Posts

Showing posts from January, 2023

ලීලා අක්කාගේ උපන්දිනය;

Image
             ලීලා අක්කාගේ උපන්දිනය;  අද 2023 ජනවාරි එකොළොස් වැනි දින අලුයම එකයි තිහයි. ලීලා අක්කාගේ උපන්දිනය සමරන අද දවසේ අපේ ජීවිතවල අතීත කතා නැවත සිත්තම් මාලාවක් ලෙස මතුවෙමින් එයි.  සුන්දර ගම්මානයක ජීවත්වීමේ වරම් ලද මා ගමේ ගුරු සේවයෙන් ඈත්ව කොළඹ නගරයට ඒමට සිදුවූයේ බැංකු සේවය සඳහාය. එකල  කෑගල්ල දිසාවේ හොඳම කෙටිකතා කරු සම්මානය මෙන්ම ‍රාජ්‍ය සාහිත්‍ය උළෙලේ දී දිවයිනේ හොඳම විද්‍යා  ලේඛක  ාජ්‍ය  සම්මානය මෙන්ම සාමාන්‍ය පෙළ සඳහා මා ලියූ සරල ගණිතය ‍  අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අනුමත කළ ප්‍රථම ගණිතය පොත වීම ආදී කරුණු හේතුවෙන්, බැංකු සේවයට අමතරව මට පොලිස් දෙපාර්තමේන්තුවේ  ංග්‍රීසි ගුරු උපදේශකවරයකු ලෙස කටයුතු කිරීමේ අවස්ථාවක් උදා විය. එවක පොලිස් නිලධාරීන් බහුලව සිටි කොම්පඤ්ඤ වීදිය පොලිස් නිවාස වල  නතර වී  අධ්‍යාපන කටයුතු යෙදීමට මට විශේෂ අවසරයක් හිමිවිය. බැංකු මූලස්ථානයේ සේවය කළ මට ාර්යාලයට පයින් ඇවිද යාමේ දුරින් පිහිටි නවාතැනක් හිමිවීම විශේෂ භාග්‍යයක් විය.  පසුකාලීනව මගේ මෑණියන් අසනීප වූ විට ඇය සමගම එහි නතර...