ශ්‍රී ලංකා ළමා සාහිත්‍යයේ නොමැකෙන සිහිවටන; ළමයින්ට ළමයින් විසින් පොත් ලිවීම නොකළ යුක්තක්ය යන සමාජ ස්ථාවරය දෙදරවා හරිමින් යුනෙස්කෝ මූලස්ථානයේ උපදෙස් පරිදි කොළඹ ළමා පොත් සංගමය විසින් ඉතිහාසයේ ප්‍රථම වරට ළමයින් විසින් ලියන ලද පොත් ළමයින් සඳහා සුදුසුය’ යන අදහස සනාථ කෙරෙමින් නව ළමා සාහිත්‍යයේ ප්‍රගමනයේදී ලේඛක වරම් ළමයින් සඳහා උදාකර දීමේ උදාර කටයුත්ත 1985 දී පමණ ආරම්භ කරන ලදී. එදා සිටම පැවැති ළමා කුසලතා වර්ධනය වන සුවිශේෂී ළමා සාහිත්‍යය වැඩසටහනක් වන ‘’ වසන්ත ළමා කඳවුරේ’’ දී ලංකාවේ ්‍රථම ළමා ලේඛකයා බිහි වුන අතර, ඔහු උකුවෙල නිශාන්ත කුමාර නැමැති කුසලතා සපිරි දරුවෙක් විය. ඇතැම් සාහිත්‍යධරයන්ගේ මහත් විවේචනයට හේතු වූ මෙම වැඩසටහන සඳහා විනිශ්චයකරුවන් ලෙස මහාචාර්ය සුනන්ද මහින්ද, සාහිත්‍ය සූරී එඩ්වින් ආරියදාස සහ ජනප්‍රිය චිත්‍ර ශිල්පිනී සිබිල් වෙත්ත සිංහ මහත්මිය සහභාගි කරවා ගැනීමට සංගමයට හැකි විය. එබැවින් එම වැඩසටහනට විරුද්ධ වන්නා සේම ආසිරි පතන්නන්ද සමාජයෙන් බිහි විය. ළමයින් සඳහා ළමයින් විසින...
Posts
Showing posts from February, 2024
- Get link
- X
- Other Apps
Children’s Literature; ශ්‍රී ලංකාවේ පැරණි තම ප්‍රකාශන ආයතනයක් වන ‘දැනුම ප්‍රකාශයකයෝ ‘ යටතේ ආරම්භක සමයේදී කොළඹ ළමා පොත් සංගමය විසින් ළමා පොත් එකින් එක ප්‍රකාශයට පත් කරමින් මෙරට ළමා සාහිත්‍යය පිළිබඳව යෝද වැඩසටහනක් දියත් කරන ලදී. 1999 වසරේ දී ළමා පොත් සංගමය විසින් නිකුත් කරන ලද 185 වැනි ළමා පොත වුයේ ‘’ ‘’ අපට කුමටද භේද’’ යන ළමා පොතයි. ඉතිහාසයේ ප්‍රථම වතාවට මහියංගනයේ බින්තැන්න වැදි ජනපදයේ දී ළමා පුස්තකාලයක් පිහිටවූ ින් අතැර සංවිධානය කිරීමෙහි ලාභය මූලික වුණේ හියංගන වැදි ජනපදයෙන් ප්‍රථම වතාවට සරසවියට ගිය දඹානේ ගුණවර්ධනය මහතාය. කොළඹ ළමා පොත් සංගමය මහියංගන ජාතික පාසල කේන්ද්‍ර කොට ගෙන විශේෂයෙන්ම ළමා සාහිත්‍යය වැඩසටහන් මාලාවක් දියත් කරන ලදී. මෙම සජීවී වැඩසටහන පිළිබඳව එවකට මහියංගන ජාතික පාසලේ විදුහල්පති ඒ ඩබ්ලිව අබේරත්න බණ්ඩා මහතා තැබූ සටහනක මෙසේ සඳහන්ය. ‘’ කොළඹ ළමා පොත් සංගමය ජාතියේ අනාගත පරපුර ලේඛන කලාවට හුරු කිරීමේ ජාතික මෙහෙවරට දායක වී සිටීම ප්‍රශංසා කළ යුතු වටිනා කටයුත්තක් වෙයි. ‘’ කුසට ආහාර මෙන් මොලයට පොත්පත්’...
- Get link
- X
- Other Apps
මෙවර ලංකාදීප පුවත්පතේ තක්සලාව අතිරේකය තුළින් සුවිශේෂී චරිතයක් හඳුන්වා දී තිබුණි. ‘’ වගකීමට වඩා වග වීම අදහන අතිරේක ලේකම්වරිය’ නමින් එම සටහන ලියා තිබුණේ අප සංගමයේ සුවිශේෂී චරිතයක් වන අනුෂා ගෝකුළු මැතිණිය පිළිබඳවයි. එම පුවත ළමා පොත් සංගමයේ දෙස් විදෙස් ියලු සාමාජික සාමාජිකාවන්ගේ ආදරයට හා ගෞරවයට පාත්‍ර වනු නිසැකය. අපිදු එසේම ඊට හරසර දක්වමු. අනුෂා ගෝකුල යනු තම ජීවිතයේ ළමා කාලය - ළමා පොත් සංගමය තුළින්ම පෝෂණය කරගත් කුසලතා සපිරි චරිතයක් වීම ඊට ්‍රධාන හේතුවයි. පසුකාලීනව සමස්ත ජනතාව අතරම බැබලෙන චරිතයක් බවට පත්ව සිටින ඇයගේ ජීවිත කතාව අපේ වත්මන් සාමාජිකයන්ට හඳුන්වා දීම අපගේ වගකීමක් සේම යුතුකමක් වන බව අපි අදහමු. ඊට හේතුව වන්නේ අප නිරතුරුවම කතා කරන ළමා කුසලතා වර්ධනය සඳහා හොඳම ආදර්ශයක් ඇය විසින් සමාජයට සපයා දී තිබීමයි. 40 වසරකට වැඩි ළමා පොත් සංගමයේ දිගුකාලීන වැඩසටහනට මෙම ආදර්ශමත් චරිත කතාව සැබෑ සවියක් වන්නේමය. එවැනි ආදර්ශවත් චරිත අද ජීවත් වන ළමා පරපුරට හුවා දැක්වීමෙන් ළමා පොත් සංගමය සමාජයට සිදු කරන මහා මෙහෙ...