය ද  ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ද සහයෝගය ඇතිව කොළඹ ළමා පොත් සංගමය විසින් ොම්පඤ්ඤවීදිය පොලිස් ක්‍රීඩාංගණයේ දී සිදු කරන ලදී.

 එතැන් සිට රුක් රෝපණය පිළිබඳව  දීප ව්‍යාප්ත මෙහෙවරක් සිදු කළ සංගමය විසින් සෑම වසරකම දිවයින පුරා සියලුම  පූජනීය ස්ථාන වල අටවිසි බෝධි වෘක්ෂ පූජාව සිදුකරන ලද අතර,   ඒ සඳහා එවකට පරිසර අමාත්‍යාංශයේ ලේකම් සිරිල් පල්ලෙගෙදර  මහතාණන් ද බෙහෙවින් උපකාර කරන ලදී.

 ඒවක ජාතික පුවත් පත ලෙස පැවැති ‘’දිනමිණ’’ පත්‍රයේ කර්තෘ තුමා විසින් කතු වැකි වලින් පවා ඇගයීමට ලක් කළ අපේ අහිංසක මෙහෙවරට ‘’දෙපා සතුන්’’ කීප දෙනෙකු විසින් මරු පහරවල් එල්ල කළ ද බුද්ධිමත් ලෝකයා විසින් සංගමයට මහත් හරසර දක්වන ලදී. ඒ නිසාම  ඉන්දියන් සාගරයේ පුංචි දූපතක් වන අපේ ආදරණීය මව්බිමේ දස්කම් විස්කම් පෑ දරුවන්  සමග මවුපියන් සහ ගුරුවරුන් ද ඇතුළත්ව අටසීයක් පමණ  පිරිස ලොවපුරා රටවල් විසි ගණනක විවිධ වැඩසටහන් වලට සහභාගී කරවීමේ වාසනාව සංගමයට උදාවිය. බලෙන් යට කරගෙන තිබෙන මෙම පරම සත්‍යය නැවත වරක් තහවුරු කරමින් ලෝකයේ විශාලතම පාරිසරක සංවිධානය මෙහෙයවන පින්ලන්තයේ පාරිසරක විධායක මිකා වැන්හානන් මහතා විසින් පසුගියදා රට පුරා පවත්වනු ලද ලෝක රුක් රෝපණ වැඩසටහන වෙනුවෙන් ාත්‍යන්තර සහතිකයක් සංගමයට පිරිනමා ඇත. එම සහතිකය රුක් රෝපණයට සහභාගීවූ සියලු දරුවන්ට උපහාරයක් වේවා. සාධාරණ ය හෙළිවෙමින් පවතින මෙවන් යුගයක  හෝ  අද දක්වාම අහිංසක දරුවන් වෙනුවෙන්  සේවය කිරීම වෙනුවෙන්  යුනෙස්කෝ මූලස්ථානයෙන්  අප වෙත තිළිණ කළ තවමත් නිලධාරීන් විසින් බලෙන් රඳවාගෙන තිබෙන අපේ ඩොලර් 2500 තෑග්ගේ  ඉතිරි කොටස  සංගමයට හිමි වේවා යන්න අපේ අහිංසක ප්‍රාර්ථනයයි. 

සාධාරණ සමාජයක දී එය ඉටු වන බව අපේ  පරම විශ්වාසය යි. 



Comments

Popular posts from this blog