ජේෂ්ඨ මාධ්‍යවේදී විදුර අභයනායකයන් සමඟ කළ සාකච්ඡාවකට........
ජේෂ්ඨ මාධ්‍යවේදී විදුර අභයනායකයන් සමඟ කළ සාකච්ඡාවකට අනුව මා විසින් රටවල් විසි දෙකක් පුරා සිදුකළ සංචාරයන් අතර මගේ ප්‍රථම සංචාරය සම්බන්ධව තවමත් මතකයේ පවතින කරණු කීපයක් ! මගේ ප්‍රථම විදේශීය ගමනේ අමතක නොවන අත්දැකීම්. අපේ දිගු දුරකථන සාකච්ඡාව අවසන් වුණේ මා ගිය විදේශ රටවල් මොනවද කියන ප්‍රශ්නයෙන්; ඔබතුමාගේ ඒ ප්‍රශ්නයට මා හැඳිනීමක් ලබාදෙන්නම්. මගේ ජීවිතයේ ප්‍රථම වතාවට විදේශීය සංචාරයක යෙදුණේ එක් දහස් නවසිය අසු හතේ අවුරුද්දේ. ඒ තමයි ඉන්දියාවේ මහත්මා ගාන්ධි නගරය ලෙස ප්‍රසිද්ධ වෙලා තියෙන ‘’ අහමදාබාද්’’ නගරයේ පැවැත්වූ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සංවිධානය කල ළමා අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සමුළුව. මේම සමුළුව විශේෂයෙන්ම ආරම්භ කරන ලද්දේ එවකට saarc රටවල් වශයෙන් තිබුණු ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, නේපාලය, භූතානය, මාලදිවයින සහ ශ්‍රී ලංකාව යන රටවල් හතේ ළමා අයිතිවාසිකම් පිළිබඳ නව සංවිධානය පිහිටුවීම පිළිබඳ කරුණු හඳුන්වාදීම සඳහා. ඒ කාලයේ ලංකාවේ ළමා කටයුතු පිළිබඳව කොළඹ ළමා පොත් සංගමය අද්විතීය මෙහෙවරක යෙදී ස...