Posts

Showing posts from February, 2023

පළිහක්කාර මාතාවට නිවන් සැප ලැබේවා!

  පළිහක්කාර මාතාවට නිවන් සැප ලැබේවා! ආදරණීය කපිල පුතණුවනි,  ගමෙන් කොළඹ ආ මගේ ජීවිතයට නවතම ආලෝකය හම්බවුනේ පලිහක්කාර මහත්මිය අතින්. ඒ පිලිබද ආදර ගෞරවය මගේ හදවත තුළ නොකඩවා ම අදටත් පවතිනවා. එතුමියගේ දුකසැප වරින් වර හෝ ටිකෙන් ටික දැනගන්න ලැබෙන අවස්ථාවල මා දැනගෙන සිටියා. බැරිම අවස්ථාවල පිලියන්දල ගෙදරින් හෝ තොරතුරු මං අහගෙන හිටියේ. අවාසනාවට nelika දියණිය අපෙන් සමුගත් පසු ඔබ රටෙන් ඈත් වුණු පසු ඒ සබඳතා දුරස් ව ගියා.  නමුත් පියතුමාගේ අවමඟුලේදී හෝ ඔබ ඇතුළු සහෘදයන්ගේ මුහුණු බලා යාමට අවස්ථාව ලැබුණත් මහත් අවාසනාවන්ත ලෙස  මගේ  සැත්කමෙන් පසුව ගමන් බිමන් වල යෙදීම සීමිතව හිටින  නිසා  ඔබගේ ආදරණීය  අම්මා බලන්න යන්න වත් අවස්ථාව අඩුවෙලා තිබුනේ.  නමුත් කෙසේ හෝ ඇයගේ අවසන් කටයුතු ආරංචි වුණොත් වාහනයක් රැගෙන හෝ එහි යන්න මගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා. ඒක මගේ ආත්මයට සනීපයක්. පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුම ගෞරව සම්මාන නාම මා  වෙත  ලැබුණේ පලිහක්කාර මාතාව නිසා බව මා හොඳාකාර දන්නවා. ඒ ණය ගෙවන්න මා එතුමියගෙ අවමගුල් අවස්ථාවට සහභාගී වෙන්නම ඕනෑ.  නමුත් නොහිතපු අවස...
Image
  ජනපති  නෙල්සන් මැන්ඩෙලා මැතිතුමන් දේශපාලන කරළියට  ගෙන ඒම’ නෙල්සන් මැන්ඩෙලා මැතිතුමා පිළිබඳව ශ්‍රී ලංකාවේ දේශපාලන කරලියේ ඇසෙන කතා දැන් දැන් අපේ කාටුන් ශිල්පීන් ගේ ද මාතෘකා බවට පත්වෙමින් ඇති බව  මාධ්‍ය ප්‍රවෘත්ති ඔස්සේ අපට ඇසේ - පෙනේ.  නෙල්සන් මැන්ඩෙලා නමැති උදාර චරිතය පිළිබඳව  මුල්වරට  ්‍රී ලංකා සමාජයට හඳුන්වාදීමේ ගෞරවය හිමිවන්නේ කොළඹ ළමා පොත් සංගමයටය.  1995 වර්ෂයේ සිම්බාබ්වේ හරාරේ  නුවර පැවැත්වූ පොදු රාජ්‍ය මණ්ඩලයේ  මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සමුළුවට ශ්‍රී ලංකාවේ නියෝජිතයකු  එදා යැවීමට අවශ්‍ය වූ අවස්ථාවේදී එවක මෙරට පැවති  අතිබිහිසුණු වාතාවරණය නිසාම රජයට කිසිදු  මැති ඇමති වරයකු හෝ නිලධාරියෙකු ඒ සඳහා තෝරා ගැනීම දුෂ්කර විය. ඊට හේතු ඒ කාලේ ලෝකය පුරා ශ්‍රී  ලංකාව ‘’මිනී කන්නන්ගේ දේශය’’ නමින් ්‍රසිද්ධ වී තිබීම. එසේම කොටි බලය සියළු බලයන් අභිබවා තිබූ සමයක  දකුණු අප්‍රිකාව පවා ජාත්‍යන්තර ඩයස්පෝරාව යට කර තිබූ සමයක සමුළුවකට යාම මාරයා සමග කරන සෙල්ලමක් බව හැම දෙනාම දැන සිටි නිසා රජයේ මැති ඇමතිවරුන් හෝ නිලධාරියකු ...